Aug 8, 2012

ශ්‍රී ලංකා දැල් පන්දු තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි?

සියානු කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම නම් කිරීම සදහා අවසන් තේරීම් පසුගියදා පැවතිය ද ඒ සම්බන්ධයෙන් පුහුණුකාරිය සතුටට පත් වී නැති වීම හේතුකොට ගෙන ඇය දැල් පන්දු ප්‍රධානින් හරහා නැවත තෝරා ගැනීමකට යන ලෙස බලපෑම් කරමින් සිටින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.කණ්ඩායම තේරීමේ දී හොදින් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් ඉවත් කර වෙනත් ක්‍රීඩිකාවන් ඊට ආදේශ කරන ලෙස පුහුණකාරිය කරන ලද ඉල්ලීම් යම් තරමකින් සළකා බැලුවද,ඉතාමත් ඉහළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන් ඉවත් කිරීමට තේරීම් කමිටුව අකමැති වීම හේතු කර ගෙන මෙම තත්ත්වය ඇති වී තිබෙන බව එම වාර්තා පැහැදිළි කරයි.
ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වූ කළමණාකාරිය සමග සමීපව කටයුතු  කළ බවට චෝදනා කරමින් එම සංචාරයට ආබාධයක් තිබියදී පවා එක් කර ගත් ක්‍රීඩිකාවක් ඉවත් කිරීමට පුහුණුකාරිය අනුබල දී ඇති අතර එම සංචාරයෙන් පසුව හමුදා සේවයට සම්බන්ධ ක්‍රීඩිකාවක් පුහුණුවීම් වලට ඒමෙන් වැළකී සිය නිල රාජකාරිය ආශ්‍රිත සේවයේ පුහුණුවකට සහභාගි වී ඇති බවත් ඇය කණ්ඩායමට අත්‍යවශ්‍යය ක්‍රීඩිකාවක බව පුහුණුකාරිය පවසා ඇයද කණ්ඩායමේ රදවා ගැනිමට තේරීම් කමිටුවේ අවසරය ලබා ගෙන ඇති බවත් එම වාර්තා පෙන්වා දෙයි.
එහිදී කණ්ඩායමේ දරා ගැනීමේ ශක්තිය පිළිබදව තේරීම් කමිටුව සෑහීමකට පත් වී නැති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී හෝ අවධානය යොමු කරන ලෙස පුහුණුකාරියට උපදෙස් ලබා දී ඇත.එහිදී හොදින්ම සිය දරා ගැනීම පවත්වා ගෙන තේරීමට මුහුණ දුන් ක්‍රීඩිකාව ලෙස තේරීම් කමිටුවේ අවධානයට ලක් වූ ක්‍රීඩිකාවක් ඉවත් කර වෙනත් ක්‍රීඩිකාවක් ඊට ආදේශ කරන ලෙස ඉල්ලා පුහුනුකාරිය කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තේරීම් කමිටුව විසින් නම් කරන ලද කණ්ඩායම අමාත්‍යවරයාට යොමු නොකරමින් අතුරු කමිටු ප්‍රධානින් හරහා පුහුණුකාරිය සිය බලපෑම තේරීම් කමිටුව වෙත එල්ල කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ වන විටත් තරගාවලිය පවතින රටේ කණ්ඩායම තෝරා නැති වීම පිලිබදව ක්‍රීඩා කේෂ්ත්‍රයේ විශාල කතාබහක් ඇති වී ඇතත් පුහුණුකාරිය සහ දැල් පන්දු පරිපාලනයේ ඇතැමෙක් ඕසට්‍රේලියානු සංචාරයේ වීඩියෝ පට ද නරඹා නැවත තේරීමක් කරන ලෙස ඉල්ලා ඇති බව ද සුපිරික්‍රීඩා වෙත දැන ගන්නට ලැබිණ.තේරිම් කමිටුවේ නිලධාරිණියන්ට බලපෑම් කරමින් කණ්ඩායමෙන් ඉවත් කරන්නට හදන ක්‍රීඩිකාව ඕස්ට්‍රේලියාවේදී හොදින් ක්‍රිඩා නොකිරීමට එහි ඇති වෙනත් සාධක බල පාන්නට ඇති බව පෙන්වා දෙන තේරීම් කමිටුව තරගාවලිය පැවත්වෙන පරිසරයේදී ඇය ඉතාමත් හොදින් දස්කම් දැක්වීම වඩා වැදගත් කොට සැළකිය යුතු බව ද පුහුණුකාරියට දන්වා ඇත.
දැනට තෝරා ගෙන ඇති ක්‍රීඩිකාවත් ඇය ඉවත් කර කණ්ඩායමට ඇයගේ ස්ථානය සදහා ගෙන ආ යුතු බවට යෝජනා කරන ක්‍රීඩිකාවත් එකම කණ්ඩායමකට ක්‍රීඩා කරන අතර එහිදී දැනට තෝරා ඇති ක්‍රීඩිකාව අදාළ ස්ථානයේ ක්‍රීඩා කරන බවත්,අනෙක් ක්‍රීඩිකාව වෙනත් ස්ථානයක ක්‍රීඩා කරන බවටත් තොරතුරු වාර්තා වේ.පුහුණුකාරිය තේරිම් කමිටුව ඉදිරියේ කරුණු දක්වමින් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ දරා ගැනීමේ ශක්තිය හීනවීම පිළිබදව කරුණු දක්වමින් පවසා ඇත්තේ තරගයකට ක්‍රීඩිකාවන් එක් එක් කාර්තුව සදහා වෙනස් කර යොදා ගනිමින් ක්‍රීඩා කිරීම තම අපේක්ෂාව බවය.මාස ගණනක පුහුණු සැසි වලින් පසුව එක දිගට තරගයක යෙදීමට හැකි ලෙස කණ්ඩායමේ තත්ත්වය ඉහළට නොගැනීම පිළිබදව මෙහිදී පුහුණුකාරියට තේරිම් කමිටුව වරද පටවා ඇති අතර තමන්ට අවශ්‍යය කණ්ඩායම නම් කර ගැනීම සම්බන්ධයෙන් තර්ක කරමින් කාලය විනාශ කර දැමීම නවතා දැන්වත් වෙහෙස වී ක්‍රීඩා පුහුණුවීම් වල නියැලෙන ලෙස ද අවවාද කොට ඇත.
කෙසේ වුවත් සිය අවශ්‍යයතාවය වෙනුවෙන් දිගින් දිගමට තේරීම් කමිටුවට බලපෑම් කරමින් සිටින පුහුණුකාරිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකගේ නම ද පවසමින් ඇයගේ ද ඉල්ලීමක් ලෙස සළකා ක්‍රීඩිකාවක කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට උත්සාහ දරමින් සිටීම පිළිබදව දැල්පන්දු පරිපාලනය ද පුහුණුකාරියට අවවාද කිරීම පසෙකලා තේරීම් කමිටුවට බලපෑම් කරන යන්නේ නම් එය නරක ආදර්ශයක් විය හැකිය.මේ තත්ත්වය මත තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ඉඩක් ද පවතින අතර දැල් පන්දු පරිපාලනය පුහුණුකාරිය අවසාන මොහොතේ සිය නොහැකියාව වසා ගැනීම සදහා ඉල්ලා අස්වේය යන බියෙන් පුහුණුකාරියට අවනත වන්නේදැයි සැකයක් මතුවන බව දැල් පන්දු කේෂ්ත්‍රයේ කතා බහට ලක්වෙමින් පවතින්නේය.
මීට පෙර ද සිය අවශ්‍යයතාවය මත දැල් පන්දු පරිපාලනය නොහැසිරුනු විට කණ්ඩායම අතහැර විදෙස්ගත වීම සම්භන්ධයෙන් පුහුණුකාරිය සම්බන්ධව ඇති අත්දැකීම් සළකා එවැනි බියක් ඇති වීම සාධාරණ බව පෙන්වා දෙන ඔව්හූ ගියවර තිලකා ජිනදාස යටතේ ආසියානු කුසලානය දිනූ ජ්‍යෙෂ්ඨ සංචිතය ද එසේ අතරමග හැර දමා ගිය බව පෙන්වා දෙති.එසේම තරගාවලියට සහභාගි වන විදේශ කණ්ඩායමක් සමග තවත් තරගාවලියට සහභාගි වන කණ්ඩායමක් ඉදිරිපිට පුහුණු තරගයක නියෑලීම පිලිබදවද මේ වන විට පුහුණුකාරියට එරෙහිව මතු වෙමින් තිබෙන විශාල චෝදනාවක් වන අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී ඇති අතර මේ තත්ත්වයන් සළකා තරගාවලියේදී කණ්ඩායම පරාජය වුවහොත් එම වරදේ වැඩි කොටස තේරීම් කමිටුවට පැවරීම පිණිස පුහුණුකාරිය මෙම අරගලය දියත් කිරීමට පියවර ගන්නට ඇති බවද ඇතැමුන් ගේ මතය වී ඇත.
‍කෙසේ හෝ මේ වන විට ආසියානු කිරුළ නැවත දිනා ගැනීම අපේක්ෂාවෙන් සිංගප්පූරු දැල්පන්දු සංචිතය නම් කර ඇති අතර ඔවුන්ගේ අවසාන ක්‍රීඩිකාවන් දොළොස් දෙනා ඔවුන් ක්‍රීඩා කරන ස්ථාන ද නිශ්චිතව නම් කරමින් කණ්ඩායම ඉදිරිපත් කිරීමට මේ වන විටත් සිංගප්පූරු දැල් පන්දු පරිපාලනය ක්‍රියා කර ඇත.පුහුණුකාරියම අනුවද ඇය දිගින් දිගටම ප්‍රසිද්ධියේ පවසා ඇති පරිදි එක්තරා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට අනුවද අප විසින් පළ කරනු ලබන මෙම ප්‍රවෘත්ති කණ්ඩායමේ මානසිකත්වයට අහිතකර වන අතර අප විශ්වාස කරන්නේ වඩාත් දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් සමග තරගාවලියට පිවිසීම මේ මොහොතේ ජයග්‍රහණය පිණිස වන හොදම ක්‍රියා මාර්ගය බවය.
පහත දැක්වෙන්නේ සිංගප්පූරු දැල් පන්දු වෙබ් අඩවිය සිය කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන පැහැදිළි ආකාරය ය.ඡායාරුපයෙන් දැක්වෙන්නේ ආසියාවේ තෙවැනියන් ලෙස තරගාවලියට සහභාගි වී හත්වන ආසියානු සූරියන් වෙමින් ආසියානු දැල්පන්දු කිරුළ දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් අනතුරුව ඡායාරුපයකට පෙනී සිටි අයුරුය.
PlayersPositionsAgeHeightInternational Caps
Chen HuifenGA/GS27170cm60
Chen Li LiGK22196cm5
Premila HirubalanGD/GK/WD30170cm79
Shelby KohC/WA18177cm8
Vanessa LeeWD/C28170cm52
Lin Qingyi (Co-Captain)GK/GD27174cm51
Jean Ng (Co-Captain)GK/GD34174cm100
Nurul BaizuraWD/C/WA22170cm17
Charlene PorimaC/WD34172cm45
Cassandra SohGS22176cm11
Charmaine SohGA/GS22175cm10
Yu Mei LingGS21179cm4

www.supirikrida.com

2 comments:

Anonymous said...

elatama kiala tiyanawa...

Anonymous said...

mona mangallekatada ane oya kiaqna kena thawath thiyan inne...