Aug 11, 2012

ඩිබාබා ගේ සිහිනය බොද වෙයි

Athletes compete in the women's 5000m Final on Day 14තිරුනේෂ් ඩිබාබා ඔලිම්පික් උළෙල දෙකක දී මීටර් 10000 සහ 5000 යන ඉසව් ද්විත්වය වෙනුවෙන් රන් පදක්කම් ලබා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරමින් ඉතියෝපියවේම මෙසරෙත් ඩිෆා එහි රන් පදක්කම දිනා ගත්තාය.2008 බීජිං ඔලිම්පික් උළෙලේ මීටර් 10000 සහ 5000 ඉසව් ද්විත්වය වෙනුවෙන් රන් පදක්කම් දිනා සිටින ඩිබාබා මීටර් 5000 කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව වන විනාඩි 14:11.15 ක කාලයේ උරුමක්කාරිය ද වන්නීය.
මෙවර ද මීටර් 10000 ඉසව්වේ රන් පදක්කම දිනා  ගැනීමට ඩිබාබා සමත් වූ අතර මීටර් 5000 ඉසව්වේ දී මෙසරෙත් ඩි‍ෆා රන් පදක්කමද ,කෙන්යාවේ විවියන් චැරියට් රිදී පදක්කම ද දිනා ගනිද්දී 27 හැවිරිදි ඩිබාබා ට හිමි වූයේ ලෝකඩ පදක්කමය.2004 වසරේ සිට ඔලිම්පික් තරග සදහා සහභාගි වන ඩිබාබා 2004 දී සිය පළමු ඔලිම්පික් පදක්කම දිනා ගත්තේ ද මීටර් 5000 ඉසව්වට ය.ඒ ලෝකඩ පදක්කමක් වූ අතර මෙවර දිනා ගත් ලෝකඩ පදක්කමත් සමග ඇයට ඔලිම්පික් ලෝකඩ පදක්කම් දෙකක් සහ රන් පදක්කම් තුනක හිමි කාරිත්වය ලැබෙන්නේය.
ඩිබාබා තෙවන තැනට පත් කළ මෙසරෙට් විනාඩි 15:04.25 කින් ද,චැරියට් විනාඩි 15:04.73 කින් ද නිමා කරමින් පිලිවෙළින් රන් සහ රිදී පදක්කම් වලට හිමිකම් කීහ.ඡායාරූයේ දැක්වෙන්නේ මෙසරෙට් තරගය ජයගත් අවස්ථාවය.
www.supirikrida.com

No comments: