ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම සොයා ගැනීම ලෙස සැළකෙන අකිල ධනංජයට අද දිනයේදි එක්දින වරම් ලැබීමට ඉඩ ඇති බවක් පල්ලෙකැලෙන් වාර්තා වෙනවා.ඉකුත් එස්එල්පීඑල් තරගාවලිය හරහා කරළියට පැමිණි පානදුර මහානාම විද්‍යාලයේ සිසුවෙකු වන අකිල,ඉකුත් 20 /20 ලෝක කුසලාන තරගාවලියේදී අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැපි පෙනෙන දස්කම් දැක් වූවා.බොහෝ කාලයකට පසුව ජාතික කණ්ඩායමට පාසල් අවධියේදීම ඇතුළත් වන්නට තරම් භාග්‍යවන්ත වූ ක්‍රීඩකයා වන අකිල ධනංජය,ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ශ්‍රී ලංකාව ජයගත් තරගයේදී දග පන්දු යැවීමේදී නවසීලන්ත පිතිකරුවන් රංගන හේරත්ට මුහුණ දුන් අසීරුව සළකා අද තරගයට ඔහුව ඇතුළත් කිරිමට ඉඩ තිබෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.එසේ වුවහොත් කණ්ඩායමෙන් පිටතට යාමේ වැඩි අවධානමක් එල්ල වන්නේ ජීවන් මෙන්ඩිස් වෙත වන අතර ඇතැම් විට වේග පන්දු යැවීමේ බල ඇණියේ හිස් තැනක් ඇති කර ඒ සදහා අකිල ඇතුළත් කිරිමට ඉඩක් ඇති බවද වාර්තා වෙනවා.කෙසේ හෝ අද දවසේ තණතිලි පරික්ෂාව සිදුවන තෙක් අකිලගේ සහභාගීත්වය ස්ථීර නොවනු ඇති බව එම ආරංචි මාර්ග තව දුරටත් පැහැදිළි කරනවා.
මේ අතර නවසීලන්ත කණ්ඩායමේ නායක රොස් ටේලර් ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය පහ වී යහපත් තත්ත්වයට පත් වී ඇති බැවින් ඔහු අද නියත වශයෙන්ම තරගයට ඉදිරිපත් වන බව නවසීලන්ත ක්‍රිකට් ආරංචි මාර්ග සටහන් කරනවා.නමුත් අද නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් වෙනුවට බ්‍රෙන්ඩන් මැකලම් ද,ඇන්ඩෘ එලිස් වෙනුවට ජේකබ් ඕරම් ද යොදා ගැනීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment