කාන්තා තරග අංශයේ අඩු තරග සහභාගීත්වයක් පවතින අතර ඉදිරිපත් වු අයදුම්පත් 19 අතරින්ද ඇතැම් ක්‍රීඩිකාවන් තරගාවලිය නියෝජනය කරන බවක් පෙනෙන්නේ නැහැ.මේ තත්ත්වය යටතේ පැවති තරග කිහිපයෙන් එකකට මුහුණ දුන් උපුලි සමන්තිකා ඉන්දියාවේ ප්‍රබල ක්‍රීඩිකාවක් වන අරාති සාරා අතින් පරාජය වූ අතර නිතරග ජය ඔස්සේම අර්ධ අවසන් පූර්ව වටය තෙක් පිවිස සිටින අචිනි රත්නසිරි අද එම වටයේදී ඉන්දියාවේ මොහිතා සදෙව් මුණ ගැසීමට නියමිතයි.නිමා වූ වෙළද සේවා කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේදී සිය සොහොයුරිය වූ රුවිනි රත්නසිරි සමග එක් ව මැක්ලරන්ස් ආයතනය ඒ කාණ්ඩයේ සූරියන් කිරීමෙන් නොනැවති එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ද වූ අචිනි රත්නසිරි හොද මානසික මට්ටමක පසු වීම අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇයට වාසිදායක විය හැකියි.
www.supirikrida.com
No comments:
Post a Comment