ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් බහුල මහේල ජයවර්ධනගේ සහය මෙම තරගාවලියේදී නොලැබෙන අතර නමුත් පසුගිය තරග වලදී ඉදිරියට පැමිණි තරුණ ක්‍රීඩකයන් අතර සිටින කුසල් ජනිත් කල්පනාකාරී වුවහොත් එය එතරම්ම ගැටළුවක් නොවනු ඇත.කල්පනාකාරීත්වය මෙන්ම වේගය මනාව පාලනය කර ගනිමින් සිටින ඩිල්ෂාන් මෙම තරගාවලියේදි කෙතරම් දුරට සාර්ථක වේද යන්න ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධකයක් වනු ඇති අතර කුමාර සංගක්කාරගේ දායකත්වය අතිශයින් වැදගත් වනු ඇත.ලසිත් මාලිංග මෙන්ම නිවන් කුලසේකර ද පන්දු යැවීමේ අංශයේදී වැදගත් භූමිකාවන් නිරූපනය කරනු ඇති අතර,සිය පළමු 20/20 තරගයේදී සාර්ථක වූ රමිත් රඹුක්වැල්ල අද ශරීර සෞඛ්‍ය මත තරග වැදීම හෝ නොවැදීම සිදු කරනු ඇති අතර ඔහු තරගයට සහභාගි නොවන්නේනම් සීක්ගේ ප්‍රසන්න එම ඉඩ වසා දැමීමට හැකි යහපත් මට්ටක සිටින්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment