තරගයට පෙරාතුව පෙර පුහුනුවීම් ධාවන පථයේ සිට බෝල්ට් ජැමෙයිකානු ක්‍රීඩක වැරන් වෙයාර් සමග රැදෙමින් ඔහුට අවවාද දෙමින් ක්‍රියා කරන අයුරු රූපවාහිනි දසුන් වලින් පැහැදිළි විය.එහි ප්‍රතිපලය ලෙස වර්ථමානයේ උසෙයින් බෝල්ට් ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන ජැමෙයිකාවේම යොහාන් බ්ලේක් තත්පර 19.44 ට තරගය නිමා කරමින් සිය කාලීන හොදම දක්ෂතාවය දක්වමින් රිදී පදක්කම දිනා ගනිද්දී වැරන් සිය හොදම දක්ෂතාවයට පිවිසෙමින් තත්පර 19.84 කින් ඉසව්ව නිමා කරමින් තරගයේ ලෝකඩ පදක්කම ද ජැමෙයිකාවට දිනා දීමට සමත් විය.
තරගයේ සිව්වන ස්ථානය දිනූ ඇමෙරිකාවේ වොල්ස් ස්පියර්මන් ද සිය කාලීන හොදම දක්ෂතාවය දක්වමින් තත්පර 19.90 කින් තරගය නිමි කිරීමට සමත් විය.
www;supirikrida.com
No comments:
Post a Comment