ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ
දී ඊයේ ඇරඹි ප්‍රසිද්ධ පාසල් කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ බිහි වූ එකම තරග වාර්තාවට
හිමිකම් කියන්නට මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ ජානි ගයානා ද සිල්වා සමත් වුණා.ඇය
විසින් අවුරුදු 14 න් පහළ යගුලිය වීසි කිරීමේ තරගයේදී මෙම වාර්තාව පිහිටුවීමට සමත්
වූ අතර ඇය විසින් වාර්තා කරන ලද දුර ප්‍රමාණය මීටර් 8.93 ක් විය.
මීට පෙර මෙම වාර්තාව හිමිකර
ගෙන සිටියේ මෙවර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ කොළම
ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ අමන්ති ඕෂධී ද
සිල්වා ය.ඇය වාර්තා කර තිබූ දුර ප්‍රමාණය මීටර් 8.75 ක් විය.
No comments:
Post a Comment