![]() |
නතාලියා ඩොබ්රින්ස්කා |
තූර්කියේ ඉස්තාන්බුල් හී පැවත්වෙන ජගත් ගෘහස්ථ මලල ක්‍රීඩා
සූරතාවලියේ පළමු දිනයේ දී කාන්තා ගෘහස්ථ පංච ප්‍රයාම ඉසව්වෙන් ලෝක වාර්තාවක්
තැබීමට යුක්රේනයේ නතාලියා ඩොබ්රින්ස්කා සමත් වුණා.ඇය මෙම වාර්තාව තැබීමේ දී පංච ප්‍රයාම
ඉසව්වෙදී ලකුණු 5000 සීමාව ඉක්මවා ගිය පළමු කාන්තාව වීම කැපී පෙණුන අතර ඇය එම
ඉසව්වේදී ලකුණු 5013 ක් රැස් කිරීමට සමත් වුණා.ඊට පෙර එම වාර්තාව හිමි වූ ඉරේනා බිලෝවා
ලබා සිටයේ ලකුණු 4991 ක් පමණයි.
එහිදී ඉසව් ත්‍රිත්වයක දී ඇය ලකුණු දහස ඉක්මවා ලැබීම
කැපී පෙණුනා. මීටර් 60 කඩුලු පැනීම (තත්8.38) 1044,උස පැනීම (මීටර් 1.84) 1029 සහ
දුර පැනීම (මීටර් 6.57) 1030 එම ඉසව් වූ අතර ඇය ඊට අමතරව මීටර් 800 ඉසව්වෙන් (2:11.15) 948 සහ යගුලිය දැමීම (මීටර් 16.51) 962 ලෙස ලබා
ගනිමින් මෙම නව ලෝක වාර්තාවට පිවිසියා.
තරගාවලියේ දෙවන දිනය අදයි.
No comments:
Post a Comment