වර්ථමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ් එළැඹෙන ජනවාරියේදී සිය තනතුරෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසනවා.ඊට හේතු ලෙස ඔවුන් දක්වා සිටින්නේ ෆෝර්ඩ් සිය පවුල සමග කාලය ගත කිරීමට අවශ්‍යය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දන්වා මෙසේ ඉවත්ව යාමට අවසර ලබා ගත් බවයි.ඉතා කෙටි කාලයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සේවයෙන් ඉවත්ව යන ෆෝර්ඩ් සේවයට පැමිණීමට පෙර මෙතරම්ම පවුල සමග බැදීමක් තිබුණේ නම් මෙහි සේවයට පැමිණියේ ඇයි ද යන්න ගැටළුවක් වෙනවා.එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් සමග එලැඹි ගිවිසුමක් නිසා ෆෝර්ඩ් මෙවැනි තීරණයක් ගන්නා බවට මීට පෙර පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව නිවැරදි පිළිතුරක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් දැන හැර යාම ස්ථීර කරමින් ෆෝර්ඩ් ගේ පවුලේ කතාව පෙරට ගෙන එන්නේ සංවේදී පරිසරයක් ඇති කිරිමට විය හැකියි.
ෆෝර්ඩ් ජාතික කණ්ඩායමක් අත හැර ප්‍රාන්ත කණ්ඩායමක් වෙත යන්නේ නම් ඊට වෘත්තීය වශයෙන් ඔහුට බලපාන යම් ගැටළුකාරී තත්ත්වයන් තිබිය හැකියි.මීට පෙර සිටි ට්‍රෙවර් බේලිස් ද ඉවත් ගොස් ටික කාලයකින් ක්‍රිකට් සදහා ලංකාවේ සිදු වන දේශපාලන ඇගිලි ගැසීම් ගැන ප්‍රකාශ කළා.ඇතැම් විට ෆෝර්ඩ් ද ඉදිරියේදි රට හැර යාමෙන් අනතුරුව එවැනි ප්‍රකාශයක් කිරීමට ඉඩ තිබෙනවා.කෙසේ හෝ ෆෝර්ඩ් ට වසරක තරම් අඩු කාලයකින් සිය දූ දරුවන් ගැන සිතා රට හැර යාමට සිත් වුණේ යැයි කියන කියමන සැකය උපදවන්නක් විනා විහ්වාසයට ගත හැකි කාරණයක් නොවන බව පැහැදිළියි.
www.supirikrida.com

No comments:
Post a Comment