ලන්ඩන් ඔලිම්පික් උළෙල ආශ්‍රීතව ප්‍රවේශපත් අලෙවිය තව දුරටත් නීත්‍යාණුකූල නොවන මට්ටමෙන් ක්‍රියාත්මක වීම පිළිබදව සන්ඩේ ටයිම්ස් පුවත් පත කළ හෙළිදරව්වෙන් ඉනික්බිති ඔලිම්පික් උළෙලේ විධායක කමිටුව ඒ පිළිබදව සාකච්ඡා කරන්නට ඊයේ රාත්‍රයේ හදිසියේම රැස් වී තිබෙන බව වාර්තා වෙනවා.මෙහිදී ජනප්‍රිය ඉසව් ඇතුළත් වන දින වලට අදාළ ප්‍රවේශපත් ඉතා වැඩි මුදලකට අලෙවි වන බව සන්ඩේ ටයිමිස් පුවත්පත පෙන්වා දී ඇති අතර ඔවුන් උදාහරණයක් ලෙස පිරිමි මීටර් 100 ඉසව්ව පවතින දිනයේ ප්‍රවේශපත් වැඩි මුදලකට අලෙවි වීම උදාහරණ ලෙස පෙන්වා දී තිබෙනවා.
දැඩි නීති රීති වලට යටත්ව මෙම ප්‍රවේශපත් අලෙවිය විවිධ රටවල් වෙත පවරා ඇති නමුත් මේ වන විටත් එම ප්‍රවේශපත් අලෙවිය අයුතු ලෙස කළ බවට චෝදනා එල්ල වූ ඇතැම් නිලධාරීන් පවා වාර්තා වී තිබෙන නිසා මෙම තත්ත්වය වෙනස් කර ප්‍රවේශපත් අපේක්ෂාවෙන් සිටින්නන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද යන්න ඊයේ විධායක කමිටු රැස්වීමේ දී සාකච්ඡෘ වීමට නියමිතව තිබුණා.
www.supirikrida.com

No comments:
Post a Comment