Feb 25, 2012

පියාඹන ගැහැණියගෙන් යළි වාර්තාගත පියැඹීමක්

A familiar site - Yelena Isinbayeva with her World record numbers in Stockholm

පියාඹන ගැහැණිය නමින් විරුදාවලි ලත් යෙලීනා ඉසින්බයේවා ගෘහස්ථ තරගයකදී මීටර් 5.00 සීමාව ඉක්මවා ගිය පළමු රිටි පනින්නිය වීමට සමත් වූවාය.සිවීඩනයේ ස්ටොක්හෝම් හී පැවති ගෘහස්ත තරගාවලයේදී මීටර් 5.01 ක දස්කමක් පාමින් ජයගත් යෙලීනා විවෘත පිටියේ දී මෙන්ම ගෘහස්ථ පිටියේද රිටි පැනීම සදහා සුවිශේෂි ක්‍රීඩිකාව තමා බව යළිත් සනාථ කළේ විවෘත පිටියේ මෙන්ම ගෘහස්ත පිටියේ ද මීටර් 5.00 සීමාව ඉක්මවා ගිය පළමුවැන්නිය ලෙස ඉතිහාසයට එක් වෙමින්ය.යෙලීනා විවෘත පිටියේදී ද මීටර් 5.00 සීමාව ඉක්මවා ගිය එකම රිටි පැනීමේ ක්‍රීඩිකාව වන්නීය.ඇය නමින් ලියැවී ඇති එහි වර්ථමාන වාර්තාව මීටර් 5.06 කි.
මීට දෙසතියකට පෙර (පෙබරවාරි 4) ජර්මණියේ බොස්ටන් හී දී පැවති ගෘහස්ත තරගාවලියක දී ඇමෙරිකාවේ ජෙනිෆර් සුහ්ර් මීටර් 2.88 ක් පැන ජගත් ගෘහස්ත රිටි පැනීමේ වාර්තාව සිය නමට ලියා ගත්ත ද යෙලීනා ගේ මෙම ඓතිහාසික පිම්මත් සමග ජෙනිෆර් ගේ නම  වාර්තා පොතෙන් ඉවත් වී යන්නීය.14 වන ජගත් ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලිය මාර්තු 9 දා තූර්කියේ ඉස්තාන්බුල් හී දී ඇරඹීමට නියමිත අතර ඊට දින 15 ට මෙපිටින් යෙලීනා පෑ මේ දක්ෂතාවය ඇයට මෙම තරගාවලිය සදහා මුහුණ දීමට අමතර ශක්තියක් සපයනු නො’අනුමානය.

1 comment:

Sasroo said...

ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.