![](https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-prn1/601555_556918591065703_1373961473_n.jpg)
නීතිඥ කණ්ඩායමේ ඉණිම අයහපත් කාලගුණය විසින් තවත් කෙටි කළ අතර ඒ අනුව නීතිඥ කණ්ඩායමේ ඉලක්කය,පන්දු ඕවර් 24 දී ලකුණු 130 ක් බවට පත් විය.සිව්වන නීතිඥ ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වූ යොහාන් ජිනසේන සමර්සෙට් කණ්ඩායම ලකුණු 137 ට සීමා කිරීම වෙනුවෙන් ලකුණු 30 ට කඩුලු 5 ක් ලැබූ අතර ජිනසේන ඇගයීමට තරගාවලියේදී ශතකයක් ලැබූ ප්‍රියන්ත රාජපක්ෂ ලකුණු හඹා යමේදී යලිත් කැපී පෙනෙමින් නොදැවී ලකුණු 72 ක් ලැබීය.එම ලකුණු 72 සමග එර්සාන් ආරියරත්නම් එක් කළ ලකුණු 35 ත් සමග නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට කඩුළු පහක ජයක් ලබන්නට හැකි විය.
එලැඹෙන 16 වන දා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම ආදි තර්ස්ටන් කණ්ඩායම සමග එන්සීසී ක්‍රීඩා පිටියේදී අවසන් තරගයට පිවිසෙන අතර ශ්‍රී ලංකා නිතිඥ ක්‍රිකට් කණ්ඩායමක් දේශිය ක්‍රිකට් පිටියේ පැමිණි ඉහළම ස්ථානය මේ අවස්ථාව වන අතර ඒ සදහා නායකත්වය දෙමින් දායක වන්නට අසේල පටබැදි සමත් වූ අතර ඒ සදහා මග පෙන්වූ පුහුණුකරු ලෙස ප්‍රවීන මාධ්‍යවේදී සහ ක්‍රිකට් පුහුණුකරු රන්ජන් පරණවිතානගේ නම ද ඉතිහාසයට එක් වනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment