හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම තරගයේදී ක්‍රීඩාංගණය ස්වභාවය අනුව කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඔවුන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම ආරම්භයේ සිටම ලකුණු ලබා ගැනීම සිදු කළේ ඉතා අසීරුවෙන්ය.එම තත්ත්වය තව දුරටත් දැඩි කළ ජැක් කලිස් ගේ පන්දු යැවීමේ ප්‍රවේශය සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 100 දක්වා යාමට හෝ අවස්ථාව ලබා නොදුන්නේය.ලකුණු 93 ට සීමා වූ සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු 4 ක් ම කලිස් ගේ ගිණුමට වැටුණේ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින්ය.
පිලිතුරු ඉණිමට ඉකුත් වසරේ හොදම 20/20 ක්‍රීඩකයා වූ රිචඩ් ලිවි සහ හසීම් අම්ලා ගේ ආරම්භය ජයග්‍රහණය දක්වා යාමට හොදින්ම ප්‍රමාණවත් විය.තරගාවලියේ සෙසු කණ්ඩායම් වලටත්අනතුරු ඇගවීමක් කළ ලිවි,13 වන පන්දු ඕවරයේ ජයග්‍රාහී ලකුණ සම්පූර්ණ වන විට පන්දු 44 දී ලකුණු 50 ක් ලබා නොදැවී සිටියේය.තරගයේ වීරයා ලෙස ජැක් කලිස් සම්මානනීය වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ සම්පූර්ණ ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය ය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533275.html
www.supirikrida.com
No comments:
Post a Comment