මංචි ජාතික වොලිබෝල්
තරගමාලාවේ පළාත් මට්ටමේ දෙවන කොටසේ තරග අද ඇරඹීමට නියමිතය.අද සහ හෙට පළාත් නවයම
ආවරණය වන පරිදි ක්‍රියාත්මක පළාත් තරග වල නිල උත්සවය අනුරාධපුරයේදී පැවත්වෙන අතර ඒ
අනුව උතුරු මාද පළාත් තරග වොලිබෝල් පාලක මණ්ඩල සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ
සුබසාධන කටයුතු අමාත්‍ය ඩිලාන් පෙරේරා ගේ සහ සීමාසහිත සිලෝන් බිස්කට් සමූහ අධ්‍යක්ෂ
(වෙළද) නන්දන වික්‍රමගේ ගේ පධානත්වයෙන් අනුරාධපුර සිරිමාපුර යුනයිටඩ් ක්‍රීඩාංගණයේදී
පැවත්වේ.
ජාතික වොලිබෝල් තරගමාලාවකට
අනුබද්ධව මන්නාරම ප්‍රදේශයේ තරග ක්‍රියාත්මක වන්නේ 1960 පසුව වීම විශේෂ සිද්ධියක්
වන අතර ඒ අනුව උතුරු පළාතේ තරග මන්නාරම
මහජන ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට නියමිත අතර මෙම තරග මාලාවේ ජාතික
මට්ටමේ අවසාන තරග ද අප්‍රේල් 6,7 සහ 8 යන තෙදින තුළ මෙම ක්‍රීඩාංගණය කේනද්‍ර කරගෙන
පැවත්වීමටමද තීරණය වී ඇත..නැගෙනහිර පළාත් තරග ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමල
මැක්හෙයිසර් ක්‍රීඩාංගණයේදී වන අතර සබරගමු පළාත් තරග කුරුවිට මහජන ක්‍රීඩාංගණයේදී
පැවත්වීමට නියමිතය.පොතුපිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවත්වෙන්නේ බස්නාහිර පළාත් තරග
වන අතර ඌව පළාත් තරග පැවත්වීමට නියමිතව ඇත්තේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදීය.
මහනුවර සීතාදේවී විද්‍යාලීය
ක්‍රීඩාංගණයේදී මධ්‍යම පළාත් තරග පැවත්වීමට නියමිතය.වයඹ පළාත් තරග පැවත්වෙන්නේ
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් ක්‍රීඩාංගණයේදීය.මෙම තරග මාලාවේ සුපර්ලීග් තරග
මාර්තු මස 21,22 සහ 23 යන තෙදින තුළ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවත්වීමට ද
කටයුතු යොදා ඇත.
No comments:
Post a Comment