දක්ෂයන් මෙන්ම දක්ෂතා අතර නැති කිහිප දෙනෙකුටද එම සංචිතයේ වාසනාව තිබෙන බැවින් හදිසියක දී වෙනුවට යෙදීමට ඉන්නේ එවැනි වාසනාවන්තයන් නිසා දක්ෂතා සුරැකෙන්නේ නැති අඩුව පසුගිය කාලයේම දකින්නට ලැබුණත් එවැනි වාසනාවන් පහළවීම පිළිබදව ජනතාවට ඇති කුහුල නිවා ගන්නට ජනමාධ්‍ය්‍යට මුහුණ දීමට තරම්වත් හැගීමක් නැති තේරීම් කමිටුව දිගින් දිගටම වදුරෙකුට දැලි පිහියක් ලැබුණු ආකාරයෙන් හැසිරෙමින් සිටිනවා.නමුත් ඔවුන් ට පෞද්ගලිකව කිසි හානියක් නොවන අතර ඔවුන් දිගින් දිගටම තේරීම් කමිටුවේම සිටින අතර ඔවුන් ගේ දැලි පිහි පහරින් තුවාල ලබන්නේ දක්ෂයන් සහ ක්‍රීඩාව වීම ඛේදණීය තත්ත්වයක් බවට පත් වී තිබෙනවා.
මේ තත්ත්වය මත පැවති එකම 20 - 20 තරගයේදී ශ්‍රී ලංකාව ජගත් ශ්‍රේණිගත කිරීම් වල තමන්ට ඉදිරියෙන් සිටීම පිලිබදව තැකීමක් නොකරන ඉන්දියාව කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ලකුණු 39 කින් පරාජය කරන්නට සමත් වෙනවා.පල්ලෙකැලේ ක්‍රීඩාංගණ ඉතිහාසය ගැන සොයා බලද්දී එහි සාර්ථකම පිතිකරුවා වන ටීඑම් ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී යාම මෙන්ම එම තණතිල්ලේ ඉතාමත් හොදින් පන්දු යවා ඇති ඩිල්ෂාන් පන්දු නොයැවීමද යම් ආකාරයක බලපෑමක් කළ බව මෙහිදී සිහිපත් කළ යුතුයි.දිගින් දිගටම ඔහුගේ කණ්ඩායමට ඇති අවශ්‍යයතාවය පිතිකරණය පමණක් යන්න ඔහුටම ඒත්තු යන පරිදි ඔහුගේ ක්‍රිකට් ජීවිතය විනාශ කිරීමට කාට හෝ ඇති උවමනාවක් හෝ තමාට ඇති උවමනාවක් හෝ මහේල විසින් ඉටු කරමින් තිබෙන බව පැහැදිළි වුණත් කිසිදු බලධාරියෙකු ඒවා සංඛයා ලේඛන සමග සංසන්දනය කරමින් කතා කිරීමට ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක්.
එම නිසා මෙම තරගාවලියේදී අවස්ථානුකූලව පිතිකර'නයේ නොයෙදීම ලෙස පරාජයේ හේතුව හුවා දක්වන්නට මහේල කටයුතු කරද්දී ඔහු ද කණ්නාඩියක් ඉදිරිපිට සිට අවස්ථානූ කූලව නායකත්වයේ වගකීම ඉටු නොකළ බවට ද දෙස් දෙවොල් තැබිය යුතුව තිබෙනවා.
කෙසේ හෝ ඉතාමත් දක්ෂ තරුණ කණ්ඩායමක් ලෙස ඉන්දීය සංචාරයට එක් කර තිබූ එකම 20 - 20 තරගයේ සෑම අතින්ම ඉදිරියෙන් සිටි ඉන්දියාව එම තරගය ජයගත් බව කිව යුතුයි.ඒ නිසා එම ජයග්‍රහණය වාසනාවන්ත එකක් නොවන අතර කළයුතු දේ නිසි වේලාවට නිසි පරිදි කිරීමේ භෞතික තත්ත්වයන් විසින් ඉන්දියාවට ලබා දුන් ජයග්‍රහණයක් ලෙස අර්ථ දැක්විය යුතුයි.
20 - 20 තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය මගින් පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564786.html
www,supirikrida.com
No comments:
Post a Comment