ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට පෙර සිය ක්‍රීඩා ඇදුමෙන් සැරසී සංචිත රැස්වීම් වලට සහභාගි වීම වෙනස් කරමින් වෙනම සාමාන්‍ය කළිසමෙන් සහ කමිසයකින් සැරසී පාවහන් පැළද සංචිත රැස්වීම් වලට සහභාගි වීමට මෙම පරිපාලනය කළ අණ මෙසේ කීමට හේතුව වී ඇත.එසේම කාන්තා ක්‍රීඩිකාවන්ට ද එවැනි ඇදුමක් නියම කිරීමට පියවර ගත්තේය. එම නිසා පුහුණුවීම් සැසි නිම කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉන් සුළු මොහොතකට පසුව සැහැල්ලු ඇදුමකින් සැරසී සංචිත රැස්වීම් වලට සහභාගි වීම වෙනුවට නියම කරන ලද ඇදුමෙන් රැස්වීම් වලට සහභාගි වන්නට සිදුවීමෙන් යම් දුෂ්කරතාවයකට මුහුණ දෙන්නට සිදු වූ බව ද පැවසේ.
හිටපු පරිපාලනයේ දිගුවක් ලෙස පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය හැරෙන්නට වෙනත් ජයග්‍රහණයක් ලබන්නට මෙම පරිපාලනය අපොහොසත් වූ බව ද,අමාත්‍යවරයා විසින් සොයා දුන් අනුග්‍රහයන් මත යැපෙනු විනා වෙනත් කිසිවක් කිරීමට පරිපාලනය අපොහොසත් වී ඇති බවත් එසේ අදහස් ප්‍රකාශ කරන්නන් පෙන්වා දෙයි.
මේ තත්ත්වය මත පවතින පරිපාලනයේ ඉහළ නිලධාරීන් අතර යම් මතවාදමය ගැටළු ඇති වී පවතින බවත්,එහි ඉහළ නිලධෘරින් කිහිප දෙනෙකු ක්‍රීඩා අමාත්‍යවරයා සමග සමීප සබදතා පවත්වමින් ක්‍රීඩාවේ ප්‍රබෝධයට හේතු නොවන ආකාරයෙන් කටයුතු කිරිමත් කේෂ්ත්‍රයේ විශාල ආන්දෝලනයකට ලක් වි තිබෙන ප්‍රසිද්ධ රහසක් වී ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment