දෙසැම්බර් 9 වන දා සිට 13 දා දක්වා පස්වරුව,සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටිය,ජාතික බොක්සිං සූරයන්ගේ දක්ෂතා වලට වෙන් වන අතර ඉකුත් වසරේ, වසරේ දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටි බොක්සිං ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව නිර්ණය කිරීමේ දී අනූෂා කොඩිතුවක්කුට හිමි වූ සම්මානය දිනා ගැනීමට මෙවර විශාල තරගකාරීත්වයක් ඇති වී තිබෙන බව දැකිය හැකිය.
වසරේ අවසානම බොක්සිං තරගාවලිය මෙන්ම වසරේ හොදම කාන්තා සහ පිරිමි බොක්සිං කණ්ඩායම නිර්ණය කිරීමට පාදක වන දත්ත සැපිරෙන අවසාන මොහොතද මෙම තරගාවලිය ආශ්‍රිතව යෙදී ඇති බැවින් ත්‍රිවිධ හමුදා කණ්ඩායම්,පොලිසිය මෙන්ම මාස් ආයතනය ආශ්‍රිත කණ්ඩායම් ද මෙම තරගාවලිය සම්බන්ධයෙන් සිය සියළු ශක්තීන් වැය කිරීමට බලා සිටිති.
www.supirikrida.com
No comments:
Post a Comment