Mar 6, 2012

පාසල් දැල් පන්දු මුල් පුටුව ගෝතමියේ සෝමා මුණසිංහ ට - ලේකම් අනුරුද්ධ යේ සුධර්මා


මේ වසර සදහා පැවති පාසල් දැල් පන්දු සම්මේලනයේ නිලවරණයේ දී සභාපති තනතුර සදහා කොළඹ ගෝතමී බාලිකාවේ සෝමා මුණසිංහ තේරී පත් වී සිටිනවා.ඇය,ශ්‍රී ලංකාවේ සිටි අති දක්ෂ මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරිවරයෙකු සහ පුහුණුකරුවෙකු වූ,වැලිවේරිය බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ආර් ඒ සිරිපාලයන්ගේ ප්‍රිය බිරිද වෙනවා.
ලේකම් ධූරයට පත් සුධර්මා ජයවර්ධන කාලයක් දැල් පන්දු කේෂ්ත්‍රයේ ඉහළ පරිපාලනය සමග සම්බන්ධ වී සිටින ජාත්‍යන්තර අත්දැකීම් සහිත අයෙක් වන අතර ඇය වර්ථමානයේ කොළඹ අනුරුද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිණිය ලෙස ක්‍රියා කරනවා.භාණ්ඩාගාරික තනතුර සදහා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වන මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ සංජිකා විජේනායක තේරී පත් වී ඇති අතර ඉකුත් වසරේ ලේකම් ධූරය දැරූ වර්ථමානයේ අධ්‍යාපන අමාත්‍යශයේ දැල් පන්දු ව්‍යාපෘති නිලධාරිණිය ලෙස ක්‍රියා කරන ශිරෝමි කුරුප්පු මේ වසරේ දී නියෝජ්‍ය උප සභාපතිණිය ලෙස තේරී පත් වී සිටිනවා.
කොළඹ මියුසියස් විද්‍යාලයේ ඩෙසීමා ප්‍රනාන්දු උප ලේකම් ධූරයට තේරී පත් වී සිටින අතර ජානකී ගුණසේකර,ලලිතා ද සිල්වා,ඉවැන්ජලින් ජයලත්,ශ්‍යාමේන් විතානවසම්,අමල්කා ගුණතිලක,ඩබ්කේ පද්මලතා සහ චන්ද්‍රානි ජයලත් මෙහි දී උප සභාපති තනතුරු සදහා තේරී පත් වූ අතර උප භාණ්ඩාගාරික තනතුරට චාන්දනී ගුණවර්ධනත් තරග ලේකම් ලෙස චම්පා රංජනී ත් තේරී පත් වූහ.

No comments: