Mar 8, 2012

තර්ජනී ලංකාවට අහිමි වේ?


ව දැල් පන්දු පරිපාලනයේ තීරණයක් මත ශ්‍රී ලංකා දැල් පන්දු නායකත්වය දරන තර්ජනී සිවලිංගම් සමග සම නායිකාවක් පත් කිරීමට යෝජනා වීමත් සමග ඇය ක්‍රීඩාවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ.ඊයේ ද ඇය නියමිත පුහුණුවීම් වලට සහභාගි වී ඇති අතර ඇය සමග නම් කර ඇති සම නායිකාව මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා ඇති බවත් සාමාන්‍ය සම්ප්‍රදාය අනුව දෙවරක් අයෙකුට නායකත්වය පිරි නොනැමීමේ තීරණයක් ඇතත් මේ තීරණය ගෙන ඇත්තේ පැමිණ සිටින ඕස්ට්‍රේලියන් පුහුණුකාරිය බවත් පරිපාලනය විසින් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.
සම නායිකාවක ලෙස ක්‍රීඩා කරමින් ගෙවුණු ලෝක කුසලාන තරගාවලියේදී ලොව සාර්ථකම දැල විදින්නිය වූ තර්ජනී ට දැල් පන්දු කණ්ඩායමේ නායකත්වය හිමිවීම සුළු ජාතිකත්වය නොසළකා හරින බවට ශ්‍රී ලංකාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ලබා දුන් පිළිතුරක් ලෙසද දේශපාලන වශයෙන් ඇගයිමට ලක් වූවා.නමුත් මේ ආකාරයෙන් කටයුතු කරමින් ඇයගේ හිමිතැන උදුරා ගැනීම ශ්‍රී  ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබදව ජාත්‍යන්තරයට වැරදි පූර්වාදර්ශ සැපයීමක් ද වෙනවා.  
මීට පෙර ද පරිපාලනය පුහුණුකාරියගේ අයිතීන් සහ අවශ්‍යයතාවයන්  හදුනා නොගැනීම මෙන්ම පුහුණුකාරිය පුහුණුකාරිය‍‍‍ගේ සීමාවන් හදුනා නොගැනීම ද හේතු කර ගෙන ශ්‍රී ලංකා දැල් පන්දුවේ විශාල වශයෙන් ගැටළු ඇති වන අවශ්‍යයතා අප දැක ඇති අතර වර්ථමානයේ ද සියල්ල ඕස්ට්‍රේලියන් පුහුණුකාරියගේ තීරණ මත ක්‍රියාවට නැගෙමින් තිබෙන්නේ පරිපාලනයට අයත් තීරණයන් ද ඇයටම පවරමින් ය.ලාංකේය සිරුරු වල ස්වභාවය සහ හැසිරීම් රටාවන් ද තීරණය කළ යුතු තීරණ ද ගැනීම ද මෙම වන විට විදේශ පුහුණුකාරියට පවරා ඇති අතර ඒ අනුව තරග පවත්වන ස්වභාවයන් සහ වේලාවන් ද අපේ රටේ භූ විෂමතා සාධක වලට අනුව ජීව විද්‍යාත්මක අනන්‍යයතාවයන් වල ස්වභාවයන් නොසළකා ඕස්ට්‍රේලියන් පොළවට අනුව තීරණ ගන්නට විදේශ පුහුනුකාරයට අවසර ලබා දෙන බවක් ද දැකිය හැකිය.ී
තර්ජනී ඉවත්වීමත් සමග වර්ථමාන පුහුණුකාරිය නිතරම මාධ්‍යයට ප්‍රකාශ කරන පරිදි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කණ්ඩායමෙන් ඉවත් වීම ඔවුන්ගේ පෞද්ගලික තීරණයක් මත ගත් එකක් නොවන බවත්, ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් ලෙස එක් වී ඒ පිළිබදව නිවැරදි හේතු දැක්වීමකට අමාත්‍යවරයා හමු වීමට තීරණය කර ඇති බව ත් වාර්ථා වේ.
එසේම ආසියානු තරගාවලි සංවිධාන කමිටුව වෙනුවෙන් පසුගිය කාලයේ ඇති වූ විශාල ගැටළු ගණනාවක් සහිත පරිපාලනය හේතුවෙන් විසුරුවා හරින්නට සිදු වූ දැල් පන්දු පරිපාලනයක මුල් පුටුව දැරෑ නිලධාරිණියක පත් කර ඇති බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙන අතර,තර්ජනී සිවලංගම් හදුන්වා දීමට මුල් වූ තැනැත්තිය ලෙස ඇය හරහා ද තර්ජනී ගේ ඉවත්ව යාම නැවත්වීමට උත්සාහ දරා ඇති බව වාර්තා වන නමුත් එම ඉල්ලීමට ද තර්ජනී කැමැත්තක් පළ කළ බවක් වාර්තා නොවේ.
මේ අතර ආණ්ඩුවේ ඉහළම තනතුරකට දැල් පන්දු  කේෂ්ත්‍රයේ ඉහළ චරිතයක් ලියූ ලිපියක් ටොරිංටන් භූමියේ තිබී ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ පුද්ගලයෙකු අතට පත් වීමද දැල් පන්දු කේෂ්ත්‍රයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් වී ඇත.එසේම දැල් පන්දු අතුරු කමිටු ප්‍රධානි තමාරා ධර්මකීර්ති සිය පෞද්ගලික අවශ්‍යයතාවයක් වෙනුවෙන් විදෙස් ගත වද්දී අතුරු කමිටු ප්‍රධානියා ලෙස වගකීම නූතණ දැල් පන්දු අර්බූදයේ නිර්මාතෘවරිය ලෙස හැදින්විය හැකි ජාතික පුහුණුකාරිය පත් කිරීමට මුල් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු පත් කිරීම ගැන ද,කාන්තාවක් සදහා ඒ වගකීම නොපැවරීම ගැන ද විවිධ කතා පැතිර යමින් ඇත.

No comments: