Mar 4, 2012

ක්‍රීඩා නීතිය පිළිබද ව මාධ්‍යවේදීන් දැනුවත් කෙරේ

ජාතික ක්‍රීඩා මාධ්‍ය පදනම විසින් ක්‍රීඩා මාධ්‍යවේදීන් ගේ දැණුම වර්ධනය කිරීම පිණිස පවත්වනු ලබන සම්මණ්ත්‍රණ සහ වැඩමුළු ඇතුළත් වැඩ සටහන් මාලාවේ පළමු වැන්න ලෙස 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා රෙගුලාසි පිළිබදව ක්‍රීඩා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ එක්දින වැඩ මුළුව එළැඹෙන 8 දා පෙ.ව 10.00 ට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවත්වේ.ක්‍රීඩා පනතට අදාළව එහි නෛතික විධි විධාන සහ රෙගුලාසි පිළිබදව ප්‍රවීන නීතිවේදී සහ ක්‍රීඩා උපදේශන සභාවේ සාමාජික පණ්ඩුක කීර්තිනන්ද දේශණයක් පවත්වන අතර ඊට අමතරව ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අර්ජුන ද සිල්වා ද දේශනයක් පැවත්වීමට නියමිතය.ඊට අමතරව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එන් අබේසිංහයන් ක්‍රීඩා සංගම් පරිපාලනය සම්බන්ධයෙන් දේශනයක් ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්‍රීඩා ජනමාධ්‍යවේදයට සම්බන්ධ වෘත්තීමය හැකියාවන් දියුණු කිරීම සම්බන්ධයෙන් ඇතුළු තවත් වෘත්තීමය වශයෙන් ක්‍රීඩාවේ රැදී සිටිය දි දත යුතු බොහෝ දේ පිළිබදව න්‍යායයාත්මක සහ ප්‍රායෝගික ව ක්‍රීඩා මාධ්‍යවේදීයා දැණුවත් කිරිම සදහා වනවැඩ මුළු ගණනාවකට මේ වන විටත් සහෝදර විදේශ මාධ්‍යවේදින්ගේ  ආධාරය සහ උපකාරය ද ලැබීමට නියමිත අතර ආරම්භක වැඩමුළුව සදහා ක්‍රීඩාවට වෘත්තිමය වශයෙන් සම්බන්ධකමක් ඇති සහ විද්‍යාර්ථින් විශාල පිරිසකට ද සහභාගි වීම සදහා අවකාශ සළසා ඇත.සහභාගි වන සියළු දෙනාට සහභාගීත්ව සහතිකයක් පිරිනැමීමට ද අදහස් කර ඇති අතර මේ පිලිබදව වැඩි විස්තර දැන ගැනීම සදහා 0773 063554 අංකය විවෘතව තබා ඇත.
මෙම වැඩමුළුවේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහභාගි වන අතර ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්න ඇතුළු තවත් සම්භාවණීය අමුත්තන් පිරිසක් ද සහභාගි වීමට නියමිතය.

No comments: