හෙට දවසේද අචිනිට තවත් ඉන්දියානු ක්‍රීඩිකාවක වන සායිලි රයිනා මුණ ගැසෙන අතර ඇය මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වලට අදාළව අංක දෙකේ සිටින ක්‍රීඩිකාව වන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව 79 වැන්නිය වේ.ඒ නිසා අචිනිට අර්ධ අවසන් පූර්ව තරගය විශාල අභියෝගයක් වීම නොවැළක්විය හැකි කාරණයක් වනු ඇත.එහි පීඩනයට හෙට දවසේ ඇය උපුලි සමන්තිකා සමග එක්ව කාන්තා යුගල තරග අංශයේදී බංගලාදේශයේ බිස්ට් කාතුන් සහ රෙහානා පාර්වින් හමු වීමට නියමිතයි.එසේම මිශ්‍ර යුගල අංශයෙන් රෙහානා පාර්වින් සහ ලාල් චන්ද්‍ර පරායට පත් කළ උපුලි සහ තිලාන් පෙරේරා ද හෙට ඉන්දියාවේ තෘප්ති මුර්ගන්ඩේ සහ අබිජිත් නායිම්පාලී හමු වීමට නියමිතයි.
www.supirikrida.com
No comments:
Post a Comment