Dec 29, 2013

එස්එස්සී පිතිකරුවන්ගේ උත්සාහයට ජයම්පති ජය ගෙන දෙයි

Charith Jayampathi celebrates a wicket
චරිත් ජයම්පති
ශ්‍රී ලංකාවේ පළමු පෙළ එක් දින ක්‍රිකට් සූරතාවයට හිමි කම් කියන්නට කොළඹ එස්එස්සී ක්‍රීඩා සමාජයට හැකි වුණා.ඔවුන් සතු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අඩුව අවසන් තරගයට පිවිසි එස්එස්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඊයේ පළමු වරට පළමු පෙළ තරගයකට සහභාගි වූ වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලයෙන් බිහි වූ ක්‍රීඩකයෙක් වන විශ්ව විජේරත්න තවත් තරුණ ක්‍රීඩකයෙක් වූ ධනුෂ්ක විජේරත්න සමග එක්ව ලබා දුන් සාර්ථක ආරම්භය එස්එස්සී කණ්ඩායමට තරගයේ අවසන් භාගයේ රිසි සේ ප්‍රහාර සදහා යන්නට ආශිර්වාදයක් වුණා.28 වන ඕවරය තෙක් කඩුල්ලේ රැදෙමින් කඩුලු දැවී යාම වළක්වමින් ක්‍රීඩා කළ විජේරත්න අවාසනාවන්ත ලෙස සිය පළමු පෙළ පළමු අර්ධ ශතකයට එක් ලකුණක් අඩුවෙන් දැවී ගිය අතර ඔහු විසින් ඉදිරියට තල්ලු කර දුන් එස්එස්සි ඉණිමට අවසාන භාගයේ ජීවය කැවූ චාමර කපුගෙදර පන්දු 57 දී ලකුණු 70 ක් ලබා ගත්තේ දැවැන්ත 6 පහර තුනක් ද එල්ල කරමින්.චාමරට සහය වූ තිළිණ කණ්ඩම්බි සහ ධම්මික ප්‍රසාද් ගේ ද සහය ඇතිව එස්එස්සී ඉණිමට පන්දු ඕවර් 50 නිමා වන විට කඩුලු 9 ට ලකුණු 263 ක් කරා යන්නට හැකි වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි එන්සීසි කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරාම සාර්ථකව සිටි නිරෝෂන් දික්වැල්ල අසාර්ථක කරමින් ඇරඹි චරිත් ජයම්පති ගේ පන්දු යැවීමේ වික්‍රමය හමුවේ එන්සීසී ක්‍රීඩකයන් සිව් දෙනෙක්ටම නැවත ක්‍රීඩාගාරය බලා හැරී යාමට වුණා.තරගය නිමා වන විට ලකුණු 49 ට කඩුලු 4 ක් ලබා සිටි ජයම්පති එන්සිසි ලකුණු පූවරුව ලකුණු 44 ක් වන විට කඩුලු ප්‍රමාණය 3 ක් බවට පෙරළන්නට සමත් වුණා.මෙසේ එන්සීසි කඩුලු බිද වැටෙද්දී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් බිහි වූ සිය පළමු පළමු පෙළ තරගාවලියට එක් වුණු ලහිරු උදාර එන්සීසී ඉණිම ගොඩ ගන්නට විශාල වෙහෙසක් දරමින් පන්දු 66 දී ලකුණු 42 ක් ලබා ගත්තා.මෙම වගකීම් පෙරදැරි ඉණිම හේතුවෙන් වඩා විශ්වසනීය ලෙස ප්‍රහාර සදහා යොමු වෙමින් අගනා අර්ධ ශතකයක් (55)  ලබන්නට  ජෙහාන් මුබාරක් සමත් වුණා.නමුත් කඩුලු අතර දිවීමේදී දක්වන දුරුවලතාවය මත මුබාරක් දුවද්දී දැවී ගිය අතර පසුව පැමිණි ෆර්විස් මහරූෆ් සහ ලහිරු මධුශංක යම් උත්සාහයක් දැරුවද එය එස්එස්සී ජය වැළක්වීමට ප්‍රමාණවත් නොවුණු අතර තරගයේ 46 වන ඕවරයේ පළමු පන්දුවේදි එන්සීසී ඉණිම ලකුණු 224 ට නිමාවට පත් වු‍ණා.
තරගයේ ලකුණු විස්තරයට පිවිසීම සදහා පහත සබදතාවය තෙරපන්න
http://www.espncricinfo.com/premier-limited-over-tournament-2013-14/engine/match/687891.html

www.supirikrida.com

Dec 28, 2013

චන්දිමාල් සහ මෙණ්ඩිස් පරජයේ අවමානය කෙටි කර දෙති

Kusal Perera and Tillakaratne Dilshan put on 75 for the first wicket
ජයග්‍රහණය සදහා හේතු වූ ශක්තිමත් ඇරඹුම
ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති එක්දින තරග 5 ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නොසැළකිල්ල හේතුවෙන් 4 - 1 ක් ලෙස ජය ගැනීමට පකිස්තානයට උදා වූ අවස්ථාව වැළක් වූ දිනේෂ් චන්දිමාල් ගේ ඉවසිලිවන්ත පිතිහරඹය සහ අජන්ත මෙණ්ඩිස් ගේ ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරාජය 3 - 2 ක් ලෙස අවම කර ගන්නට හැකි විය.කාසියේ වාසිය ලැබූ පකිස්තානු නායක මිස්බා උල් හක් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර මීට ප්‍රථම තරග වලට වඩා විශ්වාසයෙන් යුතුව පන්දු යැවූ සහ පන්දු රැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පකිස්තානු ප්‍රහාරය පන්දු ඕවර් 49.3 දී ලකුණු 232 ට සීමා කරන්නට හැකි වූ අතර එම ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 49.4 දී කඩුලු 8 ක් පමණක් දැවී ඉක්මවා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු දෙකක ජයක් ලැබූහ.
පකිස්තානය වෙනුවෙන් යළිත් ලකුණු අතරට පැමිණි මොහොමඩ් හෆීස් ලකුණු 41 ක් ලැබූ අතර ප්‍රහාරාත්මක ඉණිමක් ක්‍රීඩා කළ අන්වර් අලී නොදැවී ලකුණු 41 ක් රැස් කළේ පන්දු 38 ක් පමණක් වැය කරමින්ය.වැඩිම ලකුණු ලාභියා වූ නායක මිස්බා උල්හක් ලකුණු 51 ක් රැස් කළ අතර පන්දු යැවීමෙන් ලකුණු 57 ට ලසිත් මාලිංග කඩුලු 4 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් කඩුලු 3 ක් ලබා ගැනීම සදහා ලබා දුන් ලකුණු සංඛ්‍යාව 42 කි.නායක ඇන්ජලෝ මැතිව්ස් සිය පන්දු ඕවර් 10 පකිස්තානු පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම අතිශයින් දුෂ්කර කාර්යයක් කරමින් අවසන් කළේ ලකුණු 26 ක් ලබා දෙමින් එක් කඩුල්ලක්ද කබා ගනිමින්ය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉතා හොද ආරම්භයක් ලබා ගත් අතර කුසල් ජනිත් (47) සහ ඩිල්ෂාන් (45) පන්දු ඕවර් 12.2 ක් තුළ ලකුණු 75 ක සබදතාවයක් පැවත්වීමට සමත් වූහ.නමුත් ඉන් අනතුරුව කිසිවෙක් සාර්ථක වන බවක් නොපෙණුන අතර තරගය ක්‍රමයෙන් පකිස්තානයේ ග්‍රහණයට නතු වෙද්දී දිනේෂ් චන්දිමාල් හුදෙකලා අරගලයක නියැලිණ.නමුත් ලකුණු 195 ක් ව තිබියදී පිටියට පිවිස නව වන කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සමග නොදැවුණු ලකුණු 40 ක සබදතාවයක් පැවත් වූ අජන්ත මෙණ්ඩිස් නොදැවී ලකුණු 19 ක් ලැබුවේ පන්දු 14 ක් තුළයි.චන්දිමාල් එක් හතරේ පහරක් සහ හයේ පහරක් පමණක් වැය කළද නොදැවී එක් කළ ලකුණු 64 වෙනුවෙන් අනවශ්‍යය ලෙස පන්දු වැය කිරීමක් නොකළ අතර ඔහු හොදින් ස්ථාන ගත කරමින් ලබා ගත් කෙටි ලකුණු හේතුවෙන් ලකුණු 64 සදහා වැය වුණේ පන්දු 70 ක් පමණි.
ශ්‍රී ලංකාවට තරගාවලියේ සිව්වන පරාජයත් ලබා දෙන්නට උත්සාහ ගත පකිස්තානු පන්දු යවන්නන් අතරින් ප්‍රබලම පීඩනය එල්ල කළ ජුනයිඩ් ඛාන් 31 කඩුලු 3 ක් දවා ගත් අතර සයීඩ් අජ්මාල් ලකුණු 42 ට කඩුලු 2 ක් ලබා ගත්තේය.තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් තිබූ ජයක් නැවත ඒ දෙසට හැරවීම සදහා ප්‍රශස්ත පිතිකරණයක යෙදි දිනේෂ් චන්දිමාල් නම් කළ අතර තරගාවලියේ වීරයා වූ මොහොමඩ් හෆීස් ය.
තරගාවලියේ ලකුණු විස්තරයට පහත සබදතාවය මත තෙරපීමෙන් ප්‍රවේශ විය හැකිය.
http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/current/match/657645.html

www.supirikrida.com

Dec 16, 2013

සුක්කානම යළිත් තිලකාට?


