තරගයේ පළමු වටයේ දී ගුවන් හමුදාව ලකුණු 25 / 20 කින් ජය
ගත් අතර දෙවන වටය ජය ගත්තේ ලකුණු 25 /19 කින් ය.තෙවන වටයේදී මාල දිවයින් කණ්ඩායම
මෙම තරගයේ ඉදිරියෙන් සිටිනු දක්නට ලැබුණ ද,යළිත් අත්දැකීම් සමග ලත් උපායශීලීත්වය
හමුවේ තරගයට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ තරගය ලකුණු 25 /22 ක් ලෙස ජය ගැනීමට
සමත් වූහ.නිවිතිගලට නුහුරු අත්දැකීමක් වූ ජාත්‍යන්තර වොලිබෝල් තරගය නරඹිමට විශාල
ජන සමූහයක් සහභාගි වීමේ අඩමානයක් පැවතියද තරගය සංවිධානය කිරීමට මැදිහත් වූ සබරගමු
පළාත් සභා මංත්‍රී සහ ජාතික වොලිබෝල් සම්මේලනයේ උප සභාපති කාංචන ජයරත්නයන් විසින්
කර තිබූ ආකර්ශණීය ප්‍රචාරය හේතුවෙන් නිවිතිගල මහජන ක්‍රීඩාංගණය පමණක් නොව ඒ අවට
ගොඩනැගිලි පවා තරග නරඹන්නන්ගෙන් පිරී ඉතිරී තිබිණ.
තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බලශක්ති නියෝජය අමාත්‍ය ප්‍රේමලාල්
ජයසේකර එක් වී සිටියේය.
No comments:
Post a Comment