Mar 9, 2012

කුසලානය ඕස්ට්‍රේලියාවට තරගාවලියේ වීරයා ඩිල්ෂාන්





තා තියුණු සටනකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාවය දිනා ගත්තේ තීරණාත්මක තෙවන අවසන් තරගයේ දී  ලකුණු 16 ක පරාජයක් විද ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩ සළසවමින් ය.පරාජය වුව ද තරගාවලිය පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක් වූ තුන් ඉරියව් දස්කම් සළකා තිලකරත්න ඩිල්ෂාන් තරගාවලියේ වීරයා ලෙස නම් කිරීම පරාජය හමුවේ ශ්‍රී ලංකාව ලද අති විශිෂ්ඨ ජයක් විය.
එසේම තරගාවලියේ ප්‍රතිපල දීර්ඝ ලෙස අධ්‍යයනය කරන්නේ නම් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ තරගාවලිය ආශ්‍රිතව මුහුණ දුන් තරග 7 න් 4 ජය ගැනීම ඉතාමත් ඉහළින් අගය කිරීමට ලක් විය යුතුය.බෙහෙවින් ලකුණු ගැවසුණු තරගාවලියක් වූ මෙම තරගාවලියේ   අවසාන තරගය ලකුණු හිග, පන්දුව පිත්තට ගලා ඒම පමා කරන තණතීරුවක ට රැගෙන යාම නිසා අවසාන, අවසාන තරගයේ තරගකාරීත්වය මද වශයෙන් අඩු විය.
තරගයේ කාසියේ වාසිය ලද මහේල ජයවර්ධන,තරගාවලිය පුරාවටම හඹා යමින් ජය ගැනීමට ශ්‍රී ලංකාව දැක් වූ දක්ෂතාවය පදනම් කර ගනිමින් පන්දු රැකීමට තීරණය කළේය.එම තීරණය තරමක් අභියෝගයට ලක් කරමින් තණතීරුව ක්‍රමයෙන් පන්දු යවන්නන් ගේ රාජධානියක් වන ලකුණු පහළ කළ අතර පළමු කඩුල්ලට ඩේවිඩ් වර්නර් සහ මැතිව් වේඩ් අතර ලකුණු 75 ක සබදතාවයක් ද,වේඩ් සහ ෂේන් වොට්සන් අතර දෙවන කඩුල්ලට පැවති ලකුණු 40 ක සබදතාවය ද හැරුණු විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යළි හොද සබදතවයක් දකින්නට ලැබුණේ බ්‍රෙට් ලී සහ ක්ලින්ට් මැකී 8 වන කඩුල්ලට එකතු කළ ප්‍රවේගවත් ලකුණු 40 යි.
යළිත් වරක් ලකුණු අඩු තණතීරුවේ ලසිත් මාලිංග ප්‍රහාරයකට ලක් වූ අතර ඔහු පන්දුවාර 10 තුළ ලකුණු 69 ක් ලබා නොදෙන්නට ද ශ්‍රී ලංකාවට එරෙහි ඕස්ට්‍රේලියානු ලකුණු පූවරුව 231 ට මෙපිටින් නවතින්නට තිබුණා.රංගන හේරත් ලකුණු 36 ට කඩුලු 3 ක් සහ ෆර්විස්  මහරුෆ් ලකුණු 40 ට කඩුලු 3 ක් බිද දැමූ අතර නුවන් කුලසේකර කඩුලු 2 ක් බිද දැමුවේ ලකුණු 40 ක් ලබා දෙමින්ය.ඩිල්ෂාන් සිය දග පන්දුව යොදා ගනිමින් පවර් ප්ලේ අවස්ථාවේ ද පන්දු යවමින් දුෂ්කර කාර්යයක් සාර්ථකව ඉටු කළ අතර ඔහු ලකුණු 40 ට එක් කඩුල්ලක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පළමු පන්දුවේ සිටම වේගයේ සහ දෝලනයේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වූ අතර 10 වන ඕවරයේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය ලකුණු 53 ට කඩුලු 4 ක් විය.පස්වන කඩුල්ලට උපුල් තරංග සහ ලහිරු තිරිමාන්න 60 ක් එක් කළ අතර  තිරිමාන්න ‍ගෙන් පසුව පිටියට පිවිසි චාමර කපුගෙදර ගෙන් ලකුණු නොලැබුණු අතර තරංග පමණක් හුදෙකලා සටනක නිරත වෙමින් තරගයේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 70 ක් ලබා ගත්තේය.
ක්ලින්ට් මැකී ශ්‍රී ලංකාවේ විනාශයට මග පෑදු ක්‍රීඩකයා වූ අතර ඔහු ලකුණු 28 දී ශ්‍රී ලංකාවේ කඩුලු 5 ක් දවා ගත්තේය.පහත දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය ය. http://webcache.googleusercontent.com/search?q=cache:http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518970.html

No comments: