මේ අතර බාලක උස පැනීමේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ සචින් එරංග මීටර් 2.01 උසක් පනිමින් තරගයේ පස්වන තැනට පත් වූ අතර සිය මූලික උස වූ මීටර් 1.85 හෝ ඉක්මවා යමට හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සීඑම්ජේපී ෆොන්සේකා අසමත් වූණා.
හංවැල්ල රාජසිංහ විද්‍යාලයම නියෝජනය කරමින් බාලිකා හෙල්ල වීසි කිරීමේ තරගයට සහභාගි වූ ඩීඑම්ඩීඒ දිසානායක මීටර් 35.14 ක දක්ෂතාවයක් දක්වමින් සිව්වන ස්ථානය දිනා ගත් අතර,බාලක යගුලිය වීසිකිරීමේ තරගයට සහභාගි වූ මලින්ද මධුශංක මීටර් 13.83 ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ පස්වන ස්ථානයට පත් වුණා.ඔහු වෙන්නප්පුව ශාන්ත රීටා විද්‍යාලයේ ක්‍රීඩකයෙක්.
කාන්තා මීටර් 3000 ඉසව්වේදීද ශ්‍රී ලංකාවට අත් වුණේ සිව්වන ස්ථානයයි.එහිදී කටුගස්තොට රාහුල ජාතික පාසලේ එම්ජීඩීඑස් අමරසූරිය සිව්වන ස්ථානයට පත් වුණා.මේ අතර මීටර් 100 පිරිම් මූලික තරග දෙකක් පැවති අතර එයින් පළමු තරගයට සහභාගි වූ සමිත් ලක්මාල් එම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා.ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනයට සුදුසුකම් ලැබ සමිත් එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සිය හොදම පෞද්ගලික කාලයට පැමිණි එකම ක්‍රීඩකයා වූවා.ඔහු රත්නපුර සීවලි මධ්‍ය මා විද්‍යාලය නියෝජනය කරන්නෙකි.ඔහුගේ දක්ෂතාවය මූලික තරගවලදී වාර්තා වූ කාලයන්ට අනුව හොදම කාලයන් පෙළගැස්මේ සිව්වන තැන තිබෙන අතර බොහෝ විට අවසාන තරගයේදි හොද කාලයක් වාර්තා කර පදක්කමකට යාම සදහා සමිත් ට අවකාශ තිබෙනවා.
මේ අතර බාලිකා මීටර් 100 මූලික තරග දෙක සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඉදිරිපත් වි සිටින අතර ඒ අතරින් පළමු මූලික තරගය නියෝජනය කළ,කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ආර්එම්ආර්කේ රත්නායක එහි ප්‍රථමයා වූයේ මූලික තරග දෙකම සළකා බලද්දී තෙවන තැන සිටිමින්.දෙවන මූලික තරගය නියෝජනය කළ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ මේධනි වික්‍රමනායක ද එහි තෙවන තැන දිනා ගනිමින් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා.
No comments:
Post a Comment