තෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොටට දිනා ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළවෙනවා.ඒ වෙනුවෙන් සාකච්ඡාවලට ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආසියාවේ ක්‍රීඩා ප්‍රධානින් සමග සමීප සම්බන්ධයක් ඇති ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රමුඛව කටයුතු කරන බව ක්‍රීඩා කේෂ්තුය සම්බන්ධ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.මීට පෙර හම්බන්තොටට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය දිනා ගැනීමට ගත් උත්සාහයේ දී හේමසිරි ප්‍රනාන්දු වැනි චරිත නිසියාකාරයෙන් යොදා නොගෙන කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණු අතර මේ වනවිට 2017 පැවත්වීමට නියමිත් මෙම තරගාවලිය වෙනුවෙන් සටන් වදින්නට සිටි මැලේසියාව සහ වියට්නාමය තරග බිමෙන් ඉවත් කළ හැකි මට්ටමට සිය ජාත්‍යන්තර මිත්‍රත්වය ප්‍රදර්ශනය කරමින් හේමසිරි කටයුතු කරමින් තිබෙන බව ද එම ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
මෙහි ප්‍රථම තරගාවලිය සිංගප්පූරුවේ පැවති අතර එහිදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගන්නට හැකි වුණා.දෙවන තරගාවලිය චීනයේ නැන්ජින් හී පැවත්වෙනවා.ඡායාරූපයේ දැක්වෙන්නේ ප්‍රථම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ඉදුනිල් හේරත් ය.
No comments:
Post a Comment