අචිනි, උපුලි සමග එක්ව යුගල තරගයට මුහුණ දුන් අයුරින් කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව තරගයටත් සහභාගි වුණා.එහිදී අචිනිගේ ගමන් මග අහුරා නැගී සිටි සායිලි රානේ ලකුණු 22 - 20 සහ 21 - 15 ක් ලෙස අචිනිව පරාජය කළා.මේ අතර දිනුක කරුණාරත්න අවසාන පූර්ව වටයට පිවිසෙන්නට දැරූ වෑයම ව්‍යර්ථ කරන්නට ඉන්දුනීසියාවේ දර්මා අල්රි ගුනා සමත් වූ අතර එහිදී තරගයේ පළමු වටය 21 - 6 ක් ලෙස දිනුක පහසුවෙන් ජය ගත් අතර නමුත් ඉදිරි වට දෙකම ධර්මා ලකුණු 21 - 19 ලෙස ජය ගනිමින් දිනුකගේ ගමන් මග වෙනස් කරන්නට සමත් වුණා.
මේ අතර තෘප්ති මුර්ගන්ඩේ සහ අබ්ජිත් නායිම්පල්ලි උපුලි සමන්තිකා සහ තිලාන් පෙරේරා 21 - 15 සහ 21 - 12 ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාවට මිශ්‍ර යුගල තරග අංශයෙන් ඉදිරියට යෑමට තිබූ අවස්ථාවද අහිමි කළා.
www.supirikrida.com
No comments:
Post a Comment