හංවැල්ල අධ්‍යාපන කොට්ඨාශයේ කොට්ඨාශ මලල ක්‍රීඩා තරග
නිසි ප්‍රමිතියෙන් නො’පැවත්වීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබදව සොයා බලන බව
බස්නාහිර පළාත් අධ්‍යාපන ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග පවසයි.එම තරගාවලියේ දී
අවුරුදු 15 න් පහළ උස පැනීමේ තරගය අතර මැද නවතා දිවා භෝජනයෙන් පසුව ඉතිරි කොටස
පැවත්වීමට එම ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ලේකම්වරයා ක්‍රියා කර ඇති බවට නැගෙන චෝදනාව ඒ
අතරින් ප්‍රධාන තැනක් ගනියි.
ක්‍රීඩා ගුරුවරයෙක්ගෙන් එවැනි ප්‍රාථමික මට්ටමේ නොදන්නා
බවක් පළවිය නොහැකි බව පෙන්වා දෙන පළාත් අධ්‍යක්ෂවරයා,නිසි ප්‍රමිතියෙන් තොරව මෙම
ක්‍රීඩා උළෙළ නො’පවත්වා ඇත්නම් ඒ සම්බන්ධයෙන් කොට්ඨාශ අධයාපන අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස ගෙන් නිදහසට
කරුණු විමසීමක් කළ යුතුව ඇතැයි ද අධ්‍යක්ෂවරයාගේ අදහසයි.
ධාවන පථ සැකසීමක් නිවැරදිව සිදු නොකොට මෙම ක්‍රීඩා උළෙලේ
තරග පවත්වා ඇති අතර මීටර් 400 තරග ආරමභය සිදුව ඇත්තේ නිවැරදි ආරම්භක ස්ථාන වෙනුවට
යෂ්ටි හුවමාරු කළාප ආරම්භ කරන ස්ථාන යොදා ගනිමින්ය.මේ සියළු කාරණා පිළිබදව මෙන්ම
නිවැරදිව සහ සුදුසුකම් සහිත නිලධාරීන් යොදා ගනිමින් මෙම ක්‍රීඩා උළෙල පවත්වා
ඇත්දැයි සොයා බලන බව ද ජාතික පාසල් ක්‍රීඩා සභාවේ ලේකම්වරයා ද වන බස්නාහිර පළාත්
අධ්‍යාපන ක්‍රීඩා අධ්‍යක්ෂවරයා පැවසීය.
No comments:
Post a Comment