නමුත් දෙවන අර්දයේදී තරගයට වඩා විශ්වාසයකින් පිවිසි ශ්‍රී
ලංකා ක්‍රීඩකයන් පකිස්තානය විශ්මයට පත් කරමින් ප්‍රබල සටනක් ලබා දුන් අතර එම වටයේ
ලකුණු තත්ත්වය අනුව (14 – 13) පකිස්තානයට ඉදිරියෙන් සිටීමට හැකි වූයේ එක ලකුණක්
පමණි.දැනට සිය ඛාණ්ඩයේ පකිස්තානයට පමණක් පිටු පසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද
ඇෆ්ගනිස්තානය හමුවේ තරග වැදීමට නියමිත අතර ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබූ තායිලන්තයට
ලකුණු 32 – 60 ලෙස පරාජය වී සිටින නිසා ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගෙන කාණ්ඩයේ දෙවන
ස්ථානයට පත් වීම අපහසුවක් නොවනු ඇතැයි සිතිය හැකිය.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සිය දෙවන පරාජයට ද
මුහුණ දුන් අතර තායිලන්තය හමුවේ ලකුණු 66 – 35 කින් පරාජය ලැබුවාය.අද ඔවුන්ගේ ප්‍රතිවාදීන්
වන්නේ එම කාණ්ඩයේ සිටින ප්‍රබලතම කණ්ඩායම වන ඉන්දියාවය.
No comments:
Post a Comment