Jun 15, 2012

ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලැබුවොත් ලක්ෂ 10 ක්


බාසිලෝනා හී පැවත්වෙන ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලබන ක්‍රීඩකයෙකු වෙත රුපියල් ලක්ෂ 10 ක් පිරිනැමීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ සූදානමක් පවතින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.දැනට මෙම කාරණය සාකච්චෘ මට්ටමේ පවතින බවත් බොහෝ විට අමාත්‍යවරයා මෙම තීරණය ප්‍රකාශ කරමින් කණිෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය පිළිබදව සළකා එම තීරණය ප්‍රකාශයට පත් කළ හැකි බවත් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.
දැනට සාකච්චෘ මට්ටමේ පවතින මෙම තීරණය ප්‍රකාශයට පත් වුව හොත් අවසාන අටදෙනා අතරට තේරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම තීරණය ගැනීමට ඉඩ ඇති බව පෙන්වා දෙන අමාත්‍යංශ ආරංචි මාර්ග දැනට අවශ්‍යය පරිසාධන මට්ටම ඉක්මවා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට තවත් කිහිප දෙනෙකු සහභාගි කරවීමට ඉල්ලීම් ඉදිරිපත් ව ඇතැයි ද පවසයි.

No comments: