චරිත් ජයම්පති |
පිළිතුරු ඉණිමට පිවිසි එන්සීසි කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරාම සාර්ථකව සිටි නිරෝෂන් දික්වැල්ල අසාර්ථක කරමින් ඇරඹි චරිත් ජයම්පති ගේ පන්දු යැවීමේ වික්‍රමය හමුවේ එන්සීසී ක්‍රීඩකයන් සිව් දෙනෙක්ටම නැවත ක්‍රීඩාගාරය බලා හැරී යාමට වුණා.තරගය නිමා වන විට ලකුණු 49 ට කඩුලු 4 ක් ලබා සිටි ජයම්පති එන්සිසි ලකුණු පූවරුව ලකුණු 44 ක් වන විට කඩුලු ප්‍රමාණය 3 ක් බවට පෙරළන්නට සමත් වුණා.මෙසේ එන්සීසි කඩුලු බිද වැටෙද්දී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් බිහි වූ සිය පළමු පළමු පෙළ තරගාවලියට එක් වුණු ලහිරු උදාර එන්සීසී ඉණිම ගොඩ ගන්නට විශාල වෙහෙසක් දරමින් පන්දු 66 දී ලකුණු 42 ක් ලබා ගත්තා.මෙම වගකීම් පෙරදැරි ඉණිම හේතුවෙන් වඩා විශ්වසනීය ලෙස ප්‍රහාර සදහා යොමු වෙමින් අගනා අර්ධ ශතකයක් (55) ලබන්නට ජෙහාන් මුබාරක් සමත් වුණා.නමුත් කඩුලු අතර දිවීමේදී දක්වන දුරුවලතාවය මත මුබාරක් දුවද්දී දැවී ගිය අතර පසුව පැමිණි ෆර්විස් මහරූෆ් සහ ලහිරු මධුශංක යම් උත්සාහයක් දැරුවද එය එස්එස්සී ජය වැළක්වීමට ප්‍රමාණවත් නොවුණු අතර තරගයේ 46 වන ඕවරයේ පළමු පන්දුවේදි එන්සීසී ඉණිම ලකුණු 224 ට නිමාවට පත් වුණා.
තරගයේ ලකුණු විස්තරයට පිවිසීම සදහා පහත සබදතාවය තෙරපන්න
http://www.espncricinfo.com/premier-limited-over-tournament-2013-14/engine/match/687891.html
www.supirikrida.com
No comments:
Post a Comment