Mar 5, 2012

මාලිංග යළිත් අසාර්ථක වෙයි.පළමු අවසන් තරගය ඕස්ට්‍රේලියාවට


ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ පන්දු යවන්නා වන ලසිත් මාලිංග දෙවන වරටත් කොමන්වෙල්ත් තරගාවලිය තුළ අසාර්ථක වීම ප්‍රධාන කොට ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට කොමන්වෙල්ත් බැංකු කුසලාන පළමු අවසාන තරගයෙන් ලකුණු 15 ක පරාජයක් අත් කර ගන්නට සිදු විය.
කාසියේ වාසිය දිනා ගනිමින් බ්‍රෙස්බේන් තණතිල්ලෙන් ලකුණු නෙලා ගැනීම ඇරඹු ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව විශ්වසනීය පන්දු යැවීමක නියැලෙන්නට අපොහොසත් වූ ලසිත් මාලිංග,ඔවුන් ගේ ප්‍රධාන දඩයම වූ අතර ඔහුගේ පන්දුවාර 8 ක් තුළ ඕස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු ප්‍රමාණය 74 ක් විය.මාලිංග ගේ පළමු පන්දුවාර 4 තුළ ලකුණු 40 ක් ලැබූ ඕස්ට්‍රේලියාව අවසානයට යැවූ පන්දුවාර 4 තුළ දී තවත් ලකුණු 34 ක් ලබා ගත්තේය.
එසේම ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් අතින් ගිලිහී ගිය තරගය නුවන් කුලසේකර සහ උපුල් තරංග විසින් යළි ජයග්‍රහණය ලැබිය හැකි තත්ත්වයට ඔසවා තැබීමෙන් ඉනික්බිතිව ප්‍රසාද් ධම්මික එය ඉදිරිට ගෙන යද්දී අවසාන කඩුල්ල ලෙස පන්දුවට පහර දීමට පැමිණි මාලිංග,ලකුණක් ලබා පන්දුවට පහර දීමට ධම්මිකට අවස්ථාව ලබා දීම වෙනුවට වේගවත් පහරවල් සදහා යාමට උත්සාහ දරමින් පන්දු 6 ක් තුළ කඩුල්ල පූජා කළේ එක් ලකුණක් පමණක් ලබමින් වීම ද,මෙම පරාජයට බෙහෙවින් බල පෑවේය.
තරගයේ කාසිය වාසිය ලැබ පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 50 තුළ ලකුණු 321 ලැබුවේ කඩුලු 6 ක් පමණක් දැවෙද්දී ය.සිය ශාරිරික යෝග්‍යතාවය 100% ක් තිබියදී තරගයට පැමිනියේදැයි සැක සිතෙන ආකාරයේ පන්දු රැකීමක නිරත වූ ෆර්විස් මහරුෆ් ගේ පන්දු රැකීමේ දෝෂයෙන් ප්‍රයෝජන ගත් ඕස්ට්‍රේලියාව පළමු කඩුල්ලට ලකුණු 136 ක සබදතාවයක් පැවත්වූයේ  පන්දු ඕවර් 24 ක් තුළ දීය.ඒ අතරින් මැතිව් වේඩ් ලකුණු 64 ට රංගන හේරත් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුවකින් දැවී ගිය ද තරගයේ අවසාන පන්දුවේදී දැවී ගිය ඩේවිඩ් වර්නර් ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිස පන්දු 157 ට මුහුණ දී එක් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 163 ක් විය.
සියළුම පන්දු යවන්නන්ට සිත් සේ ප්‍රහාර එල්ල කරද්දී මේ දක්වා තරගාවලිය තුළ පන්දු යවන්නෙකු ලෙස අත් හදා නොලැබූ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 350 ක් ඉක්මවා යන තත්ත්වයක් පෙන්නුම් කළ ඕස්ට්‍රේලියානු ඉණිමේ ප්‍රහාරය නවත්වන සුළු අයුරෙන් පන්දු යැවූ අතර ඔහු කඩුලු නොලැබුව ද පන්දු ඕවර් 9 ක් යවමින් ලබා දුන්නේ ලකුණු 35 ක් පමණි.රංගන හේරත් දග පන්දු යවමින් එක් කඩුල්ලකත් ලබා ගත් අතර ඔහු ඊ ළගට අඩුම ලකුණු වේගයක් රදවා ගත් පන්දු යවන්නා වුූ අතර ඔහු පන්දු ඕවර් 7 ක් තුළ ලකුණු 36 ක් පමණක් රැස් කළේය.නමුත් ඩිල්ෂාන් හෝ රංගන පන්දු ඕවර් 10 ක් යැවීම සදහා යොදා ගන්නට මහේල අසමත් වීම ගැටළුකාරීය.
 කණ්ඩායමට ඉහළම සේවයක් සළසමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා නැතිව සිටින ශ්‍රී ලංකාව වේග තණතිලි මායාව විසින් වෙලා ගෙන සිටින නිසා සිය පන්දු යැවීමේ සංචිතය පෝෂණය කර ගැනීමට 100% ශරීර යෝග්‍යතාවය තිබුණු බවක් නොපෙන්වූ මහරූෆ් වෙනුවට සචිතුව යොදා ගැනීමේ අභියෝගය තෝරා ගත්තේ නම් ඊයේ දවස තුළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ට අපහසුවක් දග පන්දුවේ පීඩනය තව දුරටත් වැඩි කිරීමට මෙන්ම හොද පන්දු රකින්නෙකු ගේ සේවය ද ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබිණ.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවක් දෙදෙනා පන්දු ඕවර් 4.4 ක් තුළ ආරම්භක කඩුල්ලට එකතු කළ සබදතාවය ලකුණු 39 ක්  වූ අතර එම වේගය පවත්වා ගැනීමට දැරූ උත්සාහයේදී මහේල ජයවර්ධන ට දැවී යන්නට සිදු විය.ඩිල්ෂාන්, මෙන්ම ලකුණු අතර සිටි චන්දිමාල් සහ තිරිමාන්නට ද ඊයේ සාරථක වීමට අවස්ථාවක් නොලැබුණු අතර සංගක්කාර පමණක් සටන්කාමී ලකුණු 42 ක් රැස් කළේය.නමුත් 31  පන්දු ඕවරයේ ආරම්භක පන්දුවේ දී ශ්‍රී ලංකාවේ කඩුලු ප්‍රමාණය 6 ක් ලෙස ද ලකුණු ප්‍රමාණය 144 ක් ද දිස් විය.
එතැන් සිට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අන්ද මන්ද කළ ප්‍රහාරයක් එල්ල කළ නුවන් කුලසේකර ශ්‍රී ලංකාව යළි ජයග්‍රාහී මාවතට කැදවා එමින් රැස් කළ ලකුණු ප්‍රමාණය 73 ක් වූ අතර ඒ සදහා නුවන් ට වැය වූයේ පන්දු 43 ක් පමණි.හත්වන කඩුල්ලට ලකුණු 60 ක් රැස් කළ උපුල් තරංග සමග එක් ව ලකුණු 104 ක සබදතාවයක් පැවත්වීමට ද නුවන් ගේ දායකත්වය ලැබිණ.මේ තත්ත්වය දිගට පවත්වා ගනිමින් ඕසට්‍රේලියානු ක්‍රීඩකයන් ගේ දෑස් තුළ අවිනිහ්චිතභාවය සහ තැති ගැන්ම රදවන්නට නොදැවී පන්දු 21 කින් ලකුණු 31 ක් ලැබූ ධම්මික ප්‍රසාද් ට හැකි වුව ද අවසාන ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසි ලසිත් මාලිංග පන්දුව දකිමින් සිටි ප්‍රසාද් ට අවස්ථාව සළසා දීම වෙනුවට ඔහු ප්‍රහාරකයා වීමට දැරූ අසාර්ථක උත්සාහය නිසා පන්දු 6 ක් තුළ එක් ලකුණක් පමණක් ලබා දැවී යන්නට මාලිංගට සිදු වූයේ මුළු ලකුණු පූවරුව 306 ක් ව තිබියදී ය.
මෙම තරගාවලිය පුරා ඕස්ට්‍රේලියානු ජයග්‍රහණය වෙනුවෙන්  කැපවෙන ඩේවිඩ් හසී ඊයේ පිතිකරුවෙකු ලෙස අසාර්ථක වුව ද පන්දු යැවීමෙන් සාර්ථකම පන්දු යවන්නා වූ අතර ඔහු ලකුණු 43 ක් තුළ පිතිකරුවන් සිව් දෙනෙකු දවා ගත්තේය.ක්සේවියර් ඩොරති ද කඩුලු ලබා නොගත්ත ද සිය පන්දු ඕවර් 10 ලකුනු 39 ක් තුළ නිම කරමින් ලංකාවේ ලකුනු ලැබීමේ වේගය අඩාල කිරීමට හවුල් විය.නමුත් තරගයේ වීරයා වූයේ ඊයේ ඕස්ට්‍රේලියානු ලකුණු ප්‍රමාණයෙන් අඩකටත් වඩා රැස් කළ ඩේවිඩ් වර්නර් ය.
සමස්ත ලකුණු විස්තරය පහත දැක්වේ. http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518968.html

No comments: