Jun 3, 2012

එක ගෙදර අට පෙරට -මලේ කෙහෙවලු පැටලේ


කාන්තා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම පරිපාලනය දක්ෂතා අනුව වරප්‍රසාද ලබා නොදීම නිසා මෙරට සිටින සැබෑ දක්ෂතා ඇති ක්‍රීඩාකාවන්ට අසාධාරණයක් සිදු වී තිබෙන බවට බැඩ්මින්ටන් පරිපාලයට චෝදනා එල්ල වෙයි.ලංකාවේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩිකාවන්ට මේ තත්ත්වය නිසා ඔලිම්පික් සහභාගීත්වය අහිමිව තිබෙන බව පෙන්වා දෙන බවද බැඩ්මින්ටන් පරිපාලයට එරෙහිව එල්ල වන ප්‍රබලතම චෝදනාවකි.
ලංකාවේ මුල් පස් දෙනා අතරට හෝ ඒමට තරම් දක්ෂතා නැති ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග සහභාගීත්වය සදහා උදව් උපකාර සැපයූ බැඩ්මින්ටන් පරිපාලනය එම සහභාගීත්වය සදහා ලැබෙන ප්‍රසාද ලකුණු නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින්නට එම ක්‍රීඩිකාවට අවස්ථාව සළසා දීම තුළින්  සැබෑ දක්ෂයන්ට විශාල අසාධාරණයක් කර තිබෙන බව පෙන්වා දෙයි.මේ සම්බන්ධයෙන් වෙනත් ක්‍රීඩාවන්ට සම්බන්ධ අයගේ ද විරෝධය ජාතික තේරීම් කමිටුවට මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවට ද එල්ල වෙමින් ඇත.ශ්‍රී ලංකාවේ අංක අටට සිටින ක්‍රීඩිකාවක්ට වයිල්ඩ් කාඩ් යටතේ ඔලිම්පික් සහභාගීත්වය ලබා දෙන්නට උත්සාහ දැරීම වෙනුවට වෙනත් ඔලිම්පික් ක්‍රීඩාවකට අදාළව  අංක එකට ඇති ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට එම අවස්ථාව සළසා නොදෙන්නේ ඇයි ද යන්න එම ක්‍රීඩාවන් හරහා නැගෙන ප්‍රබලතම විරෝධය වී ඇත.
රජයේ සියළු විෂයන් ක්‍රියාවට නැගිය යුත්තේ රට පෙරට යන සංකල්පයේ පිහිටා බව අවධාරණය කරන ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් බැඩ්මින්ටන්ක්‍රීඩිකාවන්ට  සැළකීමේ දී එම පරිපාලනය රජයේ ආශිර්වාදය ලබා දීමේ දි එකට ගෙනවිත් ඇත්තේ අංක අට  බවත් මේ නිසා රට පෙරට වෙනුවට එහිදී අට පෙරට පැමිණ ඇති බවත් පවසයි.

No comments: