පැවති පළමු 20/20 තරගයේදී කාසියේ වාසිය ලැබූ පකිස්තාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ට ලකුණු 145 ක් ලබා ගන්නට සමත් විය.මෑත කාලයේ දිගින් දිගටම සාර්ථක වූ ඩිල්ෂාන් ලකුණු 7 ට දැවී ගිය අතර,14 වන පන්දු ඕවරයේ සිව්වන කඩුල්ල ලෙස සංගක්කාර දැවී යන විට ලකුණු පූවරුවේ සටහන් වූයේ ලකුණු 84 ක් පමණි.අනතුරුව පිටියේ එක් වූ මැතිව්ස් සහ තිරිමාන්න දෙදෙනා පස්වන කඩුල්ලට ලකුණු 58 ක් පන්දු 34 ක් තුළ එක් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් අගනා ලකුණු 50 ක් රැස් කරන්නට යෙදිණ.
පිලිතුරු ඉණිමට පිවිසි පකිස්තානය වෙනුවෙන් දෙවන කඩුල්ලට නායක මොහොමඩ් හෆීස් සහ ෂාර්ජීල් ඛාන් එක්ව ලකුණු 57 ක සබදතාවයක් පැවත් වුව ද,15 වන ඕවරයේදී පකිස්තානයට පස්වන කඩුල්ලත් අහිමිව ගොස් තිබිණ.අනතුරුව පිටියට පිවිසි සහීඩ් අෆ්රිඩී සුපුරුදු අනුකම්පා විරහිත ප්‍රහාරයට පිවිසෙමින් නියමිත පන්දු ඕවර් 20 නිමා වීමට තවත් පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය පකිස්තානය ගෙන දුන්නේය.අේරිඩී පන්දු 20 කින් ලකුණු 39 ක් උදුරා ගෙන තිබුණේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගය.ඒ නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමි විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසය හැකි සබදතාවයය. http://www.espncricinfo.com/pakistan-v-sri-lanka-2013-14/engine/match/657633.html
www.supirikrida.com
No comments:
Post a Comment