![](https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn2/1461004_261687227316663_1397235745_n.jpg)
ලංකාවේ ඇතැම් ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකාරියන් ඇතැමෙක් ද,තර්ජනී පමණක් ජයග්‍රහණයට සෑහෙන බව පෙන්වා දෙක අවස්ථා අප කොතෙකුත් දැක ඇත.ඒ සැබෑවක් නොවන විශ්වාසය ක්‍රීඩිකාවන්ගේ සිත් තුළ පැල නොකළ යුතු අතර මේ තරගාවලිය පුරා යහපත් සෞඛ්‍යයකින් පසු නොවන ඇයව උගන්ඩාවට එරෙහිව තරගයේදිත් කාර්තු දෙකකට පමණක් යොදා ගැනීමෙන් සෑහෙන්නට සිදු විණ.කෙසේ වුව ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමටනම් ප්‍රතිවාදීන්ගේ දැල ආක්‍රමණය කිරීමට ශක්තිමත් සහ බුද්ධියෙන් කටයුතු කළ හැකි පෙර පෙළකින් සහ තම සීමාවට පැමිණෙන්නට නොහැකි වන සේ ප්‍රතිවාදීන් පාලනය කළ හැකි කායික සහ බුද්ධි ශක්තියක් ඇති ආරක්ෂක පෙළකින්ද ශ්‍රී ලංකා කණ්ඩායම පෝෂණය කිරීම අත්‍යවශ්‍යය කාරණයකි.
ඒ සදහා ක්‍රීඩිකාවන් අලුතින් ඉපිද හැදී වඩෙන තෙක් බලා නොසිට වර්ථමානය නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවන් ගේ කාය ශක්තිය සහ දරා ගැනීමේ ශක්තිය ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් කළ හැකි මට්ටමකට ගෙන ඒම සදහා මග පෙන්වීමට ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනය සැණෙකින් යොමු විය යුතුය.
www.supirikrida.com
No comments:
Post a Comment