වර්ථමානයේ සිය ඉසව්වන් හී විශාල ප්‍රගතියක් පෙන්වන ක්‍රීඩිකාවන් දෙදෙනා බවට පත් වී සිටින නදීකා ලක්මාලි සහ ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි අවධානය යොමු නොවන බලධාරීන්ගේ අද දෑස් ඉදිරියේ යළත් අපූර්ව රංගනයක යෙදෙමින් ජාතික මලල ක්‍රීඩා සූරතාවලියට අදාළ නව වාර්තා දෙකක් පිහිටුවන්නට සමත් විය.දැනටත් හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාලාභිණිය මෙන්ම ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ ලෝක සූරතා මලල ක්‍රීඩා සූරතාවලියක අවසාන තරගයක් නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ලාංකිකයන් දෙදෙනාගෙන් කෙනෙකු වූ නදීකා මෙහිදී පිහිටුවනු ලැබූ නව ජාතික මලල ක්‍රීඩා සූරතාවලි වාර්තාව මීටර් 59.12 ක් විය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgu7usW1yvwo1Ch_fUM_xm-VgS-ac46CyWTVgk15CELBXbyLtHK2O6GnUcTqXplJwnmoIcgdQdFJZDdQIHH06zmGUIMgLl6Fhr7YZH2RrcUYn6i5TE8mOz7LxaZzhUOh35fjBxfHsvcRgs/s320/nimali+13-09-03.jpg)
ක්‍රීඩා බලධාරීන් සිතන හැටියට ක්‍රීඩකයන්ට පෞද්ගලික ජීවිත ගැන න්‍යාය පත්‍ර තිබිය නොහැකිය.ඔවුන්ට ලැබෙන පඩිය සම්පූර්ණයෙන් ක්‍රීඩාවට කැප කර රටට කීර්තිය ගෙන ඒම වෙනුවෙන් කැප කළ යුතුය.එවැනි සිතුවිල්ලකින් සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමාණවත් උදව් පදව් කරන අමාත්‍යංශයේ ඇතැම් ඇත්තෝ සිය තනතුරේ වගකීම ලෙස ක්‍රීඩකයන්ට උදව් කර දුන් තේ වතුර එක ගැන වුව ප්රශස්තියක් බලාපොරොත්තු වීමේ ඛේදවාචකයක් උදා වී තිබීම කණගාටුදායකය.ඒ තේ වතුර එකේ වර්නාව අත් හැරුනොත් ලෝකය දිනා පැමිණියද අතපසු වූ වචනයේ වාඩුව ලෙස බලධාරින් ඇහැක් ඇර ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව දෙස බලන්නේ නැත.වසර ගණනක සිට ක්‍රීඩාවට සහ පෞද්ගලික ජීවිතය අමතක කරමින් කැප වී සිටින නදීකා ලක්මාලි වැනි යුවතියකට සිය සොදුරු සිනහවට හානියක් විය හැකි යැයි සිතෙන, අනතුරකින් ඇයට අහිමි ව තිබෙන සිය කෘතිම දත වෙනුවෙන් වැය කරන්නට මුදලක් නැතිව දුක් විදින බව බලධාරීන් කිසිවෙක් නොදන්නේය.
නිමාලි ද,මීටර් 800 උළෙල වාර්තාව තැබුවේ එම ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළදී වාර්තා වූ හොදම කාලය වාර්තා කරමින්ය.එහි වාර්තාව දැනට හිමි ධම්මිකා මැණිකේ 1992 දී බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී එම වාර්තාව තැබුවේ විනාඩි 2:03.85 ක කාලයකින් වන අතර මෙවර ආසියානු ග්‍රොන්ප්‍රී රන් පදක්කම් දෙකක්ම දිනූ නිමාලි මෙහිදී සිය හොදම කාලය මෙන්ම ලංකාව තුළ වාර්තා වූ හොදම කාලයද ද මෙහිදි වාර්තා කළේ විනාඩි 2:04.32 ක කාලයක් වාර්තා කරමින්ය.එසේම ඇයට හොද තරගයක් ලාබ දුන් ගයන්තිකා තුෂාරි ද විනාඩි 2:04.91 ක කාලයක් වාර්තා කිරීමද කැපී පෙණින.
තවත් ආකාරයකින් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම සූරියවැව ප්‍රදේශයේ වන අතර නිමාලි ක්‍රීඩා නිලධාරියෙකු වන සුජිත් අබේසේකර යටතේ පුහුණුව ලබයි.දැනට ක්‍රීඩා අධ්යක්ෂ නියෝජ්‍ය ජෙනරාල් ලෙස කටයුතු කරන සජිත් ජයලාල් යටතේ පුහුණුව ලබන ගයන්තිකා තුෂාරිගේ ප්‍රථම පුහුණුකරු වන්නේ ද සුජිත්ය.
මෙම දක්ෂතාවය හෝ බලධාරීන්ගේ නිසි අවධානයට එක් කර මෙම ක්‍රීඩික දක්ෂතා අන්ධයා තොරණ බැලූ කතාවට සම නොවන අයුරෙන් වෙනු අතැයි අපි බලාපොරොත්තු වන්නේමු.
www.supirikrida.com
No comments:
Post a Comment