මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කාන්තා මැරතන් රන් පදක්කම ඉතියෝපියාවට දිනා දෙන්නට ටිකී ගෙලානා සමත් වුණා.මේ වසරේ කාන්තා මෙන්ම පිරිමි මැරතන් පිටියේද නිරන්තරයෙන් අසන්නට ලැබුණේ කෙන්යානු ජයග්‍රහණ වුව ද ඔලිම්පික් මැරතන් තරගයේදී කෙන්යාවට හිමි වූයේ රිදී පදක්කම පමණයි.එය ප්‍රිස්කා ජිප්ටෝ විසින් දිනා ගත්තා.ගෙලානා ඉතියෝපියාවට රන් පදක්කම නව ඔලිම්පික් වාර්තාවක් සමග ගෙන එද්දී තෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ සිය හොදම තරග නිමි කිරීමේ කාලය සමග රුසියාවේ පෙට්රෝවා ආකිපෝවා යි.
පැය 2:23:07 ට තරගය නිමා කළ ගෙලානා නව තරග වාර්තාවක් තැබූ අතර ඇය එඩ්මන්ටන් මැරතන් තරගය ජය ගනිමින් වාර්තා කළ කාලය වන පැය 2:18:58 ඇයගේ හොදම තරග නිමි කිරීමේ කාලය මෙන්ම ඉතියෝපියානු නව තරග වාර්තාව ද වෙනවා.ඇයගේ ජීවිතය සහ පවුල අතර මැරතන් සම්බන්ධ යම් බැදීමක් ද පෙනෙන්නට අතර 24 හැවිරිදි ගෙලානා ගේ ඥාති සොහොයුරෙකු වන ගෙෂන්ගි ඇබෙරා ද 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්ව ජය ගෙන තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment