පන්දු යවන්නන් වරගීකරණයේ මුල දස දෙනා අතර ශ්‍රී ලංකාවේ අජන්ත මෙණ්ඩිස් (4) සහ ලසිත් මාලිංග (7) දකින්නට ලැබුණත් අජන්තගේ සේවය ද ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ.ඒ ඔහුද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු නොවන බැවින්.
තුන් ඉරියව් ක්‍රීඩකයන් සළකා බලද්දී මුල් දස දෙනා අතර අටවන තැන සිටින ටීඑම් ඩිල්ෂාන් ගේ පන්දු යැවීමට නායක මහේල ජයවර්ධන ප්‍රිය කරන බවක් නොපෙනෙන නිසා ඔහුගෙන් කාලයක සිටම තුන් ඉරියව් දස්කම් නෙලා ගැනීමක් සිදු වන්නේ නැහැ.ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින විශ්වසනීයම පන්දු රකින්නා වන ඩිල්ෂාන්ට නායකත්වයෙන් සමුගැනීමෙන් පසු ඇතැම් තරගයක දී පන්දු ඕවර් කිහිපයක් එපා වාහෙට හොදි බෙදන්නාක් මෙන් ලැබුණා හැරෙන්නට ඔහුගෙන් පන්දු යැවීමේ සේවය ලබා ගැනීමට මහේල සුදානම් නැති බවක් පෙනෙන්නට තිබෙනවා.ඒ නිසා එම වර්ගීකරණයේ 10 වන තැන සිටින ඇන්ජලෝ මැතිව්ස් හැරෙන්නට අප කණ්ඩායමට අලුත්ම තුන් ඉරියව් බලාපොරොත්තුව වන තිසර එකතු වෙනවා.
කෙසේ හෝ ඉන්දීය තරුණ ක්‍රීඩකයන් වඩා විශ්වාසයකින් සිටිනවා.ඒ සීමිත පන්දුවාර තරගාවලිය ජයගැනීම නිසාම ඔවුන් සතුව සිටින සියළුම ක්‍රීඩකයන් අයිපීඑල් තරගාවලියේ ටී - 20 සංස්කෘතිය ඇතුළත හොදින් දක්ෂතා දැක් වූ පිරිස වීමත් නිසා.මේ තත්ත්වයට සංඛ්‍යාලේඛණ වල ඉදිරියෙන් සිටීමේ තත්ත්වය ප්‍රායෝගිකව ගලපා ගැනීමේ අභියෝගය හෙට පල්ලෙකැලේ දී ශ්‍රී ලංකාවට බාර ගන්නට සිදු වෙනවා.දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ගොදුරුව සිටීම මෙන්ම දක්ෂතා ඇති අයගෙන් ප්‍රයෝජනයට ගැනීමට නායකයා දක්වන උනන්දුවට සාපේක්ෂව තරගයේ තීරනය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ඇති ඉඩ තීරණය කරනවා.පොතේ ලකුණු හදන පිළිවෙළට ලංකාව පෙරමුණේ සිටියද යථාර්තය නම් මේ මොහොත වන විට පිටියේ ලකුණු ලබා ගැනීමේදී මෙන්ම ප්‍රතිවාදීන් ගේ ලකුණු ලැබීම වැළැක්වීමට ඇති හැකියාව අතිනුත් ඉන්දියාව ඉදිරියෙන් සිටිනවා.මේ සදහා පොත් පෙරළීමෙන් තොරව සැබෑ යථාර්තය තෝරා ගෙන සැබෑ දක්ෂතා ප්‍රයෝජනයට ගැනීමට මහේල ජයවර්ධන දක්වන වෙහෙස සහ කැපවීම මත මිස ඔහුගේ පෞද්ගලික රුචි අරුචිකම් මත සිය ක්‍රිකට් දැණුම පරිශිලනය කිරීමෙන් ජයග්‍රහණය ලැබීමට යාමනම් විශ්වාස කිරීමට අපහසුයි.
www.supirikrida.com
No comments:
Post a Comment