ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරදවා ජයගත් කොමන්වෙල්ත් බැංකු කුසලාන දෙවන අවසාන තරගයේ දී මහේල ජයවර්ධනට සිය තරග මුදලින් සියයට දහයක මුදලක් දඩ මුදල් වශයෙන් අය කර ගන්නට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කර තිබෙනවා.ඒ මේ ප්‍රවෘත්තිය සමග පළවන වීඩියෝ දර්ශනය මගින් පැහැදිළි කරන පරිදි තරග විනිසුරු බෘස් ඔක්සෙන්ෆෝර්ඩ් සමග ඇති කර ගත් ආරාවුලක් නිසයි.එම ආරාවුලට මුල එම විනිසුරුවරයා පිතිකරු මයිකල් ක්ලාක් ගේ ඉල්ලීමට නිපන්දුවක් ලබා දීමයි.එසේම ආසන්නයේ සිටින පන්දු යවන්නාගෙන් හෝ තෙවන විනිසුරුගේ තීරණයකින් තොරව හතරේ පහරකට එම විනිසුරුවරයා ලබා දෙන හයේ පහරත් පසුව කරන ලද ඉල්ලීමකට අනුව වෙනස් වෙනවා.
මේ ආකාරයට මහේල ගේ හැසිරීම යම් දඩයකට යටත් වන්නේ නම් විනිසුරුවරයා සිය කාර්ය ඉටුකළ ආකාරය ද අභියෝගයට ලක්විය යුතු වෙනවා.මෙම විනිසුරුවරයාම ඕස්ට්‍රේලියාව පන්දු රකින විට පන්දු යවන්නන්ගේ නිපන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටියා.ඒ එක පන්දුවකට මහේල ජයවර්ධන දැවී ගියත් අනෙක් අන්තයේ සිටි තිලකරත්න ඩිල්ෂාන් පන්දු යවන්නා නිපන්දුවක් යැවූ බව ප්‍රකාශ කිරීමෙන් පසුව කළ පරීක්ෂණයකින් එය නිපන්දුවක් බව සහතික වූවා.
වැඩි අත්දැකීම් නැති මෙම විනසුරුවරයා ගේ ඇතැම් හැසිරීම් ඔහු ක්‍රීඩා කිරීමට යෙද වූ අයෙක්දැයි සිතන තරමට සැක ඉපැද්දූ අතර 1996 දී ශ්‍රී ලංකාවේ පීඩනයෙන් ගැලවීමට ඕස්ට්‍රේලියාව විනිසුරුවන් යොදා ගත් ආකාරයෙන් මෙවරත් රොස් ඉමරසන් ගේ හෝ ඩැරල් හෙයාර් ගේ ක්‍රියාවලිය කිරීමට ඔක්සෙෆෝන් යොදා ගන්නේ දැයි සැක සහිතයි.තරග තීරක ලෙස ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් දැක්මක් නැති ක්‍රිස් බෝඩ් කටයුතු කරන තත්ත්වයක අවසාන තරගයේදි ශ්‍රී ලංකාවට 13 දෙනෙකු සමග ක්‍රීඩා කිරීමට සිදුවේදැයි සැක සහිතයි.
www.supirikrida.com
No comments:
Post a Comment