ශ්‍රී ලංකා දැල් පන්දුවේ වත්මන් කඩා වැටීමට හේතු දක්වද්දී එයට තිලකා ජිනදාස පුහුණුකාරීත්වයෙන් ඉවත් කිරීම ද හේතු වූ බව ක්‍රීඩා අමාත්‍යවරයා පවා කලෙක සිට පවසන කතාවක් වුව ද,කිසිදු බලධාරීත්වයක් එය නිවැරදි කිරීමට ඉදිරිපත් වූයේ නැත.ඒ නිසාම ශ්‍රී ලංකාව ලෝකයේ පමණක් නොව ආසියාවේද තමන්ට හිමි තත්ත්වයෙන් පහත වැටී සිටින අතර මේ කඩා වැටීම නැවත්වීම සදහා යළිත් තිලකා ජිනදාසගේ සේවයේ අවශ්‍යයතාවය දැණුනද,බොහෝ දැල්පන්දු නෝනලා තිලකා ඉවත් කිරීම සදහා තමන් දායකවීම පිළිබද ආත්මීය වශයෙන් ඇති වූ තුවාලය නැවත පාරා ගනිමින් තිලකා දෙස සෘජුව බැලිය නොහැකි ආකාරයේ ආත්මීය ලැජ්ජාවකින් දුක් විදිමින් සිටිති.
ඒ නිසාම තිලකා කැදවීම පසෙක ලා,ඔවුන් ජාතික පුහුණුකාරියට අයදුම්පත් කැදවීමට තීරණය කර තිබෙන අතර සුපිරික්‍රීඩා කරන ලද විමසීමකදී තිලකා කියා සිටියේ තමන් ද එම තනතුරට ඉල්ලුම් කරන බවය.මම සිංගප්පුරුවෙදි දැක්කා අපේ තත්ත්වය ගැන.ඒ ළමයි අදක්ෂයි කියලා කියන්න බැහැ.
ඒත් දක්ෂතාවය කියන්නෙ සාපේක්ෂ දෙයක්.ඒ නිසා අපි සෙස්සන්ට වඩා දක්ෂ වෙන්න ඕනි කොහොමද කියන එක ඒ දරුවන්ට කියා දෙන්න ඕනි.ඒ තත්ත්වයට ඒ දරුවො පත් කරන්න ඕනි.මට පුහුණුකාර තනතුර ලැබුණොත් ඒ සදහා ක්‍රියාත්මක කරන්න නියමිත මගේ සැළසුම් සදහා ලැබෙන පහසුකම් අනුවත් ප්‍රතිපලයේ ප්‍රමාණය තීරණය වේවි. තිලකා එසේ පවසන්නේ වුව ඇය තවමත් ඉල්ලුම්කාරියක් පමණි.ඇතැම් විට සම්මුඛ පරීක්ෂණයේදී තිලකාගේ ප්‍රවීන්තවයට ලකුණු නොලැබී වෙනත් අපෙක්ෂිකාවන් සදහා ලකුණු ලැබෙනාකාරයට සම්මුඛ පරීක්ෂණයේ ලකුණු ලැබෙනාකාරය සකස් කළ ජ්‍යෙෂ්ඨයන්ද තවමත් දැල් පන්දුවේ සිටින බැවින් තිලකා ට සම්මුඛ පරීක්ෂනයට මුහුණදීම පහසු නොවනු ඇත.
කෙසේ නමුත් ජ්‍යෙෂ්ට පුහුණුකාරියන් කිහිප දෙනෙක්ම තිලකාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව දැන ගන්නට ඇති අතර එසේ වන්නේනම් සහය පුහුණුකාරිණී තනතුර සදහා වන තරගය වඩා උණුසුම් වනු ඇත.
දැල් පන්දු සම්මේලනය පවසනාකාරයට සිය සුදුසුකම් සහිතව ඉල්ලුම් පත්‍රය සකස් කර දෙසැම්බර් 31 ට පෙර ජාතික සහ ජාතික සහය පුහුණුකාරී තනතුර සදහා ඉල්ලුම්පත් ලබා දිය යුතු අතර ශ්‍යාමා කුරේ (0714 186 521) හෝ සුධර්මා ජයවර්ධන (0718 227 646) ඇමතීමෙන් වැඩි විස්තර දැන ගැනීමට අවස්ථාව සළසා ඇත.
www.supirikrida.com

Dec 14, 2013

ලංකාව තැන රැක ගනියි

Kusal Perera celebrates his half-centuryඩුබායි හී ක්‍රියාත්මක පකිස්තාන - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ දෙවන 20 / 20 තරගය ලකුණු 24 කින් ජය ගත් ශ්‍රී ලංකාව තව දුරටත් ජගත් 20/20 පිටියේ අංක ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.ඒ අනුව තරග දෙකකින් යුත් තරගාවලියේ තීරණය 1 - 1 ක් බවට පත් වුණා.පළමු තරගයේදී මෙන්ම කාසියේ වාසිය ලත් මොහොමඩ් හ‍ෆීස් පළමුව සිය කණ්ඩායම පන්දු රැකීමට පිටියට රැගෙන ආ යුතු බව තීරණය කළා.නමුත් පළමු තරගයේ මෙන් අසාර්ථක නොවුණු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පකිස්තානය කර කියා ගත නොහැකි තත්ත්වයට පත් කළා. 


කුසල් ජනිත් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට එකතු කළ ලකුණු සම්බන්ධය ලකුණු 100 ක් වූ අතර 12 වන ඕවරයේ අවසාන පන්දුවට ඩිල්ෂාන් දැවී යන විට ඔහු ඉදිරියේ පන්දු 33 කින් ගලා ආ ලකුණු 48 ක් සදහන්ව තිබුණා.කුසල් දුවද්දී දැවී ගියේ තරගයේ අවසාන පන්දුවට වූ අතර ඒ වන විට ඔහුගේ ලකුණු ලබා ගැනීම පන්දු 59 කින් ලැබුණු ලකුණු 84 ක් ලෙස සදහන් වුණා.සිය පළමු 20/20 තරගයේදීම පිතිකරු නාමාවලියේ උසස්වීමක් ලැබූ සීකුගේ ප්‍රසන්න පන්දු 8 ට මුහුණ දී ලකුණු 21 ක් ලබා ගත්තා.ඩිල්ෂාන්ගේ ඉවත්ව යාමෙන් පසු පිටියට එක් වූ සංගක්කාර,කුසල් සමග එක් ව වඩාත් පහසුවෙන් පහර දෙන්නට වුණා.14 වන ඕවරයේ අවසාන පන්දුවේදි ඇරඹි මෙම සබදතාවය අවසාන ඹ්වරයේ අවසාන පන්දුවට පැමිණෙද්දී පන්දු ඹ්වර් 5.1 ක් තුළ ලකුණු 78 ක් එක් කර තිබුණා.ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ සංගක්කාර පන්දු 21 තුළ ලකුණු 44 ක් ලබා නොදැවී සිටියා.
පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානය වෙනුවෙන් වගකීම උර මතට ගත් ආරම්භක පිතිකරු ෂාර්ජිල් ඛාන් පන්දු 25 ක් තුළ ලකුණු 50 ක් රැස් කළ අතර  සහීඩ් අෆ්රිඩී පන්දු 13 දී ලකුණු 28 ක් ද,සොහේල් තන්වීර් පන්දු 26 දී ලකුණු 41 ක් ද ලබා ඛාන් ගේ උත්සාහය යහපත් ප්‍රතිපලයක් බවට පත් කරන්නට උත්සාහ දැරුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ රකින්නන් ඔවුන් පන්දු ඹ්වර් 19.2 දී ලකුණු 187 ට සීමා කළා.අපූරු ප්‍රහාරයක් දියත් කරමින් ශ්‍රී ලංකා ඉණිම පුරාම ජීව ගුණය රැද වූ කුසල් ජනිත් පෙරේරා තරගයේ වීරයා බවට පත් වෙද්දී පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත් සහීඩ් අෆ්රිඩී තරග දෙකේම දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගෙන තරගාවලියේ වීරයා ලෙස නම් කළා.
http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/match/657635.html සබදතාවය හරහා තරගයේ නිල ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.

Dec 13, 2013

ඇමතිගේ හුළං ගෙන දන්දෙණිය විහිළු පුම්බයි

සුරාජ් දන්දෙණිය වර්ථමානයේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා වෙයි.ඒ සභාපතිකම ඔහුට ලැබුණේ ඔහු ක්‍රීඩා කර තිබුණු නිසා නොවන අතර ක්‍රීඩා ඇමතිවරයාගේ ආශිර්වාදය ඇතිවය.                    
Our players need to give first priority to badminton from the time they are at the junior level but with the O’ Level and A’ Level exams they can’t do that. If you look at players from China, India and Malaysia they are playing six hours of badminton at a professional level. Sri Lankan players are focused only on playing the National and Junior National championships. Foreign competitions are just like tours for them. - Suraj Dandeniya (Sri Lanka Badminton  Association President)එහිදී ද ගැටළු පැන නැගිණ.අමාත්‍යවරයාගේ ආශිර්වාදය තිබුණාට ඔහුට එදිරිව ආ කණ්ඩායමක්ද විය.එහි ජාතික සූරයෝ පමණක් නොව ජගත් තලයෙන් රටට කීර්තිය ගෙනාවෝද වූහ.නමුත් ක්‍රීඩා පණතේ යම් යම් වගන්ති සිය අභිමතය පරිදි අර්ථ ගන්වා ගත් දන්දෙණියවාදි බවට පත්ව සිටි හිටපු පරිපාලනය එම නාම යෝජනා පවා ප්‍රතික්ෂේප කරමින්  දන්දෙනිය එදිරිවාදීන් ඉදිරිපත් වීම පවා වළක්වන්නට උත්සාහ දැරූ අතර ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මර නින්දේ පසු වීම හේතුවෙන් මේ වන විට ප්‍රශ්නය ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය දක්වා ගොස් මේ වන විට එම සංගමය ප්‍රශ්නය පිළිබදව සොයා බැලීමට අනු කමිටුවක් ද පත් කර අවසන්ය.
ඒ ආකාරයට ක්‍රීඩා පරිපාලනයට සම්ප්‍රාප්ත දන්දෙණිය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඔලිම්පික් කමිටුවේ බලය වෙනස් කිරීමේ උවමනාව නියෝජනය කරන පිළේ භාණ්ඩාගාරිකවරයා ද වන්නේය.නමුත් අපේ සෙල්ලම් අපිට ඕන විදිහට තියෙන්න ඕනි කියල හිතන්නට යාමේ හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩාවටද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තර්ජනාංගුලිය එසැවීමෙන් පසුව ඔලිම්පික් නිලවරණය ක්‍රීඩා පණතේ සංශෝධනයෙන් ඉක්බිති පැවත්වීමට ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දු වීමට අමාත්‍යවරයාට සිදු විය.එසේ නොවන්නේනම් වන්නේ ජාත්‍යන්තර වශයෙන් රටේ ක්‍රීඩාව තහනමකට ලක් වූ පසු ජාතික ධනය ද ඉතිරි කර ගෙන දන්දෙණිය වැනි චරිත කිහිපයක් අල්ලාගෙන දාම් ඇදීම,චක්ගුඩු,තාච්චි වැනි ක්‍රීඩා කිහිපයක් කර ගෙන අපේ කම ගැන මෝඩ ආස්වාදයක් ලබන්නටය.අවශ්‍යයනම් වෙලේ ගොයම් කැපූ කාලයට සම්බෝල කැඩීම වැනි ක්‍රීඩාවක් විශාල ඉඩකඩක පවත්වමින් ජාතික තරගාවලියක් පවත්වන්නට වුව කම් නැත.එහි නීති සැකසීමට ද ඊටම ගැලපෙන නීතිඥයෙක් මේ වන විටත් අමාත්‍යවරයාට සිටින නිසා ගැටළුවක් ඇති නොවනු ඇත.
කෙසේ හෝ අහම්බෙන් ඇමති අත්සනින් ක්‍රීඩා පරිපාලකයෙක් වන දන්දෙණිය මේ වන විට කාටත් හොරෙන් ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩා පරිපාලකයෙක්ට අදින්නට පටන් ගෙන ඇත.මේ ආකාරයට සිංහ හම් පොරවා ගත්තද කෑ ගසන විට හූ හඩ නැගෙන නිසා සතා හදුනා ගන්නට අපහසු නැත.එසේ දන්දෙණියගේ හූ හඩ මෙන්ම හූ හඩ දී සිනාසෙන්නට සිතෙන අන්දමේ ගොං පාට් තොග පිටින් එළියට දැමීමක් මේ කාලයේ දන්දෙණිය විසින් කර ගෙන යන්නේය.
පළමු වැන්න ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලියන ලිපිය ය.ඒ ලිපියේ එක් තැනෙක ඔහු සදහන් කරන්නේ ඔහු ද හේමසිරි ප්‍රනාන්දු හා සම බවක්ය.ඇමති අත්සනෙන් සභාපති පුටුවකට එන දන්දෙණිය ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ඇගයීම් ලද ක්‍රීඩකයෙක්ව සිට ක්‍රීඩා පරිපාලනයට පිවිසි හේමසිරි හා සම වන්නේ කෙසේද?පරිපාලන නිලධාරියෙක් සිට මේ රටේ මුදල් ගැවසෙන ආයතන කිහිපයකම ප්‍රධානියාව සිටි හේමසිරිට මුල්‍ය චෝදනා නැත.සුරාජ්  එසේද යන්න ලෝක කුසලාන ක්‍රිකට් වල දැමූ සෙල්ලම් වල සිටම අපි දන්නෙමු.වර්ථමානයේද තැපැල් අමාත්‍යංශයේ ලේකම් ධූරය දරන හේමසිරි ප්‍රනාන්දු හිටපු අග්‍රාමාත්‍ය ලේකම් ය.වර්ථමාන ලේකම් පදවියට පත්වෙන තෙක් හේමසිරි,ජනාධිපතිවරයගේ ක්‍රීඩා සම්බන්ධ උපදේශකය.මේ හා කුමන සමානකමක් සුරාජ් සතුව ඇද්දැයි සිතන විට සුරාජ් හේමසිරිට වචනයකින් සමානකමක් ඇතැයි පැවසීම හේමසිරිට කරන අගෞරවයක් මෙන්ම සාමාන්‍යයෙන් දෙදෙනා ගැනම දන්නා අයෙක්ටනම් එය හොදින් සිනා සිය හැකි විහිළුවක්ය.
එසේම පසුගිය දිනෙක දන්දෙණිය අපූරු කතාවක් ද කීවේය.ඒ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය කියා සංගමයක් තිබෙන බව ඔහු නොදන්නා බවය.වසර 40 ක් පැරණි සංගමයක් එසේ නොදන්නවා කියන දන්දෙනිය බස්නාහිර පළාතේම පදිංචිව සිටින්නෙකු වීම මෙන්ම ඔහු සභාපතිත්වය දරණ සංගමයේ නිල වෙබ් අඩවියේ එම තරගාවලිය පිළිබදව සදහන්ව තිබීමත් ඔහු නොදැන සිටීම විහිළුවක් නොවන්නේනම් එය අනුකම්පාවට කාරණයක්ය.නමුත් දන්දෙණියගේ එම විහිළුවට පිළිතුරු දෙන බස්නාහිර සභාපතිවරයා ඔහුට බස්නාහිර පළාතේ පදිංචිකරුවෙක් ලෙස සිය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට ආරාධනා කර සිටින්නේ ය.එය දන්දෙණිය ලැජ්ජාවට පත් කරන්නට කරන යෝජනාවක්නම් දන්දෙණිය මේ තාක් කල් කළ කී දේ සිතන විට ඔහුට ලැජ්ජාවක් තිබෙන බව සිතීමත් විහිළුවක් පමණක් බව බස්නාහිර සභාපතිවරයා නොදැන සිටීම කණගාටුදායකය.
මේ සියල්ලට හේතුව ක්‍රීඩා ඇමතිවරයා තිරිංග නොමැති වාහනයක් බවට පත්වීමය.ඔහු අමාත්‍යධූරයට පත් වූ පසු පරිපාලන තිරිංග සියල්ල බුරුල් කර ගත්තේ එය වේගයෙන් සිය ගමණ යාමට පහසුවක් වේ යැයි සිතා නමුත් දැන් එම වේගය මරු කැදවන තත්ත්වයට පත්ව ඇත.වේදනාව ඒ වරදින් මරණාසන්නව ඇත්තේ ක්‍රීඩාව වීමය.ඔහු ක්‍රීඩා අමාත්‍යංශයේ මෙන්ම සංවර්ධන දෙපාර්තමේන්තුවේද පුටු වලට සිය හිතවතුන් කැදවා ගෙන ආවේ වැඩේ පහසු කර ගන්නටය.ඒ සියල්ලෝ මහින්දානන්ද සරණං ගච්චාමි වූ බැවින් කිසිවෙක් කිසිවකට විරුද්ධ නොවිණ.ඇතැමෙක් ඇමතිකම සිය තනතුරට ඈදා හිසට තබා රැස් වළලුද පැළද ගෙන වහසිබස් දොඩන තත්ත්වයට පත් වූවෝය.
අපට ක්‍රීඩා ඇමතිවරයාගේ පෞද්ගලික ජීවිත ප්‍රශ්නනම් අදාළ නැත.ඒ සදාචාරය පවත්වාගෙන යාමේ සීමා ඔහුට අයත් කාර්යයක්ය.නමුත් ඔහු රටේ ක්‍රීඩාවට කරන හානිය මෙන්ම ඔහු ගේ පෞද්ගලික ජීවිතයේ බිද වැටීම් පදනම් කරමින් මතු වෙන අයථා මුදල් ඉපැයීම් පිළිබද වාර්තා නම් රටට සහ ජනතාවට බලපාන බැවින් එය ඔහුගේ බිත්ති හතරට අදාළ කාරනාවක් ලෙස සිතා බැහැර කිරීමට නොහැකිය.මේ සියල්ල තුළ පැහැදිළි වන්නේ ඔහු කුමන හෝ අඩුවක් වසා ගන්නට උත්සාහ දරණ බවය.ආර්ථික වශයෙන් සිදුවන වැරදි ගණු-දෙණු පිළිබද වාර්ථා මෙන්ම ඔහු ක්‍රීඩාවේ පුද්ගලයන් ළංකර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම සළකා බලද්දී ද මේ බව තහවුරු කර ගැනීමට හැකිය.
ඔහු හේමසිරි වැනි චරිත ප්‍රතික්ෂේප කරන්නේය.ආසියානු දැල්පන්දු තරගාවලිය මොහොතේ සිය දරුවාගේ අධ්‍යාපනික කටයුතු ද නවත්වා සිය සැමියාගේ පාසල් සගයෙක් ලෙස අමාත්‍යවරයාගේ ඉල්ලීමට දැල්පන්දු අතුරු කමිටුවේ මුල් පුටුව භාර ගත් තමාරා ධර්මකීර්ති වෙනුවෙන් දක්වන සැළකිල්ලද මීට හොද උදාහරණය.බැංකු කේෂ්ත්‍රයේ පිළිගත චරිතයක් වන තමාරාට එසේ සළකන අමාත්‍යවරයා විදේශ රැකියා ඒජන්තවරයෙක් ලෙස මෙන්ම ලෝක කුසලාන තරගාවලියේද පළුදු ඇති කර ගත් නමක් ඇති සුරාජ් දන්දෙණිය සමීප හිතවතෙක් බවට පත් කර ගන්නේය.
ක්‍රීඩාවේදී මුළු ලෝකයම ක්‍රියාත්මක වන්නේ එක නිතියක් යටතේය.වොලිබෝල් පිටියේ දිග පළල රටින් රටට වෙනස් නොවන අයුරින්ම ඒ ක්‍රීඩාවල පරිපාලන ව්‍යහුය ද රටින් රටට වෙනස් වීමට ඉඩ නැත.අපි නිතැතින් ලෝක සම්මේලනවල සාමාජිකයන් ලෙස එම නීති-රීතින්ට යටත්ව කටයුතු කළ යුතුය.ඒ බව නොදැන කටයුතු කිරීම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් අපිට නොයෙකුත් බාධා එල්ල විය.මේ බව දැන දැනම අපි යළිත් අපි ජාත්‍යන්තරය සමග ඔට්ටු කරන්නට යාම භයානකය.ලෝකය ඉදිරියේ හුදෙකලා වී මේ ගමන යා නොහැකි බව කියා දෙන්නට හැකි අයෙක් ක්‍රීඩා අමාත්‍යවරයා සමීපයේ නොමැති වීම ඛේදයකි.ඒ වෙනුවට අමාත්‍යවරයාගේ සමීපකම පමණක් ඇතිව මුල් පුටුවලට පැමිණ තිබෙන සුරාජ් වැන්නන් ක්‍රීඩාවේ තාක්ෂණය සහ ජාත්‍යන්තර හැසිරීම් සහ පිළිවෙත් නොදැන අමාත්‍යවරයා චූන් කරමින් සිටියි.මේ නිසා එවැනි දර්ශණවලින් පිරුණු කොමඩියක් බවට පත් කර ඇත.එහෙත මේ කොමඩියේ නිමාව සටහන් කරනු ඇත්තේ දුංඛාන්තයකින්ය.ඒ නිසා පිටපත වෙනස් කිරීමට අවශ්‍යය වන්නේය.එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා අධ්‍යක්ෂවරයා ලෙස මෙහි චරිත මාරු කර ඒවාට සුදුසු පුද්ගලයන් රංගනයට යොදන්නට අප්‍රමාදව ක්‍රියා කළ යුතුය.එසේ නොවුණොත් අනුන්ට දිග් කරන ඇගිළි හකුලාගෙන සැබෑ බොල් පිලිම දැක ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ඔහු කියන දේ ක්‍රීඩාව විය යුතු බව සිතන සම්ප්‍රදායික දේශපාලන ඇම්බැට්ටයන් ලෙස ක්‍රියා කරන ඔහු ඇතුළු සියළු නිලධාරීන්ට තමන්ගේ නිවසේ ඇති කැඩපතේ උදව් ලබා ගැනීමට හැකිය.
www.supirikrida.com

ලංකාවෙ එකට තට්ටු කරන්නට පකිස්තානය උත්සාහ දරයි

Shahid Afridi after hitting the winning six for Pakistanඩුබායි හී පැවත්වෙන ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවති පළමු 20/20 තරගය සහීඩ් අෆ්රිඩී විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් පකිස්තානයට ජය ගැනීමට හැකි වූ නිසා 20/20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව සිව්වන ස්ථානයේ සිටි පකිස්තානය නවතම ශ්‍රේණිගත කිරීම් වලදී පියවරක් ඉදිරියට පැමිණ අංක 3 ස්ථානයට උසස් විය.අද දෙවන තරගයද පකිස්තානය ජය ගතහොත් දැනට අංක එකට සිටින ශ්‍රී ලංකාවට එම ස්ථානය අහිමි වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදුවන අතර පකිස්තානයට අංක එක සදහා ප්‍රවේශ විය හැකි මාර්ගය සකස් වෙනවා ඇත.
පැවති පළමු 20/20 තරගයේදී  කාසියේ වාසිය ලැබූ පකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ට ලකුණු 145 ක් ලබා ගන්නට සමත් විය.මෑත කාලයේ දිගින් දිගටම සාර්ථක වූ ඩිල්ෂාන් ලකුණු 7 ට දැවී ගිය අතර,14 වන පන්දු ඕවරයේ සිව්වන කඩුල්ල ලෙස සංගක්කාර දැවී යන විට ලකුණු පූවරුවේ සටහන් වූයේ ලකුණු 84 ක් පමණි.අනතුරුව පිටියේ එක් වූ මැතිව්ස් සහ තිරිමාන්න දෙදෙනා පස්වන කඩුල්ලට ලකුණු 58 ක් පන්දු 34 ක් තුළ එක් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුණු 50 ක් රැස් කරන්නට යෙදිණ.
පිලිතුරු ඉණිමට පිවිසි පකිස්තානය වෙනුවෙන් දෙවන කඩුල්ලට නායක මොහොමඩ් හෆීස් සහ ෂාර්ජීල් ඛාන් එක්ව ලකුණු 57 ක සබදතාවයක් පැවත් වුව ද,15 වන ඕවරයේදී පකිස්තානයට පස්වන කඩුල්ලත් අහිමිව ගොස් තිබිණ.අනතුරුව පිටියට පිවිසි සහීඩ් අෆ්රිඩී සුපුරුදු අනුකම්පා විරහිත ප්‍රහාරයට පිවිසෙමින් නියමිත පන්දු ඕවර් 20 නිමා වීමට තවත් පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය පකිස්තානය ගෙන දුන්නේය.අ‍ේරිඩී පන්දු 20 කින් ලකුණු 39 ක් උදුරා ගෙන තිබුණේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගය.ඒ නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමි විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසය හැකි සබදතාවයය. http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/match/657633.html
www.supirikrida.com

Dec 11, 2013

අංක එක සහ අංක හතර ගැටෙති

Pak vs Sri Lank Series 2013ඩුබායි හී පැවත්වෙන ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් අද එම තරගාවලියට අදාළ ප්‍රථම 20/20 තරගය පැවත්වීමට නියමිතය.වර්තමානයේ ලොව 20/20 ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් වල දී අංක එකට සිටින කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව වන අතර අංක හතරට සිටින කණ්ඩායම පකිස්තානය ය.නිරන්තරයෙන්ම හොද සටනක් පවතින තරග බවට පත් වෙන ශ්‍රී ලංකා පකිස්තාන තරග ඉතිහාසය අනුව යමින් ශ්‍රී ලංකාවේ අංන එකේ ගෞරවයට හානි කරන්නට පකිස්තානය උත්සාහ දරනාකාරයෙන්ම ශ්‍රී ලංකාවද සිය තත්ත්වය රැක ගැනීමට උපරිමය කරනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් බහුල මහේල ජයවර්ධනගේ සහය මෙම තරගාවලියේදී නොලැබෙන අතර නමුත් පසුගිය තරග වලදී ඉදිරියට පැමිණි තරුණ ක්‍රීඩකයන් අතර සිටින කුසල් ජනිත් කල්පනාකාරී වුවහොත් එය එතරම්ම ගැටළුවක් නොවනු ඇත.කල්පනාකාරීත්වය මෙන්ම වේගය මනාව පාලනය කර ගනිමින් සිටින ඩිල්ෂාන් මෙම තරගාවලියේදි කෙතරම් දුරට සාර්ථක වේද යන්න ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධකයක් වනු ඇති අතර කුමාර සංගක්කාරගේ දායකත්වය අතිශයින් වැදගත් වනු ඇත.ලසිත් මාලිංග මෙන්ම නිවන් කුලසේකර ද පන්දු යැවීමේ අංශයේදී වැදගත් භූමිකාවන් නිරූපනය කරනු ඇති අතර,සිය පළමු 20/20 තරගයේදී සාර්ථක වූ රමිත් රඹුක්වැල්ල අද ශරීර සෞඛ්‍ය මත තරග වැදීම හෝ නොවැදීම  සිදු කරනු ඇති අතර ඔහු තරගයට සහභාගි නොවන්නේනම් සීක්ගේ ප්‍රසන්න එම ඉඩ වසා දැමීමට හැකි යහපත් මට්ටක සිටින්නේය.
www.supirikrida.com

සූරතා ද්විත්වයම ඔටර්ස් සතු වේ

Displaying A DIVISION  MEN AND WOMAN  CHAMPIONS  AUTUS CLUB.JPGස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන්නට යෙදුණ 40 වැනි බස්නාහිර පළාත් කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ ඒ කොටසේ සූරතා ද්විත්වයම දිනා ගන්නට ඔටර්ස් කණ්ඩායම සමත් වුණා.ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේ පැවති මෙම තරගාවලිය ජාතික බැඩ්මින්ටන් සංගමයේ කෙණහිලිකම් මැද ඉතා සාර්ථකව නිමා කරන්නට එයට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ සහයෝගය ඉතා ඉහළ මට්ටමකින් පැවතුණා.
ජාතික බැඩ්මින්ටන් සංගමය සිය තරගාවලි කාල සටහනේ වසර මුල සිට ඇතුළත් කර තිබෙන මෙම තරගාවලිය සිය සංගමයට අදාළ තරගාවලියක් නොවන බව කියමින් ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට හේතුවක්.ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය ඇතිව පැමිණි  අයෙක් මිස ක්‍රීඩා කළ අයෙක් නොවන සුරාජ් දන්දෙණියට මෙවැනි ආකාරයට හැසිරෙන්නට ආශිර්වාද කරමින් ජාත්‍යන්තර ලේබල් ගසා ගත් පුද්ගලයන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් වන අතර ජනාධිපතිවරයා සිය රජය විවිධ පක්ෂවලට සම්බන්ධ පුද්ගලයන් ගැට ගසා ගෙන සියල්ලම දායක කරගෙන ඉදිරියට කැදවා ගෙන යන්නට වෙර දරන වටපිටාවක සුරාජ් දන්දෙණිය වැනි චරිත වලට මෙසේ හැසිරෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශයේ ආශිර්වාදය හිමි වීම රජයේ දේශපාලනික අනන්‍යතාවයද විනාශ කර දැමීමකි.
ක්‍රීඩා නොකළ පුද්ගලයෙක්ට ක්‍රීඩාව වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරයේ හැගීම කියා දී ඔහුව ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් මෙහෙයවිය යුතු වුව ද,ක්‍රීඩාවට සම්බන්ධතා ඇති අය ද සිය පැවත්ම සදහා හේත්තු වී සභාපතිවරයාගේ ඔඩොක්කුවට වැටුණු සර්ප පැටව්න් සේ කටයුතු කිරීම ක්‍රීඩාවේ අවාසනාවක් වන අතර මාධ්‍ය කිහිපයකට ජාත්‍යන්තර චරිතයක් ලෙස පාරම්බාන තරගාවලි කමිටු සභාපතිවරයා බස්නාහිර පළාත් තරගාවලිය සිය සංගමයට අදාළ තරගාවලියක් බව ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර චරිතයක් ලෙස නොව අතිශයින් ප්‍රාථමික ග්‍රෝත්‍රික චරිතයක් ලෙස හැසිරෙමින්ය.
http://www.srilankabadminton.lk/pdf/Tournament_Calender_2013_SLBA.pdf නම් ජාතික බැඩිමින්ටන් සංගමයේ නිල වෙබ් අඩවියේ තරගාවලි කාල සටහන පැහැදිළිවම ඒ බව පෙන්වා දෙද්දී ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තා එසේ තරගාවලියක් නොමැති බව ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර නොව අතිශයින් ප්‍රාථමික විලි ලැජ්ජා නැති කම ප්‍රකට කිරීමක්ය.ජාතික තරගාවලියක් පැවත්වීමට නොහැකි තරමේ දුෂ්කරතා ඉදිරියේ බැඩ්මින්ටන් අසරණ තත්ත්වයට වැටෙන අවස්ථාවලත් බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සිය තරගාවලිය පවත්වාගෙන ගිය අතර 40 වන වරට එය සංවිධානය කිරීමට හැකි වන සේ වෙළද අනුග්‍රහ දිනා ගැනීමටද සමත් වී තිබිණ.FKC1 ශාකසාර ශක්තිජනක අතිරේක ආහාර නිෂ්පාදනායතනය ප්‍රධාන කොට මැලිබන් බිස්කට් සහ හමීඩියා හී අඩිඩාස් සම අනුග්‍රාහකත්වය දැරූ මෙම තරගාවලිය ක්‍රීඩාවට අවශ්‍යය තරගාවලියක් ලෙස හදුනා ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය පවත්වා ගෙන යාම වෙනුවෙන් දැක් වූ සහයෝගය ඉතා ඉහළින් අගය කළ යුතුය.
සිය සහෝදර ක්‍රීඩකයන්ගේ තරග විනිශ්චය කිරීමට දායක වීම මෙන්ම කිසිදු පාක්ෂික බවකින් තොරව කටයුතු කිරීම මෙන්ම එකිනෙකා කෙරෙහි වූ අතිශය වැදගත් විශ්වාසයකින් සහ ක්‍රීඩකත්වයකින් තමන් සම්බන්ධයෙන් සහෝදර ක්‍රීඩකයන් ලබා දෙන තීරණ හිස නමා පිළිගැනීම පිළිබදව ද ක්‍රීඩකයන් නොමද ගෞරවයට ලක්විය යුතුය.බැඩ්මින්ටන් නිලධාරීන් වසර ගණනක් ජාතික තලයේ ක්‍රීඩකයන් නිර්මාණය කරන්නට දායක වු වැදගත්ම සහ දීර්ඝකාලීනව පවත්වා ගෙන ආ තරගාවලියක් පිළිබදව කටයුතු කිරීමේදී සිය කොන්ද බිද ගෙන නිවට නියාලුව ක්‍රියා කරද්දී,ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙසේ කටයුතු කිරීම ඉතා ඉහළින් අගය කළ යුතුය.
ක්‍රීඩා සංගම් 43 හරහා ක්‍රීඩක කණ්ඩායම් 50 ක් සහ ක්‍රීඩිකා කණ්ඩායම් 17 ක් තරගාවලිය නියෝජනය කළ අතර ක්‍රීඩක තරග කාණ්ඩ හතරක් යටතේ මෙන්ම ක්‍රීඩිකා තරග කාණ්ඩ දෙකක් ඔස්සේ ක්‍රියාත්මක විය.ජාතික මට්ටමෙන් වර්තමානයේ ඉදිරියෙන් සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් මෙම තරගාවලිය නියෝජනය කළ අතර පහත දැක්වෙන්නේ එම තරගාවලියේ නිල ප්‍රතිපල සටහනය.


Division                           Champions                          Runner Up                                            Results

Division D Men's         Royal College - Panadura        Carey College - Colombo                           3/1

Division C Women      Aponso Badminton Club 'B'     Mighty Shuttlers 'B'                                     2/0

Division C Mens          Millenium IT Sports Club         Suns of Victoria Sports Academy & Club    3/1

Division B Mens          Seylan Sports Club                   Bankhill Sports Club 'B'                              3/2

Division A Ladies         Otters Aquatic Club                 Sri Lanka Air Force                                    2/0

Division A Mens           Otters Aquatic Club                Bankhill Sports Club 'A'                              3/1
තරගාවලියේ ජය සංඛේත ප්‍රදානයට FKC1 වෙනුවෙන් පෝෂනවේදී ජාවෙඩ් අබ්දුල්ලා, හමිඩියාස් ආයතනයේ අඩිඩාස් අලෙවි අධ්‍යක්ෂ හරූස් රසාද් සහ සීමාසිහති එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් ඇතුළු සම්භාවනීයන් පිරිසක් සහභාගි වූ අතර තරගාවලියේ මාධය අන්‍රග්‍රාහකත්වය සීමාසිහත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ සුපිරික්‍රීඩා වෙබ් අඩවිය විසින් දරන්නට යෙදිණ
www.supirikrida.com

Dec 8, 2013

ගුවණත් සමග එක් වූ සංගප්පූරුව උගන්ඩාවේ සූරතාවය පැහැර ගනියි

ගුවන් ගමන් ප්‍රමාදය නිසා තරගාවලියේ එක් තරගයකට සහභාගි වීමට අවස්ථාව නොලද උගන්ඩාවට, සිංගප්පූරුවේ පැවති නේෂන් කුසලාන දැල් පන්දු තරගාවලිය නිමා කරමින් පැවති තරගයේදී සිංගප්පූරුවට එරෙහිව ලකුණු 52 - 29 ක විශිෂ්ඨ ජයක් ලැබූවද අනු සූරතාවයෙන් සෑහෙන්නට සිදු වුණා.සිය ආරම්භක තරගයට සහභාගි වන්නට අවස්ථාව නොලැබීම නිසා තරග නොවැදීම පරාජයක් උරුම කර ගන්නට සිදු වූ උගන්ඩාව,පිටියට බට පසු අපරාජිතව සෑම තරගයකදීම අපරාජිතව සිටින්නට සමත් වූ අතර පැපුවා නිව්ගිනියා තරගය ලකුණු සම තත්ත්වයෙන් නිමා කරන්නට සමත් වුණා.
තරගාවලියේ උගන්ඩාවට පමණක් පරාජය වූ සිංගප්පූරුව නේෂන් කුසලානයේ හිමිකාරීත්වයට හිමි කම් කී අතර තරගාවලියේ තෙවන ස්ථානය සිංගප්පූරුවට පරාජය වූ සහ උගන්ඩාව සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කළ පැපුවා නිව් ගිනියා කණ්ඩායමට හිමි වුණා.පැපුවා නිව්ගිනියා කණ්ඩායම තරගාවලියට සහභාගි වූ ජගත් තල‍යේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම වූ අතර ඔවුන් සත්කාරක සිංගප්පූරුවට එරෙහිව ලකුණු 43 - 44 ක් ලෙස පරාජය ලැබීම කුකුසට භාජනය වු අනපේක්ෂිත පරාජයක් ලෙස බොහෝ දෙනා තුළ විමතිය ඇති කළා.එම පරාජය නොවන්නට තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස සූරතාවය සදහා වැඩිම ඉඩක් පැපුවා නිව් ගිනියා තිබූ කණ්ඩායමට තිබුණා.
ඇමෙරිකාව සහ අයර්ලන්තය පරාජය කරමින් දැක් වූ දක්ෂතාවය නිසා තරගාවලියේ සිව්වන ස්ථානයට පත් වන්නට ශ්‍රී ලංකාවට හැකි වූ අතර පස්වන ස්ථානය සහ හය වන ස්ථාන සදහා පිළිවෙලින් අයර්ලන්තය සහ ඇමෙරිකාව නම් වුණා.
තරගාවලියට ජගත් ශ්‍රේණිගත කිරීම් හී ස්ථානයක් නැති නවක කණ්ඩායමක් ලෙස සහභාගි වූ උගන්ඩාව අනු සූරයන් ලෙස තේරී පත්වීම හරහා ඔවුන් සමස්ත දැල්පන්දු ලෝකයේම අවධානය දිනා ගත් අතර ගුවන් ගමන් ප්‍රමාදය නිසා ඇමෙරිකාවට නිතරග ජයක් හිමි නොවන්නට ඔවුන්ට අවිවාදිතවම මෙම තරගාවලියේ සූරියන් වීමට අවස්ථාව තිබුණා.කළු අප්‍රිකාවේ දැල්පන්දු රැජිණන් ලෙස හැදින්වෙන මලාවි කණ්ඩායමේ සෙවනැල්ලක් සේ දිලෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන උගන්ඩාව,අවසාන වරට ආසියාව ජය ගන්නට ශ්‍රී ලංකාව පාඩම් උගත් මලාවි තරගාවලිය පිලිබදව සහ එයින් ලබා ගත් ශක්තිය හා ජවය පිළිබදව ශ්‍රි ලංකාව අගත් පාඩම් පිලිබදව නැවත සිතන්නටත් මෙම තරගාවලිය මතක් කර දුන්නා.
www.supirikrida.com

ජාතික බොක්සිං කිරුළේ හිමිකරුවන් තීරණය කිරීමේ සටන 9 දා ඇර‍‍‍‍‍ෙඕ

ප්‍රධාන තරගවලින් ජයගත් හෝ අනු සූරතාවය දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත, ජාතික බොක්සිං තරගාවලිය 89 වන වරටත් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී දෙසැම්බර් 9 වන දින ආරම්භ කිරීමට තීරණය කර ඇත.ත්‍රිවිධ හමුදා කණ්ඩායම්,පොලිසියි මෙන්ම මාස් ආයතනයට සම්බන්ධ විවිධ ක්‍රීඩා සමාජ කණ්ඩායම් මෙම තරගාවලියේ කාන්තා හා පිරිමි සූරතාවයන් දිනා ගැනීම පිණිස පෙළ ගැසී සිටිති.ආධුනික බොක්සිං තරගාවලිය,ස්ටබ්ස්,අන්තර් මාධ්‍ය සහ ජාතික කණිෂ්ඨ සූරතාවලියේ ජයග්‍රාහකයන්ටත් තරග වැදිය හැකි මෙම තරගාවලිය සදහා අවුරුදු 19 ට වැඩි සහ 40 ට අඩු ඉහත තරග ජයග්‍රහණ පිළිබද සුදුසුකම් ද සපුරා ඇති අයෙකුට ඉදිරිපත් විය හැකිය.
දෙසැම්බර් 9 වන දා සිට 13 දා දක්වා පස්වරුව,සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටිය,ජාතික බොක්සිං සූරයන්ගේ දක්ෂතා වලට වෙන් වන අතර ඉකුත් වසරේ, වසරේ දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටි බොක්සිං ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව නිර්ණය කිරීමේ දී අනූෂා කොඩිතුවක්කුට හිමි වූ සම්මානය දිනා ගැනීමට මෙවර විශාල තරගකාරීත්වයක් ඇති වී තිබෙන බව දැකිය හැකිය.
වසරේ අවසානම බොක්සිං තරගාවලිය මෙන්ම වසරේ හොදම කාන්තා සහ පිරිමි බොක්සිං කණ්ඩායම නිර්ණය කිරීමට පාදක වන දත්ත සැපිරෙන අවසාන මොහොතද මෙම තරගාවලිය ආශ්‍රිතව යෙදී ඇති බැවින් ත්‍රිවිධ හමුදා කණ්ඩායම්,පොලිසිය මෙන්ම මාස් ආයතනය ආශ්‍රිත කණ්ඩායම් ද මෙම තරගාවලිය සම්බන්ධයෙන් සිය සියළු ශක්තීන් වැය කිරීමට බලා සිටිති.
www.supirikrida.com

Dec 7, 2013

උගන්ඩාව ඉදිරියේ දැවැන්ත පරාජයක්

සිංගප්පූරුවේ ක්‍රියාත්මක නේෂන් කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත් වී සිටින උගන්ඩාව,ලකුණු 75 - 38 න් ශ්‍රී ලංකාව පරාජය කරන්නට සමත් විය.තරගයේ මුල සිටම ශ්‍රී ලංකාව දැඩි ග්‍රහණයකට නතු කර ගෙන ක්‍රීඩා කළ උගන්ඩාව තරගය පුරාවට සිය ග්‍රහණය බුරුල් නොකරන්නට වග බලා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ශක්තිය ක්‍රමයෙන් හීන වීම සහ ක්ෂය නොවන ස්ථිර ජවයකින් තරගය පුරාම රැදෙන්නට උගන්ඩා ක්‍රීඩිකාවන්ට තිබුණු හැකියාව කණ්ඩායම් දෙක අතර පරතරය කාර්තුවෙන් කාර්තුවට වැඩි කරන බවක් දකින්නට ලැබුණේ අප නිරන්තරයෙන් පෙන්වා දෙන ශක්තිමත් සහ දරා ගැනීමෙන් උපරිම කණ්ඩායමක වැදගත් කම පෙන්වා දෙමින්ය
ලංකාවේ ඇතැම් ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකාරියන් ඇතැමෙක් ද,තර්ජනී පමණක් ජයග්‍රහණයට සෑහෙන බව පෙන්වා දෙක අවස්ථා අප කොතෙකුත් දැක ඇත.ඒ සැබෑවක් නොවන විශ්වාසය ක්‍රීඩිකාවන්ගේ සිත් තුළ පැල නොකළ යුතු අතර මේ තරගාවලිය පුරා යහපත් සෞඛ්‍යයකින් පසු නොවන ඇයව උගන්ඩාවට එරෙහිව තරගයේදිත් කාර්තු දෙකකට පමණක් යොදා ගැනීමෙන් සෑහෙන්නට සිදු විණ.කෙසේ වුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමටනම් ප්‍රතිවාදීන්ගේ දැල ආක්‍රමණය කිරීමට ශක්තිමත් සහ බුද්ධියෙන් කටයුතු කළ හැකි පෙර පෙළකින් සහ තම සීමාවට පැමිණෙන්නට නොහැකි වන සේ ප්‍රතිවාදීන් පාලනය කළ හැකි කායික සහ බුද්ධි ශක්තියක් ඇති  ආරක්ෂක පෙළකින්ද ශ්‍රී ලංකා කණ්ඩායම පෝෂණය කිරීම අත්‍යවශ්‍යය කාරණයකි.
ඒ සදහා ක්‍රීඩිකාවන් අලුතින් ඉපිද හැදී වඩෙන තෙක් බලා නොසිට වර්ථමානය නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවන් ගේ කාය ශක්තිය සහ දරා ගැනීමේ ශක්තිය ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් කළ හැකි මට්ටමකට ගෙන ඒම සදහා මග පෙන්වීමට ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය සැණෙකින් යොමු විය යුතුය.
www.supirikrida.com

අචිනි සහ උපුලිත් ඉවතට

බංගලාදේශයේ ක්‍රියාත්මක යොනෙක්ස් සන්රයිස් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන්අභියෝගතා සූරතාවලිය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සතුව ඉතිරිව තිබූ අවසාන බලාපොරොත්තුවත් බිද දැමූ ඉන්දියාවේ ප්‍රජක්තා සවාන්ට් සහ අරාති සාරා සුනිල් විනාඩි 27 ක කාලයක් තුළ ලකුණු 21 -16 සහ 21 -13 ක් ලෙස අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්හ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට පිරිමි සහ කාන්තා කේවල තරග අංශ වලින් සහ කාන්තා යුගල,පිරිමි යුගල සහ මිශ්‍ර යුගල තරග අංශයන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක් වූහ.එහිදී පිරිමි අංශයෙන් දිනුක කරුණාරත්නත්,කාන්තා අංශයෙන් අචිනි රත්නසිරිත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි අතර අවසාන පූර්ව තරග සදහා පිවිසීමට සමත් වූයේ අචිනි සහ උපුලි පමණි.
www.supirikrida.com

Dec 6, 2013

නීතිඥයෝ අවසන් තරගයට සුදුස්සෝ වෙති

කොළඔ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මෙහෙයවන තෙවන කොටසේ ක්‍රිකට් සූරතාවලියේ අවසන් මහා තරගයට සුදුස්කම් ලබන්නට ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.කදාන ද මැසනඩ් ක්‍රීඩාංගනයේ පැවති අවසන් පූර්ව තරගයේදී සමර්සෙට් ක්‍රීඩා සමාජය ඩක්වර්ත් ලුවිස් නයාය යටතේ පරාජය කරමින් නීතිඥ ක්‍රිකට් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළා.තරගයේ කාසිය වාසිය ලැබූ නිතිඥ කණ්ඩායමේ නායක අසේල පටබැදි පළමුව පන්දුවට පහර දීමට සමර්සෙට් කණ්ඩායමට ආරාධනා කළ අතර,ඔවුන්ට කාලගුණික සාධක අනුව නිසා සීමා පැන වුණු පන්දු ඕවර් 26 ක් තුළ සමර්සෙට් ක්‍රීඩකයෝ ලකුණු 137 ක් රැස් කළා.
නීතිඥ කණ්ඩායමේ ඉණිම අයහපත් කාලගුණය විසින් තවත් කෙටි කළ අතර ඒ අනුව නීතිඥ කණ්ඩායමේ ඉලක්කය,පන්දු ඕවර් 24 දී ලකුණු 130 ක් බවට පත් විය.සිව්වන නීතිඥ ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වූ යොහාන් ජිනසේන සමර්සෙට් කණ්ඩායම ලකුණු 137 ට සීමා කිරීම වෙනුවෙන් ලකුණු 30 ට කඩුලු 5 ක් ලැබූ අතර ජිනසේන ඇගයීමට තරගාවලියේදී ශතකයක් ලැබූ ප්‍රියන්ත රාජපක්ෂ ලකුණු හඹා යමේදී යලිත් කැපී පෙනෙමින් නොදැවී ලකුණු 72 ක් ලැබීය.එම ලකුණු 72 සමග එර්සාන් ආරියරත්නම් එක් කළ ලකුණු 35 ත් සමග නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට කඩුළු පහක ජයක් ලබන්නට හැකි විය.
එලැඹෙන 16 වන දා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම ආදි තර්ස්ටන් කණ්ඩායම සමග එන්සීසී ක්‍රීඩා පිටියේදී අවසන් තරගයට පිවිසෙන අතර ශ්‍රී ලංකා නිතිඥ ක්‍රිකට් කණ්ඩායමක් දේශිය ක්‍රිකට් පිටියේ පැමිණි ඉහළම ස්ථානය මේ අවස්ථාව වන අතර ඒ සදහා නායකත්වය දෙමින් දායක වන්නට අසේල පටබැදි සමත් වූ අතර ඒ සදහා මග පෙන්වූ පුහුණුකරු ලෙස ප්‍රවීන මාධ්‍යවේදී සහ ක්‍රිකට් පුහුණුකරු රන්ජන් පරණවිතානගේ නම ද ඉතිහාසයට එක් වනු ඇත.
www.supirikrida.com

අචිනි සහ උපුලි අවසන් පූර්ව තරගයට

බංගලාදේශයේ ක්‍රියාත්මක යොනෙක්ස් සන්රයිස් විවෘත ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ කාන්තා යුගල අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබන්නට අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා සමත් වුණා.ඒ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ බංගලාදේශයේ බ්‍රිස්ටි කතුන් සහ රෙහානා ප්‍රවින් ලකුණු 21 - 7 සහ 21 - 8 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින්.අද ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ මෙම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් හී කාන්තා යුගල අංශයේ අංක එකට සිටින ඉන්දියාවේ ප්‍රජක්තා සවාන්ට් සහ ආරති සාරා යි.
අචිනි, උපුලි සමග එක්ව යුගල තරගයට මුහුණ දුන් අයුරින් කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව තරගයටත් සහභාගි වුණා.එහිදී අචිනිගේ ගමන් මග අහුරා නැගී සිටි සායිලි රානේ ලකුණු 22 - 20 සහ 21 - 15 ක් ලෙස අචිනිව පරාජය කළා.මේ අතර දිනුක කරුණාරත්න අවසාන පූර්ව වටයට පිවිසෙන්නට දැරූ වෑයම ව්‍යර්ථ කරන්නට ඉන්දුනීසියාවේ දර්මා අල්රි ගුනා සමත් වූ අතර එහිදී තරගයේ පළමු වටය 21 - 6 ක් ලෙස දිනුක පහසුවෙන් ජය ගත් අතර නමුත් ඉදිරි වට දෙකම ධර්මා ලකුණු 21 - 19 ලෙස ජය ගනිමින් දිනුකගේ ගමන් මග වෙනස් කරන්නට සමත් වුණා.
මේ අතර තෘප්ති මුර්ගන්ඩේ සහ අබ්ජිත් නායිම්පල්ලි උපුලි සමන්තිකා සහ තිලාන් පෙරේරා 21 - 15 සහ 21 - 12 ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාවට මිශ්‍ර යුගල තරග අංශයෙන් ඉදිරියට යෑමට තිබූ අවස්ථාවද අහිමි කළා.
www.supirikrida.com

Dec 5, 2013

අහස තරහ වුණ උගන්ඩාව සිංගප්පූරුවට තරු පෙන්වයි

WNC 2011සිංගප්පුරුවේ පැවත්වෙන නේෂන් කුසලාන තරගාවලියට ගුවන් යානා ගැටළුවක් නිසා නිසි වේලාවට සහභාගි වීමට නොහැකි වූ උගන්ඩාව දැල්පන්දු ලෝකයේ බිළිදියක් ලෙස හැදින්වූව ද,තමන් ජාත්‍යන්තර තරග බිමට පිවිසියේ නිසි ලෙස වැඩීමෙන් පසුව බව විදහා පෙන්වමින් සිංගප්පූරුවට එරෙහිව අති විශි"ෂ්ඨ ජයක් වාර්තා කරන්නට සමත් වුණා.ලකුණු 60 - 32 ක් ලෙස සිංගප්පුරූව පරාජය කළ උගන්ඩා ක්‍රීඩිකාවන්ගේ ශක්තිවන්ත කුඩා ශරීර කූඩු ශ්‍රී ලංකාව අවසාන වරට ආසියාතික කුසලානය දිනා ගත් අවස්ථාවේ ඒ සදහා ශක්තිය සොයා ගත් මලාවි කණ්ඩායමේ ක්‍රීඩා රටාවට බෙහෙවින් සමාන බව සිංගප්පූරු වාර්තා පෙන්වා දෙනවා.ඒ සමගම නැවතත් ශ්‍රී ලංකාවට ශක්තිවන්ත සහ දරා ගැනීමේ ශක්තියෙන් යුත් ක්‍රීඩා ශරීර කූඩු නිර්මාණය කළ හැකි පුහුණුකාරියක් පිළිබද සිතීමට පෙළඹවීමක් කරන අතර මෙවැනි කාරනා සම්බන්ධයෙන් සැළකිලිමත් වීමට ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයද සැළකිල්ල යොමු කළ යුතුව තිබෙනවා.
ඒ ජයග්‍රහණය පිටුපස සැප සහිත සංචාරයක් තෝරා ගැනීම වෙනුවට ආසියාව ජය ගැනීමට අවශ්‍යය වෙනස් තරග රටාවක් නිර්මාණය කළ හැකි වේගවත් සහ ශක්තියෙන් යුත් දරා ගැනීමේ ශක්තියෙන් හෙබි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට තිලකා ජිනදාස ගත් තීරණය ආසියාව එවැනි ක්‍රීඩා රටාවකට කෙතරම් ආගන්තුක ද යන්න පිළිබදව කල්පනා කිරීමට මෙම සිංගප්පූරු පරාජයම හේතුවක් කර ගැනීමට හැකියාව තිබෙනවා.කෙසේ වුව ද උගන්ඩාව ශ්‍රී ලංකාව සමග වන තරගය ද ජය ගන්නේ නම් මේ තරගාවලියේ තෙවන ස්ථානය සදහා තරග වැදීමට සුදුස්සන විය හැකියි.එසේම ඇමෙරිකාව ඉදිරියේ සිංගප්පුරු කණ්ඩායම පරාජය වුව හොත් සහ උගන්ඩාවට ශ්‍රී ලංකාව පරාජය කිරීමට හැකි වුවහොත් අවසාන තරගයට පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමග මුහුණ දීමේ අවස්ථාවද උගන්ඩාවට හිමි විය හැකියි.තරගාවලියේ පළමු තරගයට ගුවන් යානා ප්‍රමාදය ලෙස සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ උගන්ඩාව පැපුවා නිව්ගිනියා තරගයද ජය පරාජයෙන් තොරව නිමා කර මේ දක්වා අපරාජිත බව රැක ගෙන සිටිනවා.
මේ අතර අයර්ලන්තය පරාජය කරමින් ඊයේ දිනයේ ශ්‍රී ලංකාව  තරගාවලියේ සිය දෙවන ජය වාර්තා කළා.එහි ලකුණු තත්ත්වය 65 - 49 ක් ලෙස දිස් වුණා.ඊයේ ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රය තර්ජනී ගේ සහය නැතිව තරග වැදීමේ අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩිකාවන්ට හැකි වීම අගය කළ යුතුයි.ඒ සමගම ශක්තිය සහ වේගයත් දරා ගැනීමේ ශක්තියත් මැනවින් වර්ධනය කළ හැකි ක්‍රීඩිකා සංයුතියක් නිර්මාණය කළ හැකි පුහුණුකාරියක සහ තර්ජනීගෙන් තොරව අභියෝග ජය ගැනීමේ හැකියාව අනාගත දැල් පන්දු දියුණුව සදහා අත්‍යවශ්‍යය සාධකයක් වන බවද,මේ තරග ජයග්‍රහණ හරහා මතු වෙමින් තිබෙනවා.
www.supirikrida.com

දිනුක සහ අචිනි ඉදිරියට

මැලේසියාවේ අහමද් සමාන් අපහසුවකින් තොරව පරාජයට පත් කළ දිනුක කරුනාරත්න බංගලාදේශයේ පැවත්වෙන සන්රයිස් යොනෙක්ස් බංගලාදේශ විවෘත බැඩිමින්ටන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් වුණා.තරගාවලිය සම්බන්ධ මීට ඉහත ප්‍රවෘත්තියේදී අචිනි මුහුණ දෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයට යැයි අත්වැරදීමකින් සදහන් වුවත් ඇය සැබවින්ම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ අද ඉන්දියාවේ මොහිතා සදෙව් පරාජයට පත් කරමින්.දිනුක සමාන්ව ලකුණු 21 - 13, සහ 21 -18 ක් ලෙස පරාජය කළ ද,අචිනිට මොහිතාව පරාජය කිරීම පහසු වුණේ නැහැ.හරියටම පුරා පැයක් දිවුණු තරගයේදී වට 2 - 1 ක් ලෙස අචිනි තරගය ජය ගත්තේ ලකුණු 21 -23,21-18 සහ 22 - 20 ක් ලෙස යි.
හෙට දවසේද අචිනිට තවත් ඉන්දියානු ක්‍රීඩිකාවක වන සායිලි රයිනා මුණ ගැසෙන අතර ඇය මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වලට අදාළව අංක දෙකේ සිටින ක්‍රීඩිකාව වන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව 79 වැන්නිය වේ.ඒ නිසා අචිනිට අර්ධ අවසන් පූර්ව තරගය විශාල අභියෝගයක් වීම නොවැළක්විය හැකි කාරණයක් වනු ඇත.එහි පීඩනයට හෙට දවසේ ඇය උපුලි සමන්තිකා සමග එක්ව කාන්තා යුගල තරග අංශයේදී බංගලාදේශයේ බිස්ට් කාතුන් සහ රෙහානා පාර්වින් හමු වීමට නියමිතයි.එසේම මිශ්‍ර යුගල අංශයෙන් රෙහානා පාර්වින් සහ ලාල් චන්ද්‍ර පරායට පත් කළ උපුලි සහ තිලාන් පෙරේරා ද හෙට  ඉන්දියාවේ තෘප්ති මුර්ගන්ඩේ සහ අබිජිත් නායිම්පාලී හමු වීමට නියමිතයි.
www.supirikrida.com

Dec 4, 2013

ඇමෙරිකාවෙන් ගත් සතුට සිංගප්පූරුව උදුරා ගනියි

මෙරිකානු දැල් පන්දු කණ්ඩායමක් පරාජය කළ පළමු ආසියාතික කණ්ඩායම වීමේ ගෞරවය සහ සතුට පැය විසි හතරක් විද ගන්නටත් මත්තෙන් ආසියාවේ සිය සම්ප්‍රදායික දැල් පන්දු ප්‍රතිවාදිනිය වූ සිංගප්පූරුව වෙතින් දැවැන්ත පරාජයක් භුක්ති විදින්නට ශ්‍රී ලංකාවට සිදු වුණා.ලකුණු 60 - 43 ක් ලෙස විශාල ලකුණු පරතරයකින් සිංගප්පූරුව ඉදිරියේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරු ක්‍රීඩිකාවන්ගේ ශක්තිය සහ වේගය ඉදිරියේ බොහෝ පසුපසින් සිටිම මේ පරාජයට හේතු වූ බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
තරගයේ දෙවන වටය නිමා වන විට පරාජය භාර ගෙන අවසන් බවක් පෙන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන වටයේදි සිය ලකුණු යන්ත්‍රයන් දෙක ලෙස සැළකූ තර්ජනි සිවලිංගම් සහ සේමිනි අල්විස් ඉවත් කර තැබූ අතර අවසන් වටයේදී වත් තර්ජනි නැවත පිටියට කැද වන්නට තීරණය නොකිරීම විමතියට කාරණයක් වුණා.ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානය දිනා ගන්නා මොහොතේ ආසියාවේ සිටි ශක්තිවන්තම සහ වේගවත්ම කණ්ඩායම ලෙසත් හොදම දරා ගැනීමේ ශක්තියක් සහිත කණ්ඩායම ලෙසත් ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවට ඒ සදහා මග පෙන් වූ තිලකා ජිනදාස ගේ ඉවත් වීමෙන් පසු ක්‍රමිකව එම සාධනීය තත්ත්වයන් අහිමිව තිබෙනවා.නමුත් මේ තරගාවලියට ක්‍රීඩා කරන නවුජලී රාජපක්ෂ,ගයාංජලී අමරවංශ,සුරේකා කුමාරි,ගයනි දිසානායක,තිළිණි වත්තේගෙදර,සෙමිනි අල්විස් වැනි යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ආසියාතික යොවුන් තරගාවලියේදී කැපී පෙණුනම චමත්කා වන්නිනායක වැනි ක්‍රීඩිකාවන්ගේ තරුණ ශරීර ඒ සදහා හුරු කිරීමට හැකි මාර්ගෝපදේශනයක අවශ්‍යයතාවය සහ නැවත ඒ තුළින් ආසියාව ජය ගැනීමට ඇති හැකියාව මේ පරාජයන් තුළින් මතු වීම කෙරෙහි දැල් පන්දු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.
ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනීමේදී කෙතරම් දක්ෂතා දැක් වුව ද,ඔවුන් වෙත පන්දුව පැමිණිමේ දෝෂය මෙන්ම,ප්‍රතිවාදි දැල විදින්නිය සහ ප්‍රහාරිකාව වෙත පන්දුව ගමන් කිරීම වැළක්වීමට ඇති නොහැකියාව ද,ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයේ සංඛේතය බවට පත් වී තිබෙන බව දීර්ඝ කාලයක සිට පැහැදිළි වුව ද,ඒ සදහා ඇති ආසන්නම විසදුම වන තිලකා වැනි පුහුණුකාරියක් වෙත යොමු වීම කෙරෙහි අවධානය යොමු කිරීම ඊට සම්බන්ධව සිටින ඇතැම් ප්‍රවීනයන් විසින් වළක්වන බවට පැතිරී යන කතා තුළ විශාල සත්‍යතාවයක් ඇති බවට සාධාරණ සැකයක් දක්ෂ ක්‍රීඩිකාවන්ගේ උපරිමය රටට  ලබා ගැනීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවීම තුළින් මතු වෙනවා.
www.supirikrida.com

  

දිනුක අවසන් 16 ට පැමිණෙයි

බංගලාදේශයේ ඩකා නගරයේ පැවත්වෙන යොනෙක්ස් සන්රයිස් බංගලාදේශ වීවෘත බැඩ්මින්ටන් සූරතාවලිය සදහා තරග වදින දිනුක කරුණාරත්න එම තරගාවලියේ අවසන් 16 දෙනා අතරට ප්‍රවේශ වීමට සුදුසුකම් ලබා සිටිනවා.තරගාවලියට නිලූක කරුණාරත්න සහභාගි වන බව ප්‍රකාශ වුව ද ඔහු තරගාවලියට සහභාගි වී නැති අතර නමුත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේනුක බෝධිමළුව,කෝලිත ලහිරු වැනි ක්‍රීඩකයන් ගණනාවක් එක් වී සිටියත් තරග ජයග්‍රහණයට පිවිසෙන්නට අවස්ථාවක් උදා වුණේ නැහැ. තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් ශ්‍රේණි ගත කිරීමේදී සිව්වන ස්ථානයේ සිටින දිනුක පළමු තරගයේදී බංගලාදේශයේ ආයුමාන්  ජමාන් වට 2 - 0 ක් ලෙස පහසුවෙන් පරාජය කළ අතර අද ඔහු අර්ධ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් තරග වදින්නේ මැලේසියාවේ අහමද් සමාන් ට එරෙහිවයි.
කාන්තා තරග අංශයේ අඩු තරග සහභාගීත්වයක් පවතින අතර ඉදිරිපත් වු අයදුම්පත් 19 අතරින්ද ඇතැම් ක්‍රීඩිකාවන් තරගාවලිය නියෝජනය කරන බවක් පෙනෙන්නේ නැහැ.මේ තත්ත්වය යටතේ පැවති තරග කිහිපයෙන් එකකට මුහුණ දුන් උපුලි සමන්තිකා ඉන්දියාවේ ප්‍රබල ක්‍රීඩිකාවක් වන අරාති සාරා අතින් පරාජය වූ අතර නිතරග ජය ඔස්සේම අර්ධ අවසන් පූර්ව වටය තෙක් පිවිස සිටින අචිනි රත්නසිරි අද එම වටයේදී ඉන්දියාවේ මොහිතා සදෙව් මුණ ගැසීමට නියමිතයි.නිමා වූ වෙළද සේවා කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේදී සිය සොහොයුරිය වූ රුවිනි රත්නසිරි සමග එක් ව මැක්ලරන්ස් ආයතනය ඒ කාණ්ඩයේ සූරියන් කිරීමෙන් නොනැවති එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ද වූ අචිනි රත්නසිරි හොද මානසික මට්ටමක පසු වීම අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇයට වාසිදායක විය හැකියි.
www.supirikrida.com

Dec 3, 2013

ලක් බවලතුන් ලෝක බලවතාගේ බවලතුන්ට රිද්දයි

සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන් කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පැවති තරගය ලකුණු  67 - 37 ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ජගත් ශ්‍රේණිගත කිරීම් හී 23 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රණය වඩා වැදගත් වන්නේ ඇමෙරිකාව දැනට ජගත් ශ්‍රේණිගත කිරීම් හී පසු වන්නේ 19 වන ස්ථානයේ වීම නිසයි.ඒ‍සේම දැල් පන්දු තරගයකදී ලොව දැල් පන්දු බලවතා නොවුණ ද,ලෝක බලවතා ලෙස සැළකෙන ඇමෙරිකාව පරාජය කළ පළමු ආසියාතික කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වන්නටත් මෙම ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකාවට හැකි වීම සුවිශේෂි තත්ත්වයක් ලෙස හැදින්විය හැකියි.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකාවෙන් බලාපොරොත්තු වූ තරම් පීඩනයක් එල්ල නොවීම ද එක් හේතුවක් වූ බව තරගයෙන් පසුව මාධ්‍ය ඇමතූ පුහුණුකාරිණි සොමිතා අල්විස් පෙන්වා දුන් අතර සිංගප්පූරු ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙන්නේ ඊයේ තරගයට යොදා ගත් කණ්ඩායම් සංයුතිය දැඩි කැපවීමෙන් ක්‍රියා කිරීම මෙම ජයග්‍රහණයට පදනම වූ බවත් ඔවුන් අනවශ්‍යය ලෙස කළබලකාරී නොවන්නේනම් මෙවැනි ජයග්‍රහණයන්හී අවසානය මීටත් වඩා ලකුණු පරතරයක් ඇතිව ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බවත්ය.
තරගයේ දී සුපුරුදු පරිදිම ඉහළ ප්‍රතිශතයක් සමග ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රය වන තර්ජනී සිවලිංගම් ක්‍රියා කළ අතර ඇයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් උප නායිකා සෙමිනි අල්විස් ගෝල් ඇටෑක් යන ස්ථානයේ ක්‍රීඩා කරමින් තරගය මනා පාලනයකට යටත් කිරීමට ක්‍රියා කළ ආකාරය දැල්පන්දු ලෝලින්ගේ පැසසුම දිනූ කාරනයක් වි ඇත.එසේම ගයනි දිසානායක ඇමෙරිකානු ශක්තිමත් ශරීර කූඩු හමුවේ නොසැලී දැල රකින්නිය ලෙස මෙම තරගයේදී ආරක්ෂක පෙළට ලබා දුන් ශක්තියද,දර්ශීකා අබේවික්‍රම ගෝල් ඩිෆෙන්ස් ලෙස ඇයට ලබා දුන් සහය ද මෙම තරගයේ ජයග්‍රහණයට බෙහෙවින්ම බල පෑ කාරණයක් වි ඇත.
පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදී අඩක් ක්‍රීඩා කළ සුරේකා කුමාරි ද කැපී පෙනෙන ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රසාදයට ලක් වී ඇති ක්‍රීඩිකාවන් ගොන්නේ සිටින අතර නවුජලී රාජලක්ෂ,තිලිණි වත්තේගෙදර සහ ගයාංජලී අමරවංශ ක්‍රීඩිකාවන් දැල් පන්දු අනාගතයේ පලබර බලාපොරොත්තු බවට ඉගි කරන තරග රටාවක නියැලුනෝය. තර්ජනී හැරුණු විට කණ්ඩායමේ සිටින පළපුරුදුම ක්‍රීඩිකාව වන මරීෂා ප්‍රනාන්දු ප්‍රතිවාදීන්ට එරෙහි දැඩි ආක්‍රමණශීලි තරග රටාවක නියැලුන ද,තවමත් තරගයට අවශ්‍යය මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම කෙරෙහි ඇයගේ අවධානය යොමු වූ බවක් දැකීමට අපහසු බව සිංගප්පූරු ආරංචි මාර්ග පෙන්වා දෙන අතර ඒ නිසා සුළු අත් වැරදීම් ගණනාවක්ම ඇය අතින් සිදු ව බව ද වාර්තා වෙයි.ඇතැම් විට සිය නායකත්වය දෙන කණ්ඩායමේ සංයුතිය අඩු අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් පිරිසකගෙන් යුක්ත වීම එයට හේතු වන්නට ඇති බව පෙනවා දෙන දැල්පන්දු විශාරදයින් ඇමෙරිකාවට එරෙහි ලද පහසු ජය ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් කිරීමට හේතු විය හැකි බව පෙන්වා දෙයි.
එසේම කණ්ඩායම් ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ අවසානම ආසියාතික කුසලාන ජයග්‍රහණයේ සිටි යෝධ ශක්තිය වූ තිලකා ජිනදාසයන් ද මෙම තරගාවලියට එක් වී සිටින අතර ඇය ද තරගයෙන් තරගයට මෙන්ම තරගය තුළ ද  විවිධ උපදෙස් දෙන්නට නොමසුරුව දෙන සහයෝගයද ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියක් වී ඇත.
www.supirikrida.com

Dec 2, 2013

කාලිංගගේ ඇස වසා සැග වූ නෙලංක රටට කීර්තිය ගෙන දෙයි

කිස්තානයේ ක්‍රියාත්මක වූ බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්ලැසික් තරගාවලියෙන් නෙරපා දැමූ නෙලංක කරුනාරත්න තරගාවලියේ හොදම කැචර් ලෙස තේරි පත් වන්නට සමත් වී ඇත.ක්ලැසික් තරගාවලියේදී තේරීම් කමිටුවේ අවධානයට ල්ක නොවූ ශ්‍රී ලංකාවේ සිටින දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතර සිටින හොදම කැචර් ක්‍රීඩකයා ලෙස සැළකෙන නෙලංක කරුණාරත්න කපා දැමීම පිළිබදව මාධ්‍ය කිහිපයක්ම කරුණු ඉදිරිපත් කළ ද,එයට ඇහුංකං දීමට බේස්බෝල් පරිපාලනය එකග නොවූයේ ඒ වන විට සිටි පැරන්නන් විසින් ඇද පෙන් වූ චිත්‍රයට රැවටී වුව ද,විදේශ තරගයකදී ශ්‍රී ලංකාවට එවැනි ක්‍රීඩකයෙක් අඩු වීමෙන් වන හානිය ද,එයින් සිය සළු ද ගැලවී නිරුවත් වන්නට සිදුවන බැවින් ද නෙලංක බටහිර ආසියානු තරගාවලියට කැදවන්නට තීරණය විය.
ක්ලැසික් තරගාවලියේ කණ්ඩායමක අතිරේක ක්‍රීඩකයෙක් ලෙස හෝ යොදා නොගැනීමට තරම් දුර්වලයෙක් ලෙස පැත්තකට වීසි කර දැමූ නෙලංක ඉන් අනතුරුව පැවත්වෙන බටහිර ආසියානු තරගාවලියට සුදුසු වූයේ ඔහුගේ දක්ෂතාවයට වඩා ඊට එක් වන නිලධාරීන්ට සිය ගෞරවය රැක ගැනීමට හැකි අන්දමේ තරගයක් දීමට නෙලංක වැනි ක්‍රීඩකයෙක් අත්‍යවශ්‍යය වන නිසාය.ඔහු ද තමාගේ ජාතික කණ්ඩායමට ඇති වැදගත් කම පෙන්වා දෙමින් තරගාවලිය පුරා හොදින් ක්‍රීඩා කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ගණනක් ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවෙක් වන්නට ද අවස්ථාව උදා කර ගනිමින් රට වෙනුවෙන් සිය උපරිමය ලබා දෙමින් තරගාවලියේ වීරයා වන්නට සුදුසුකම් ලැබීය.
සමස්ත තරගාවලියේ පකිස්තානය ඉක්මවා යෑමට අවසාන තරගයේදී මෙවරත් ශ්‍රී ලංකාවට හැකි නොවූ නමුත් කණ්ඩායම ඉතා ඉහළ මට්ටමක අභියෝගයක් ලබා දෙමින් මනා පිටිය රැකීමක නියැලෙමින් පකිස්තානය ලකුණු 3 ට සීමා කරන්නට සමත් විය.නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රහාරාත්මකව කටයුතු කිරීමට ඇති නොහැකියාව යළිත් වරක් පහදමින්,ලකුණු නොලබාම පරාජය උරුම කර ගත්තේය.ඒ අනුවත් සිය සම්ප්‍රදායික එදිරිවාදියා අසළ දී යළිත් ශ්‍රී ලංකාවට අනු සූරතාවයෙන් සෑහෙන්නට සිදු විය.
අලුත් ගමණක සිහින මතු කරමින්,ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය ක්‍රියාත්මක වන මොහොතක ඒ සදහා ජීවය දෙන්නට එක් වී සිටින අලුත් චරිත වන කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු පිරිසකගේ ඇස වසමින් නෙලංක වැනි දක්ෂ ක්‍රීඩක චරිත කප්පාදු කිරීමට දරණ වෑයමත්,නෙලංක ඉවත් කළ ක්ලැසික් තරගාවලියේ දී විනිසුරු තීරණයට විරෝධය පා සිය කණ්ඩායම තරගයෙන් ඉවත් තර ගත් පුද්ගලයෙක් විනයානුකූල ක්‍රියාමාර්ගයකට නතු නොකර ගනිමින් තරගාවලියේ පුහුණුකරු ලෙස පත් කිරීමත් ගැන කාලිංග ඇතුළු පිරිසගේ අවධානය යොමු වීම සහ ඒ වෙනුවෙන් තීන්දුවක් ගැනීම, ලාංකේය බේස්බෝලයේ ඉදිරියේ යහපත පිලිබද තීරණය කරනු ඇතැයි යන්න අපේ විශ්වාසය යි.
තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගන්නට ඇෆ්ගනිස්තානයට හැකි වු අතර ඔවුන් නේපාලයට එරෙහිව ලකුණු 3 ක් ලැබූවත් නේපාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2 ක් පමණයි.
www.supirikrida.com