ජයග්‍රහණය සදහා හේතු වූ ශක්තිමත් ඇරඹුම |
පකිස්තානය වෙනුවෙන් යළිත් ලකුණු අතරට පැමිණි මොහොමඩ් හෆීස් ලකුණු 41 ක් ලැබූ අතර ප්‍රහාරාත්මක ඉණිමක් ක්‍රීඩා කළ අන්වර් අලී නොදැවී ලකුණු 41 ක් රැස් කළේ පන්දු 38 ක් පමණක් වැය කරමින්ය.වැඩිම ලකුණු ලාභියා වූ නායක මිස්බා උල්හක් ලකුණු 51 ක් රැස් කළ අතර පන්දු යැවීමෙන් ලකුණු 57 ට ලසිත් මාලිංග කඩුලු 4 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් කඩුලු 3 ක් ලබා ගැනීම සදහා ලබා දුන් ලකුණු සංඛ්‍යාව 42 කි.නායක ඇන්ජලෝ මැතිව්ස් සිය පන්දු ඕවර් 10 පකිස්තානු පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම අතිශයින් දුෂ්කර කාර්යයක් කරමින් අවසන් කළේ ලකුණු 26 ක් ලබා දෙමින් එක් කඩුල්ලක්ද කබා ගනිමින්ය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉතා හොද ආරම්භයක් ලබා ගත් අතර කුසල් ජනිත් (47) සහ ඩිල්ෂාන් (45) පන්දු ඕවර් 12.2 ක් තුළ ලකුණු 75 ක සබදතාවයක් පැවත්වීමට සමත් වූහ.නමුත් ඉන් අනතුරුව කිසිවෙක් සාර්ථක වන බවක් නොපෙණුන අතර තරගය ක්‍රමයෙන් පකිස්තානයේ ග්‍රහණයට නතු වෙද්දී දිනේෂ් චන්දිමාල් හුදෙකලා අරගලයක නියැලිණ.නමුත් ලකුණු 195 ක් ව තිබියදී පිටියට පිවිස නව වන කඩුල්ල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සමග නොදැවුණු ලකුණු 40 ක සබදතාවයක් පැවත් වූ අජන්ත මෙණ්ඩිස් නොදැවී ලකුණු 19 ක් ලැබුවේ පන්දු 14 ක් තුළයි.චන්දිමාල් එක් හතරේ පහරක් සහ හයේ පහරක් පමණක් වැය කළද නොදැවී එක් කළ ලකුණු 64 වෙනුවෙන් අනවශ්‍යය ලෙස පන්දු වැය කිරීමක් නොකළ අතර ඔහු හොදින් ස්ථාන ගත කරමින් ලබා ගත් කෙටි ලකුණු හේතුවෙන් ලකුණු 64 සදහා වැය වුණේ පන්දු 70 ක් පමණි.
ශ්‍රී ලංකාවට තරගාවලියේ සිව්වන පරාජයත් ලබා දෙන්නට උත්සාහ ගත පකිස්තානු පන්දු යවන්නන් අතරින් ප්‍රබලම පීඩනය එල්ල කළ ජුනයිඩ් ඛාන් 31 කඩුලු 3 ක් දවා ගත් අතර සයීඩ් අජ්මාල් ලකුණු 42 ට කඩුලු 2 ක් ලබා ගත්තේය.තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් තිබූ ජයක් නැවත ඒ දෙසට හැරවීම සදහා ප්‍රශස්ත පිතිකරණයක යෙදි දිනේෂ් චන්දිමාල් නම් කළ අතර තරගාවලියේ වීරයා වූ මොහොමඩ් හෆීස් ය.
තරගාවලියේ ලකුණු විස්තරයට පහත සබදතාවය මත තෙරපීමෙන් ප්‍රවේශ විය හැකිය.
http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/current/match/657645.html
www.supirikrida.com
No comments:
Post a Comment