Mar 6, 2012

ඕස්ට්‍රේලියාවට වර්නර් ගේ සවිය අහිමි වේ


ළමු අවසාන තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියා ඉණිමේ පළමු පන්දුවේ සිට අවසාන පන්දුව දක්වා කඩුල්ලේ රැදී සිටිමින් ලකුණු 163 ක් ලබා ගත ඩේවිඩ් වර්නර් ‍අද තරගයේදී ආබාධයක් නිසා ක්‍රීඩා නොකරනු ඇතැයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.එසේම පළමු අවසාන තරගයේදී අලස ක්‍රීඩා රටාවක් ක්‍රීඩා කළ ෆර්විස් මහරුෆ් වෙනුවට මෙම අවසාන තරගයේදී සචිත්‍ර සේනානායක එම ස්ථානය දිනා ගනු ඇතැයි ද එම ආරංචි මාර්ග ඔස්සේම වාර්තා වෙනවා.
විෂේශයෙන්ම බ්‍රිස්‍බේන් තණතීරුව මත ඕස්ට්‍රේලියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද වේග පන්දු යවන්නන්ට වඩා දග පන්දු යවන්නන් කැපී පෙණින.දෙපිළම ප්‍රචණ්ඩ පිතිහරඹයක නියැලි එම තරගයේ දී කඩුලු නොලැබුවේ වුව ද,ක්ෂේවියර් ඩොරති සහ ඩිල්ෂාන් පන්දුවෙන් පෑ දක්ෂතා නොවන්නට කණ්ඩායම් දෙකේම ලකුණු පූවරු 350 ද ඉක්මවා යන්නට තිබුණා.මේ තත්ත්වය නිසා අද තරගයේ අඩිලේඩ් තනතිල්ල තුළ දී ශ්‍රී ලංකාවට සුවිෂේශී වූ දග පන්දුවේ හැකියාව ගැන ශ්‍රී ලංකාව වඩා විශ්වාසයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ හැකියි.
එසේම ශ්‍රී ලංකාවේ සුපිරි එක්දින පන්දු යවන්නා වන ලසිත් මාලිංග වැඩි තරග ප්‍රමාණයක දී වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීම කැපී පෙනෙනවා.ඒ ලකුණ අතරේ ඔහු ශ්‍රී ලංකාවට වැඩි කඩුලු ප්‍රමාණයක් ලබා නොදුන්න හොත් එය ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන තරමේ ඉලක්කයක් වීමට ඇති ඉඩ විශාලයි.ඒ නිසා ශ්‍රී ලංකාවට පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට දුෂ්කර පන්දු යවන්නන් සංචිතයක් සිටීම වැදගත් වෙනවා.එසේම මාලිංග සතු පන්දු සංකලනය වැඩි කර ගැනීම හෝ එය භාවිතා කිරීම සම්බන්ධයෙන් වැඩි අධ්‍යයනයක් කිරීම ඔහුගේ මෙන්ම ලංකාවේ ද හිත සුව පිණිස වෙනවා.
කෙසේ හෝ අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වෙනවා.අවසාන තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ මෙම තරගයද පරාජයට පත් වුවහොත් ඕස්ට්‍රේලියාව තරගාවලිය 2-0 ක් ලෙස ජය ගන්නා නිසා තරගාවලියේ උණුසුම ද දිය වී යනවා.මූලික වටයේ අවසාන තරගය තෙක් අවසාන තරග සදහා පිවිසෙන කණ්ඩායම් කවරේද යන්න තීරණය කිරීමට අපොහොසත් වූ මෙම තරගාවලියේ තියුණු භාවය සුරක්ෂිත කරමින් මෙම තරගයේදී ශ්‍රී ලංකාව ජය ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ උණුසුම විදින්නට කැමති සියල්ලන්ගේම කැමැත්ත විය හැකියි. 

No comments: