ඒ ජයග්‍රහණය පිටුපස සැප සහිත සංචාරයක් තෝරා ගැනීම වෙනුවට ආසියාව ජය ගැනීමට අවශ්‍යය වෙනස් තරග රටාවක් නිර්මාණය කළ හැකි වේගවත් සහ ශක්තියෙන් යුත් දරා ගැනීමේ ශක්තියෙන් හෙබි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට තිලකා ජිනදාස ගත් තීරණය ආසියාව එවැනි ක්‍රීඩා රටාවකට කෙතරම් ආගන්තුක ද යන්න පිළිබදව කල්පනා කිරීමට මෙම සිංගප්පූරු පරාජයම හේතුවක් කර ගැනීමට හැකියාව තිබෙනවා.කෙසේ වුව ද උගන්ඩාව ශ්‍රී ලංකාව සමග වන තරගය ද ජය ගන්නේ නම් මේ තරගාවලියේ තෙවන ස්ථානය සදහා තරග වැදීමට සුදුස්සන විය හැකියි.එසේම ඇමෙරිකාව ඉදිරියේ සිංගප්පුරු කණ්ඩායම පරාජය වුව හොත් සහ උගන්ඩාවට ශ්‍රී ලංකාව පරාජය කිරීමට හැකි වුවහොත් අවසාන තරගයට පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමග මුහුණ දීමේ අවස්ථාවද උගන්ඩාවට හිමි විය හැකියි.තරගාවලියේ පළමු තරගයට ගුවන් යානා ප්‍රමාදය ලෙස සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ උගන්ඩාව පැපුවා නිව්ගිනියා තරගයද ජය පරාජයෙන් තොරව නිමා කර මේ දක්වා අපරාජිත බව රැක ගෙන සිටිනවා.
මේ අතර අයර්ලන්තය පරාජය කරමින් ඊයේ දිනයේ ශ්‍රී ලංකාව තරගාවලියේ සිය දෙවන ජය වාර්තා කළා.එහි ලකුණු තත්ත්වය 65 - 49 ක් ලෙස දිස් වුණා.ඊයේ ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රය තර්ජනී ගේ සහය නැතිව තරග වැදීමේ අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩිකාවන්ට හැකි වීම අගය කළ යුතුයි.ඒ සමගම ශක්තිය සහ වේගයත් දරා ගැනීමේ ශක්තියත් මැනවින් වර්ධනය කළ හැකි ක්‍රීඩිකා සංයුතියක් නිර්මාණය කළ හැකි පුහුණුකාරියක සහ තර්ජනීගෙන් තොරව අභියෝග ජය ගැනීමේ හැකියාව අනාගත දැල් පන්දු දියුණුව සදහා අත්‍යවශ්‍යය සාධකයක් වන බවද,මේ තරග ජයග්‍රහණ හරහා මතු වෙමින් තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment