දෙවන ස්ථානය දිනා ගත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරග ජයග්‍රාහකයා වූ බොට්ස්වානා හී අමොස් නයිජල් නව බොට්ස්වානා ජාතික වාර්තාවක් තබමින් විනාඩි 1:41.73 කින් තරගය නිමා කළේය.තෙවන ස්ථානය කෙන්යාවේම කිතුම් තිමොතිට හිමි වූ අතර ඔහු වාර්තා කළ විනාඩි 1:42.53 ඔහුගේ හොදම කාලය විය.පිළිවෙලින් සිව්වන ස්ථානය සහ පස්වන ස්ථානය දිනූ ඇමෙරිකානු ක්‍රීඩකයන් වන ඩවන් සොලමන් (1:42.82) සහ නික් සයිමන්ඩ් ද (1:42.95) සිය හොදම පෞද්ගලික කාලයන් වාර්තා කළේය.
හත්වන ස්තානය දිනූ ඉතියෝපියාවේ අමාන් මොහොමඩ් නව ඉතියෝපියානු වාර්තාවක් තැබිමට සමත් වූයේ විනාඩි 1:43.20 ක දක්ෂතාවයක් දක්වමින්ය.තරගයේ අවසාන ස්ථානයට (8) පත් වූ බ්‍රිතාන්‍යයේ ඔසාජි ඇන්ඩෘ ද සිය හොදම පෞද්ගලික දක්ෂතාවය දැක් වූවේ 1:43.77 ක කාලයක් වාර්තා කරමින්ය.
www.supirikrida.com
No comments:
Post a Comment