තරගාවලිය පුරා ලැබුණු අවස්ථාවන් හී විශිෂ්ඨ දක්ෂතා පෙන් වූ ජීවන් මෙණ්ඩිස් ලකුණු 72 ක් රැස් කළ අතර කෙතරම් අසාර්ථක වුව ද ඩොලර් මලු පුරවා ගැනීමේ භාග්‍යය ලබමින් සංචිත ගත වන්නට වාසනා ගුණයෙන් දිල්හාර ප්‍රනාන්දුට ද අභියෝග කළ හැකි තත්ත්වයට වර්ධනය වෙමින් සිටින චාමර කපුගෙදර කන්ඩායමේ ජ්‍යෙෂ්ටයන්ගේ සහ තේරීම් කමිටුවේ සෙනෙහස මිස මේ මොහොතේ තමන් දක්ෂතා අතර නැති බව යළිත් පසක් කරමින් ලකුණු නවයකට දැවී ගියා.
සචිත්‍ර සේනානායක දග පන්දු යවන්නෙකු ලෙස තමන්ට එක්දින කණ්ඩායමේ ස්ථානය තහවුරු විය යුතු බවට ඔප්පු කරන පන්දු යැවීමක නිරත වූ අතර නමුත් පිතිකරුවෙකු ලෙස තමන්ට ඇති හැකියාව නොතකා හැර නොසැළකිල්ලෙන් පන්දුවට පහර නොදෙන්නට තරගයේ ජය ශ්‍රී ලංකාවට ලබා දීමේ හැකියාව ඔහු සතුව තිබුණා.ඊයේත් දග පන්දු යැවීම සදහා නායක ඇන්ජලෝ මැතිව්ස් මහේල ජයවර්ධන සිද්ධාන්තයම ක්‍රියාවට නැං වූ අතර තිලකරත්න ඩිල්ෂාන් ගේ කඩුලු වැටෙන දග පන්දුව ඔහු ද අමතක කර දමා තිබුණා.වේග පන්දු යවන්නන් හරහා යැපෙන න්‍යායට මුල් තැන දෙමින් කටයුතු කළ මැතිව්ස් එම පන්දු යවන්නන් මගින් යොමු කළ පන්දු ඕවර් 35 තුළ ලකුණු 219 ක් ලබා දී තිබුණා.
ඉන්දීය පිතිකරුවන් අතරින් යළිත් ගාම්භිර් බිද වැටෙන්නට ගිය ඉන්දීය ඉණිම රැක ගනිමින් ලකුනු 88 ක් ලබා ගත් අතර මනෝජ් තිවාරි ලකුණු 68 ක් ලැබුවා.නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 38 දී ප්‍රහාරාත්මක ලකුණු 58 ක් ලබා ගත්තා.මාලිංග ලකුණු 64 ට කඩුලු 3 ක් ද,නුවන් ප්‍රදීප් 63 ට කඩුලු 2 ක් ද ලබා ගන්නට සමත් වුණා.ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය තහවුරු කළ ඉර්ෆාන් පතාන් ලකුණු 61 ට කඩුලු 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා.තරගාවලියේ දී ශතක දෙකක් සමග ලකුණු 337 ක් ලැබූ විරාට් කෝලි තරගාවලියේ වීරයා බවට පත් වුණා.
තරගයේ අවසාන ලකුණු සටහනට http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564785.html සබදතාවය හරහා පිවිසිය හැකි අතර http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/series/564778.html?view=records සබදතාවය හරහා තරගාවලියේ සමස්ත ක්‍රීඩක දක්ෂතා වෙත පිවිසිය හැකියි.
www.supirikrida.com
No comments:
Post a Comment