විවිධ පාර්ශව මුලා කරමින්
එක්තරා ක්‍රීඩාවක ජාතික පුහුණුකාරිය ලෙස පත් වන්නට භාග්‍යය ලද්දේ වුව ද මෙරට
කිසිදු කණ්ඩායමක් තමාව පුහුණුකාරිය ලෙස තෝරා ගන්නට නොසිතීම ගැන සිත් තැවුලෙන්
පසුවන ජාතික පුහුණුකාරිනියක්, මේ වන විට විවිධ කණ්ඩායම් වලින් තමාව පුහුණුකාරිණිය
ලෙස බදවා ගන්නයි ඉල්ලිම් කරන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.ඇය ආරක්ෂක අංශ කණ්ඩායමකින්
ලිඛිතව ඉල්ලිමක් කරමින් තමාව පුහුණුකාරිය ලෙස බදවා ගන්නා ලෙස ඉල්ලා ඇති අතර එම
ආරක්ෂක අංශ ප්‍රධානිනන්ට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ගේ සේවය ලබා
දෙන බව ද ඇය විසින් දන්වා ඇත.
නමුත් ජාතික කණ්ඩායමේ දක්ෂයන්
වැඩි දෙනෙකු ඇය නිසා කණ්ඩායම හැර යාම මෙන්ම ඇය විසින් රැගෙන එන බව කියන ජාතික
සංචිතයේ ක්‍රීඩිකාවන් ක්‍රීඩා සමාජ අතර තරගයේදී ඇය පුහුණුකාරිය ලෙස බදවා ගන්නා ලෙස
ඉල්ලීම් කළ කණ්ඩායම ඉදිරියේ පරාජය වීම යන කරුණු ද සළකා එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී
ඇත.මේ අතර කවත් ජාතික මටටමේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක පුහුනුකරු ධූරයට ද ඉල්ලීම්
කරන්නට මෙම පුහුනුකාරිය කටයුතු කර ඇතත් එම අවස්ථාව ද ඇයට අහිමි වී ඇත.
No comments:
Post a Comment