මෙවර අන්තර් ක්‍රීඩා සමාජ දැල් පන්දු තරගාවලිය කටුනායක
දී නිමාවට පත් වූයේ ඒ කොටසේ සූරතාවය ශ්‍රී ලංකා යුධ හමුදාවට දිනා දෙමින් ය.විදේශ
පුහුණුකාරියගේ උපදෙස් මත යැයි කියමින් තරග පැවත් වූ ක්‍රීඩා පිටියේ පොළව තද වැඩි
බව කියමින් ඒ කොටසේ තරගයක විනාඩි 14 ට සීමා කරන්නට ගත් තීරණය නිසා ප්‍රබල කණ්ඩායම්
බොහෝමයක් තරගාවලිය තුළ දකින්නට නොලැබිණ.ඒ හේතුව නිසා ඒ කාණ්ඩයෙන් තරග වැදුනේ ත්‍රිවිධ
හමදා කණ්ඩායම් පමණක් වන අතර එහිදී ජාතික සංචිතයේ ක්‍රීඩිකාවන් සිටින ශ්‍රී ලංකා
ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පරාජය කරමින් ජාතික සංචිතයට කිසිදු ක්‍රීඩිකාවක්
ඇතුළත් නැති ශ්‍රී ලංකා යුධ හමුදාව සූරතාවය දිනා ගැනීම කැපී පෙණින.
භූ විෂමතා සාධක, ශාරීරික හැඩය සහ එහි ශක්තීන් වල අනන්‍යතාවයට
ද බලපාන බව සත්‍යයක් වුව ද විදේශ පුහුණුකාරියගේ උපදේශ අනුව යමින් සියල්ල කිරීමට
යාමේ පල විපාකයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තරගාවලියක් වන ක්‍රීඩා සමාජ දැල්
පන්දු තරගාවලියේ සැබෑ තරගකාරීත්වය සහ උවමනාව
පසෙක ලෑමට දැල් පන්දු පරිපාලනය ක්‍රියා කිරීම කණගාටුදායකය.කෙසේ වුව ත් ඒ ආකාරයෙන්
පැවත් වූ තරගාවලියේද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දැල් පන්දු කේෂ්ත්‍රයට සම්බන්ධ බොහෝ
දෙනෙකුගේ අවධානය දිනා ගත් මරීෂා ප්‍රනාන්දු ට එම ඇගයීම නොලැබීම ද කණගාටුදායක ය.
ජාතික පුහුණුකාරිය නිසා කණ්ඩායම හැර ගිය ක්‍රීඩිකාවන්
සිටින බවට මෑත කාලයේ ජාතික පුහුණුකාරිය සහභාගි වූ විද්‍යුත් නාලිකාවක සජීවි වැඩ
සටහනකදී දුරකථන ඇමතුමකින් චෝදනා එල්ල වූ අතර ඒ අවස්ථාවේ එම පුහුණුකාරිය එම ඇමතුම
ලබා දුන්නේ මරීෂා බවට ප්‍රකාශ කළේ ඇය කණ්ඩායම හැර
යන්නට හේතුව තමා බව පිළිගන්නා ආකාරයෙන්ය.නමුත් ඊට සුළු මොහොතකට පසුව එම වැඩ
සටහන සමග සම්බන්ධ වූ මරීෂා තමා තමා මීට පෙර දුරකථන ඇමතුමක් ලබා ගත් බවට ජාතික
පුහුණුකාරිය කළ ප්‍රකාශය වැරදි බව ප්‍රකාශ කළාය.කෙසේ හෝ ඊට දින කිහිපයකට පසුව
පැවති මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මරීෂා ට හිමි වීමට තිබූ කුසලානය ඇයට
අහිමි වූවාය.
එසේම ජාතික සංචිත වල සිටින ක්‍රීඩිකාවන් පරාජය වීම
සම්බන්ධයෙන් සහ මරීෂාට දක්ෂතම ක්‍රීඩිකා සම්මානය නොලැබීම පිළිබදව නිල නොවන ප්‍රකාශයක්
සෙසු කණ්ඩායම් හමුවේ ප්‍රකාශ කර ඇති ජාතික සංචිතයේ පුහුණුවට මෙන්ම දෙවන වරටත් ගැටළුකාරි වූ ක්‍රීඩා සමාජ
තරගාවලියක් සංවිධානය කිරීමේ වගකීම ඉටු කළ නිලධාරිණියක්, ජාතික සංචිත වල සිටින ක්‍රීඩිකාවන්
පරාජය වීම ඔවුන් තවමත් අත්දැකීම් නොමැති පිරිසක් වීම බවට කරුණු දක්වා ඇත.එසේනම්
ජාතික සංචිත ලෙස නඩත්තු කරමින් සිටින්නේ සංවර්ධන සංචිතයක්ද යන්න පිලිබදව ගැටළුවක්
මතුවන අතර දැල්පන්දුව සම්බන්ධයෙන් විවේචනය කරන්නන්ට දෙස් දෙවොල් තබමින් සිටින
ජාතික පුහුණුකාරිය සිය සහයිකාවද ජාතික සංචිතය හොදම ක්‍රීඩිකාවන් සිටින සංචිතය නොවන
බව පිළිගන්නා බව දත යුතුය.විෂේශයෙන් සෙලාන් සහ හැටන් නැෂනල් කණ්ඩායම් නැතුව වුව,ශ්‍රී
ලංකා යුධ හමුදා කණ්ඩායමටවත් තරගයක් දිය නොහැකි තත්ත්වයේ ජාතික කණ්ඩායමක් වෙනුවෙන්
උපරිම පහසුකම් ලබා දෙන ලෙස කරන ඉල්ලීම් මේ රටේ සිටින හොදම ජාතික කණ්ඩායම සංචිත ගත
කර ඉල්ලා සිටින්නේනම් සාධාරණ බව අපේ හැගීමය.මේ තත්ත්වය නිසාම ජාතික කණ්ඩායම දේශීය
කණ්ඩායම් සමග පුහුණු තරග පැවත්වීම ගැන අවධානය යොමු කර නොමැති බව දැන ගන්නට ලැබෙන
අතර ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ජාතික කණ්ඩායම ද ක්‍රීඩා සමාජ කණුඩායම්වලට වඩා බොහෝ
පසුපසින් සිටීමය.
තරගාවලියේ බී කොටසේ සූරතාවය ගුවන් හමුදා බී කණ්ඩායම දිනා
ගත් අතර අවුරුදු 19 න් පහළ සූරතාවය කොළඹ මියුසියස් ද අවුරුදු 16 න් පහළ සූරතාවය
නුගේගොඩ සමුද්‍රදේවී කණ්ඩායම ද දිනා ගත්තේය.
No comments:
Post a Comment