ඒ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් වැසි සහිත කාලගුණ තත්ත්වයද නොතකා සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටින බව එහි සිටි අප නියෝජිතයෙකු ප්‍රකාශ කළා.
'හුගක් අය දවල්ට කෑමත් ඕඩර් කරලා' තරගාවලියට සංවිධානාත්මකව තරග වදින ආයතන ඒ වන විටත් ක්‍රීඩක ක්‍රීඩිිකාවන්ගේ දිවා භෝජනය පවා ඇණවුම් කර තිබෙන බව ඔහු පෙන්වා දුන්නා.
'සමහර අයට එන්නම බැරි තත්ත්වයක් තියෙන බව දැන ගන්න ලැබුණා.'ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග අදහස් හුවමාරු කර ගත් අප නියෝජිතයා පැහැදිළි කළා.
දින ගණනක් තිස්සේ එක දිගට පවතින තත්ත්වය නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවල දෛනික ජීවිත විශාල වශයෙන් අවුල්ව තිබෙන බවත් ප්‍රවාහන පහසුකම් බිද වැටී තිබෙන බවත් දින ගණනක සිට දැන ගෙන තිබියදී තරගාවලිය පැවත්වීම කල් දැමීම පමා කිරිම තරගාවලිය පැවත්වීමට යෝජනා කර තිබූ දිනයේ තරග ආරම්භය ආසන්න වන තෙක්ම කල් දැමීම පිළිබදව තීරණය නොකිරීමෙන් විදින්නට වූ අපහසුව ගැන බොහෝ ක්‍රීඩක ක්‍රිඩිකාවන් කණස්සල්ලෙන් පසුවන බව ද සදහන් වෙනවා.
'අපට ඕවා කතා කරන්න බෑ' සංගමයේ ප්‍රදාන බලතල සදහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් පත් වී සිටීම නිසා තමන්ට අකටයුත්තක් වේය යන බියෙන් ත්‍රිවිධ හමුදාවල පහල නිලයන්හී සිටින බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත් වී තිබෙන අපහසුතාවය ගැන කතා කරන්නට යාමෙන් වැළකි සිටිමින් ප්‍රකාශ කළා.කෙසේ හෝ අයහපත් කාලගුණ තත්ත්වය නිසා තරගාවලිය නොපැවත්වීම ගැන සුපිරික්‍රීඩා ද එකල අතර නමුත් අඩුම තරමේ ඊයේ දවසේදී හෝ මේ පිළිබදව සාකච්ඡා කර තරගාවලිය කල් දැමීම පිලිබදව ප්‍රසිද්ධ කළේ නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත් වූ අපහසුතාවය වළකා ගන්නට තිබුණු බව අප ද පිළි ගන්නවා.
www.supirikrida.com
No comments:
Post a Comment