කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකාව පන්දු ඕවර් 50 නිමා වන
විට ලකුණු 243 දක්වා රැගෙන යාමට කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් සිව්වන
කඩුල්ල වෙනුවෙන් රැස් කළ ලකුණු 110 ක සබදතාවය ඉවහල් විය.ලකුණු 90 ක් ව තිබියදී
පිටියේ එක් වූ මහේල සහ සංගක්කාර ගේ සබදතාවය නවතා දමමින් සොහීල් ටන්වීර්
විනසුරුවරයන්ගේ නොසැළකිල්ලද ප්‍රයෝජනයට ගනිමින් මහේල ගේ කඩුල්ල දවා ගත්තේ
නිපන්දුවකට ය.එවිට ලකුණු 200 ක් වූ ශ්‍රී ලංකා ඉණිමට මහේල ගේ දැවී යාමෙන් පසුව පන්දු
ඕවර් 6.2 ක් තුළ ලකුණු 43 ක් එක් වූ අතර
මහේල ගේ ලකුණු 40 සහ සංගක්කාරගේ ලකුනු 97 හැරෙන්නට වෙනත් කිසිදු විශාල
ඉණිමක් ශ්‍රී ලංකාව වෙතින දකින්නට නොලැබිණි.
පිළිතුරු ඉණිම එතරම් අසීරු ඉලක්කයක් ලෙස නොපෙනුන ද ශ්‍රී
ලංකා පන්දු යවන්නෝ පකිස්තානු පිතිකරුවන්ට නිදහසේ අත දිග හරින්නට අවසර ලබා නොදුන්න
හ.ප්‍රථම ඕවරයේදීම ලසිත් මාලිංග ක්‍රියාත්මක වූ අතර මොහොමඩ් හෆීස් පිටියෙන් ඉවත්
වූයේ ලකුණු නොලබාම ය.නමුත් අසාර් අලී සහ අසාද් සෆික් (25) දෙවන කඩුල්ලට ලකුණු 53
ක් ද,නායක මිස්බා උල්හක්( 57) සහ අසාර් අලී තෙවන කඩුල්ලට ලකුණු 113 ක් ද එක්
කරමින් පකිස්තානය සාරවත් ස්ථාවරයකට කැදවා ගෙන ආව ද තිසරගේ ක්ෂණික මැදිහත් වීමත්
සමග පකිස්තානු පසුපෙළ පිතිකරු ලකුණු ලබා ගැනීම දුරකථන අංක පෙළකට සමාන විය.විශිෂ්ඨ
පන්දු රැකීමකින් ලබා ගත දුවද්දී දැවී යාමක් ද පන්දු යැවීමෙන් ලකුණු 42 ට කඩුලු 4
ක් ද දවා ගනිමින් කැපී පෙණුනු තිසර තරගයේ වීරයා ද විය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට ප්‍රවේශ වීමට
ඇති සම්බන්ධතාවය ය.http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562442.html
www.supirikrida.com
No comments:
Post a Comment