කුසල් ජනිත් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට එකතු කළ ලකුණු සම්බන්ධය ලකුණු 100 ක් වූ අතර 12 වන ඕවරයේ අවසාන පන්දුවට ඩිල්ෂාන් දැවී යන විට ඔහු ඉදිරියේ පන්දු 33 කින් ගලා ආ ලකුණු 48 ක් සදහන්ව තිබුණා.කුසල් දුවද්දී දැවී ගියේ තරගයේ අවසාන පන්දුවට වූ අතර ඒ වන විට ඔහුගේ ලකුණු ලබා ගැනීම පන්දු 59 කින් ලැබුණු ලකුණු 84 ක් ලෙස සදහන් වුණා.සිය පළමු 20/20 තරගයේදීම පිතිකරු නාමාවලියේ උසස්වීමක් ලැබූ සීකුගේ ප්‍රසන්න පන්දු 8 ට මුහුණ දී ලකුණු 21 ක් ලබා ගත්තා.ඩිල්ෂාන්ගේ ඉවත්ව යාමෙන් පසු පිටියට එක් වූ සංගක්කාර,කුසල් සමග එක් ව වඩාත් පහසුවෙන් පහර දෙන්නට වුණා.14 වන ඕවරයේ අවසාන පන්දුවේදි ඇරඹි මෙම සබදතාවය අවසාන ඹ්වරයේ අවසාන පන්දුවට පැමිණෙද්දී පන්දු ඹ්වර් 5.1 ක් තුළ ලකුණු 78 ක් එක් කර තිබුණා.ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ සංගක්කාර පන්දු 21 තුළ ලකුණු 44 ක් ලබා නොදැවී සිටියා.
පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානය වෙනුවෙන් වගකීම උර මතට ගත් ආරම්භක පිතිකරු ෂාර්ජිල් ඛාන් පන්දු 25 ක් තුළ ලකුණු 50 ක් රැස් කළ අතර සහීඩ් අෆ්රිඩී පන්දු 13 දී ලකුණු 28 ක් ද,සොහේල් තන්වීර් පන්දු 26 දී ලකුණු 41 ක් ද ලබා ඛාන් ගේ උත්සාහය යහපත් ප්‍රතිපලයක් බවට පත් කරන්නට උත්සාහ දැරුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ රකින්නන් ඔවුන් පන්දු ඹ්වර් 19.2 දී ලකුණු 187 ට සීමා කළා.අපූරු ප්‍රහාරයක් දියත් කරමින් ශ්‍රී ලංකා ඉණිම පුරාම ජීව ගුණය රැද වූ කුසල් ජනිත් පෙරේරා තරගයේ වීරයා බවට පත් වෙද්දී පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත් සහීඩ් අෆ්රිඩී තරග දෙකේම දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගෙන තරගාවලියේ වීරයා ලෙස නම් කළා.
http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/match/657635.html සබදතාවය හරහා තරගයේ නිල ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.
No comments:
Post a Comment