![](https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1456798_10200449169026692_167966055_n.jpg)
ක්ලැසික් තරගාවලියේ කණ්ඩායමක අතිරේක ක්‍රීඩකයෙක් ලෙස හෝ යොදා නොගැනීමට තරම් දුර්වලයෙක් ලෙස පැත්තකට වීසි කර දැමූ නෙලංක ඉන් අනතුරුව පැවත්වෙන බටහිර ආසියානු තරගාවලියට සුදුසු වූයේ ඔහුගේ දක්ෂතාවයට වඩා ඊට එක් වන නිලධාරීන්ට සිය ගෞරවය රැක ගැනීමට හැකි අන්දමේ තරගයක් දීමට නෙලංක වැනි ක්‍රීඩකයෙක් අත්‍යවශ්‍යය වන නිසාය.ඔහු ද තමාගේ ජාතික කණ්ඩායමට ඇති වැදගත් කම පෙන්වා දෙමින් තරගාවලිය පුරා හොදින් ක්‍රීඩා කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ගණනක් ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවෙක් වන්නට ද අවස්ථාව උදා කර ගනිමින් රට වෙනුවෙන් සිය උපරිමය ලබා දෙමින් තරගාවලියේ වීරයා වන්නට සුදුසුකම් ලැබීය.
සමස්ත තරගාවලියේ පකිස්තානය ඉක්මවා යෑමට අවසාන තරගයේදී මෙවරත් ශ්‍රී ලංකාවට හැකි නොවූ නමුත් කණ්ඩායම ඉතා ඉහළ මට්ටමක අභියෝගයක් ලබා දෙමින් මනා පිටිය රැකීමක නියැලෙමින් පකිස්තානය ලකුණු 3 ට සීමා කරන්නට සමත් විය.නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රහාරාත්මකව කටයුතු කිරීමට ඇති නොහැකියාව යළිත් වරක් පහදමින්,ලකුණු නොලබාම පරාජය උරුම කර ගත්තේය.ඒ අනුවත් සිය සම්ප්‍රදායික එදිරිවාදියා අසළ දී යළිත් ශ්‍රී ලංකාවට අනු සූරතාවයෙන් සෑහෙන්නට සිදු විය.
අලුත් ගමණක සිහින මතු කරමින්,ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය ක්‍රියාත්මක වන මොහොතක ඒ සදහා ජීවය දෙන්නට එක් වී සිටින අලුත් චරිත වන කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු පිරිසකගේ ඇස වසමින් නෙලංක වැනි දක්ෂ ක්‍රීඩක චරිත කප්පාදු කිරීමට දරණ වෑයමත්,නෙලංක ඉවත් කළ ක්ලැසික් තරගාවලියේ දී විනිසුරු තීරණයට විරෝධය පා සිය කණ්ඩායම තරගයෙන් ඉවත් තර ගත් පුද්ගලයෙක් විනයානුකූල ක්‍රියාමාර්ගයකට නතු නොකර ගනිමින් තරගාවලියේ පුහුණුකරු ලෙස පත් කිරීමත් ගැන කාලිංග ඇතුළු පිරිසගේ අවධානය යොමු වීම සහ ඒ වෙනුවෙන් තීන්දුවක් ගැනීම, ලාංකේය බේස්බෝලයේ ඉදිරියේ යහපත පිලිබද තීරණය කරනු ඇතැයි යන්න අපේ විශ්වාසය යි.
තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගන්නට ඇෆ්ගනිස්තානයට හැකි වු අතර ඔවුන් නේපාලයට එරෙහිව ලකුණු 3 ක් ලැබූවත් නේපාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 2 ක් පමණයි.
www.supirikrida.com
No comments:
Post a Comment